පරිච්ඡේදය 8

461 111 16
                                    


මේකද ගෙදර ?

වොන්හො ඇහුවෙ තමන්ගෙ ඉදිරියේ තියෙන පුංචි ගෙදර දිහා බලන්.

ඔව් මාස්ටර්!
ජැක්සන් උත්තර දුන්නා

මිලියන ගානක් වටින ඉඩම් තියාගෙ පැල්පතක ඉන්නවා. මගෙ අන්කල් නම් මාර ඉන්ටෙරෙස්ටින්ග්!
වොන්වො මිමිණුවා. එයාගෙ අඳුරු පාටට හුරු තොල් අතරෙ සිගරට් එකක් රැඳවිලා තිබුණා.

එයාලා තවමත් හිටියෙ වාහනේ ඇතුලේ. කිම් හවුස් එකට ටිකක් එහාට වෙන්න ගේට් එකෙනුත් ටිකක් ඈතින් වෙන්න ඒ වාහනේ නවත්තලා තිබුණා.

මාස්ටර් අර ඉන්නෙ කිම් ජීයොන්ග්.

ගෙදරින් එලියට එන කෙනෙක් පෙන්නපු ජැක්සන් කිව්වෙ වොන්හො වගේම එයාගෙ ඩැඩ් දෙන්නම ඒ පෙන්නපු දිහා බලද්දි.

ටිකක්වත් වෙනස් වෙලා නෑ. පරණ දුර්වල පෙනුම එහෙමමයි.
වොන්හො ගෙ ඩෑඩ් කිව්වා.

ජීයොන්ග් හිටියෙ අහල පහළ ළමයින්ට තේහ්‍යුන්ග් රටින් ගෙනාපු චොකලට් බෙදන ගමන්. අනිවාරෙන්ම කාර් එකේ ඉඳන් ඒ දිහා බලන් හිටිය තුන් දෙනාට එතන කතාවෙන ඔක්කොම හොඳට ඇහෙන්න පේන්න තිබුණා.

එයාගෙ ජැකට් එක ඇතුළට අත දාපු වොන්හො ඒකෙන් එළියට ගත්තෙ කිණිස්සක්. එයාගෙ ආසම කිණිස්ස අතට ගන්න අනික් හැමවෙලාවකදිම වගේ ඒ මූණෙ කුරිරු හිනාවක් ඇඳිලා තිබුණා. එයාගෙ අන්කල්ගෙ අන්තිම හුස්ම ටික එයා අතින් යවන්න එයා තීරණය කරලා තිබුණ පාටක් ඒ මූණෙන් පෙනුනා.

තොල් අතර රැඳවිලා තිබුන සිගරට් එක ජනේලෙන් එළියට විසිකරපු වොන්හො වාහනෙන් බහින්න සූදානම් උනා. ඒත් එයා හිටිතැනම ගල් උනේ ලස්සන හිනා හඬක් ඇහෙනවත් එක්කම.

එයා ඔලුව උස්සලා එහෙමම ඉස්සරහ බැලුවා. එයාලගෙ වාහනේ ඉස්සරහ දේවදූතයෙක් වගේ පිරිමි ළමයෙක් බේබි පින්ක් බැගී ටී ෂර්ට් එකකට බ්ලූ ජීන් එකක් ඇඳන් එයාගෙ අන්කල් හිටිය පැත්තට යන දිහා එයා බලන් හිටියා.

ඒ ජීයොන්ගෙ පොඩි පුතා මාස්ටර්. එයා කිම් තේහ්‍යුන්ග් .. එයාත් ඔමේගා කෙනෙක්.

The Trueblood Where stories live. Discover now