පරිච්ඡේදය 13

614 124 62
                                    

තේහ්‍යුන්ග් එයාගෙ ජින් හ්‍යුන්ග් එක්ක ක්ලබ් එකේ එන්ට්‍රන්ස් එක ළඟ හිටගෙන හිටියා.

එයා ඇඳන් හිටිය රතුපාට සිල්ක් ෂර්ට් එකට කලු ජීන් එක මනාව ගැලපෙද්දි දිග එල්ලෙන කරාඹුව වගේම අලු පාට කොණ්ඩෙ තේහ්‍යුන්ග් ගෙ ලස්සන තවත් ඔපනැංවුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ඇඳන් හිටිය රතුපාට සිල්ක් ෂර්ට් එකට කලු ජීන් එක මනාව ගැලපෙද්දි දිග එල්ලෙන කරාඹුව වගේම අලු පාට කොණ්ඩෙ තේහ්‍යුන්ග් ගෙ ලස්සන තවත් ඔපනැංවුවා. 

හෙයි

එයාලට ඇහුනෙ නම්ජූන්ගෙ ප්‍රීතිමත් කටහඬ. ඇල්ෆා ක්ලබ් එකේ ආරක්ෂක අංශයට කියලා එයාලව ඇතුළට ගත්තා.

නම්ජූන් ජින්ව තදින් බදාගෙන ලිප්ස් පෙක් කරද්දි ජින්ගෙ කම්මුල් තද රෝස පැහැයට හැරෙනවා තේහ්‍යුන්ග් බලන් හිටියා. එයා හෙමීට කැස්සෙ එයාට අවධානය ලබාගන්න.

ඔයා මාව ගණන් ගන්නෙ නැද්ද හ්‍යුන්ග් ?

තේහ්‍යුන්ග් බොරුවට නහයෙන් අඬද්දි නම්ජූන් හිනාවෙලා එයාවත් බදාගත්තා.

ක්ලබ් එක ඇතුල සංගීතයෙන් පිරිලා තිබුණා වගේම සෙනඟින් අඩුවක් තිබුණෙත් නැහැ.

තේහ්‍යුන්ග් ක්ලබ් එක පුරාම ඇස් යැව්වා...  සමහර නටනවා. සමහරු බොනවා. හොඳයි මේක රාත්‍රිය ගතකරන්න හොඳ තැනක්.

කොහොම උනත් තේහ්‍යුන්ග් ගෙ ඇස් හෙව්වෙ එක පුද්ගලයෙක්ව. එයා නොසන්සුන්  වෙලා හිටියා.... ඒ වගේම උද්‍යෝගයෙන් හිටියා..

අද එයාලා මේ තරම් පරක්කු වෙන්නත් හේතුව විදියට කියන්න පුලුවන් එයා කණ්නාඩිය ඉස්සරහා ඕනාවටත් වඩා වෙලාවක් ගත්ත එක.  එයාට උවමනා උනා අද පුලුවන් තරම් ලස්සනට ඉන්න. අද රෑ එයා ටෲබ්ලඩ් ට එයාගෙ ඇත්තම හැඟීම් ගැන කියන්න යන්නෙ.

තේහ්‍යුන්ග් ට ඕනෙ උනා සෙනඟ අතරින් රිංගලා ගිහින් ටෲබ්ලඩ් ව හොයාගන්න. ඒත් ජින් තදින්ම එයාට අවවාද කරලා එක්කන් ආපු නිසාම තේහ්‍යුන්ග් ට සිද්ධ උනා පැත්තක වෙලා ඉන්න.

The Trueblood Where stories live. Discover now