පරිච්ඡේදය 4

598 122 85
                                    

Happy Birthday To You  ~~~~~

හැමෝම එක හඬින් ගායනා කරද්දි ජින් කේක් එකේ දැල්වෙමින් තිබුණ ඉටිපන්දම් නිවලා දැම්මා. ඒත් එක්කම හෝල් එක පුරාම අත්පොලසන් නාදය රැව් දුන්නා.

ඒක පුංචි පාර්ටි එකක් හැමෝම සතුටෙන් ඉඳපු !

මිස්ටර් කිම් එයාගෙ අසල්වැසි යාලුවො එක්ක විනෝද වෙද්දි තව පැත්තක නම්ජූන් ජින් එක්ක ආදරණීය මොහොතක් ගතකරමින් හිටියා ඒ වගේම එයාලගේ යාලුවොත් හොඳට විනෝද උනා.

මේ අතරේ තේහ්‍යුන්ග් හිටියෙ ගොඩක් සතුටෙන්. එයාගෙ පුංචි පවුලත් එක්ක කාලෙකට පස්සෙ මේ විදියට එකතු වෙන්න ලැබුණ එක එයාගෙ මුලු හිතම සතුටෙන් පුරවලා තිබුණා. ඒ වගේම එයා මුලු කාලෙ පුරාවටම ජිමින් එක්ක එයාලගෙ පොඩි කාලෙ මතක ගැන කතා කලා.

අනෙක් අතට ජන්කුක් පාර්ටි එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා සෝෆා එකේ ඉඳගෙන ෆෝන් එකට ඇස් අලෝගෙන හිටියා. එයාගෙ ඔලුවෙ වැඩ කලේ නමක් ගමක් දන්නැති සුදු ඇඳන් හිටිය කෙනා හොයාගන්න එක විතරයි.

ඔයා අපිත් එක්ක කතා කරනවද නැද්ද ?

ජන්කුක් දිහා බලන් හිටිය යුන්ගි අන්තිමේ කතා කලා. ඒත් ඇත්තටම සිද්ධ වුනේ යුන්ගිත් සිහියක් නැතුව ජිමින් දිහා බලන් හිටිය එක.

මම හිතුවෙ ඔයා බිසී කියලා හ්‍යුන්ග් ...

ඔව් ඒත් මං හිතන්නෙ එයාට මාව අහුවුනා. එයා දැක්කා මං බලන් ඉන්නවා. එයා මටද දන්නෑ දැන් හිනාවෙනවා.

යුන්ගි කතා කලේ බලාපොරොත්තු කඩවෙලා.

ඒ දෙන්නා දැන් පැය ගානක් තිස්සේ හිනාවෙනවා හ්‍යුන්ග් . ඔයා ඔච්චරටම එයාට වශී වෙලානම් ගිහින් එයා එක්ක කතා කරන්න.
ජන්කුක් කිව්වෙ කිසිම හැඟීමක් නෑ වගේ.

ඒක එච්චර හොඳ අදහසක් නෙමෙයි.

හෙමීට මුමුණපු යුන්ගි ආයෙත් හිනාවෙමින් ඉන්න යාලුවො දෙන්න දිහා බැලුවා.

The Trueblood Where stories live. Discover now