පරිච්ඡේදය 10

492 127 37
                                    

එයාලා පුලුවන් ඉක්මනින් පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක පැත්තට දිව්වත් එක්කම දකින්න ලැබුනේ ඇල්ෆාලා සහ බීටාවන් රංචුවකට මැදිවෙලා ඉන්න තේහ්‍යුන්ග්වත් ජිමින්වත්.

ඇල්ෆා කෙනෙක් තේහ්‍යුන්ග් ගෙ අත් වලින් තදින් අල්ලන් හිටියා. එයා ඔමේගගේ බෙල්ලට බරවෙලා හිටියෙ ඔමේගගේ සුවඳ තදින් විඳගන්න වගේ. තේහ්‍යුන්ග් ඒ අත් අතරින් ගැලවෙන්න දඟලමින් ඉද්දි තවත් දෙන්නෙක් ජිමින්ව ගහකට හිරකරලා අල්ලන් හිටියෙ තේහ්‍යුන්ග්ට ලංවෙන්න බැරිවෙන විදියට.

ජන්කුක් හිටියේ මේ සිදුවීම වෙන තැනට ටිකක් ඈතින් ඒත් ජන්කුක්ට තමන්ගෙ පාලනය නැතිවෙන්න ඒ දර්ශනයම විතරක් ප්‍රමාණවත් උනා.

අපිරිසිදු ඇල්ෆා කෙනෙක් තේහ්‍යුන්ග් අල්ලන් ඉන්නවා දකිද්දි ජන්කුක්ගෙ වෘකයා තරහෙන් කේන්තියෙන් පාලනය අතට ගන්න ලෑස්ති වෙනවා ජන්කුක්ට දැනුනා. එයාට බැහැ පාලනය නැති කරගන්න. එයාට බැහැ එයා ඇතුලේ ඉන්න රාක්ෂයා අවදි කරගන්න මේ වගේ දෙයක් නිසා..

ජිමින්ව අල්ලන් හිටපු ඇල්ෆාවන් ලේසියෙන්ම යටත් කරගන්න ‍යුන්ගිට පුලුවන් උනා.

ඒත් ඒකෙන් උනේ තේහ්‍යුන්ග්ට කරදර කරමින් හිටපු ඇල්ෆාවන් ක්‍රියාත්මක වුන එක. එක ඇල්ෆා කෙනෙක් තේහ්‍යුන්ග්ව පිටුපස හරවලා තදින් අල්ලගත්තේ පළිහක් විදියට පාවිච්චි කරන්න බලන්.

ඉස්සරහට එක අඩියක් තිබ්බොත් මේකගෙ බෙල්ල කඩනවා.

ඔහු තර්ජනය කලේ තමන්ගෙ පිටිපස්සෙ ජිමින්ව හංගන් ඉන්න යුන්ගි දිහා බලන්.

තේහ්‍යුන්ග් දිගටම පොරබඳින්න උත්සහ කලේ ඒ දිහා යුන්ගිත් ජිමිනුත් ගල්වෙලා බලන් ඉද්දි. එයාලා බය උනා ලංවෙන්න. මොකද දැනටමත් ඇල්ෆාගෙ දිග නියපොතු තේහ්‍යුන්ග් ගෙ බෙල්ලට කිඳාබැහැලා ඒ අතරින් ලේ ගලමින් තිබුණ නිසා.

ජන්කුක්ට මේ හැමදේම රතුපාටින් පේන්න ගත්තා. තේහ්‍යුන්ග් හුස්ම අල්ලන්න දඟලමින් වෙව්ලනවා දකිද්දි ජන්කුක් ගෙ හුස්ම ටිකෙන් ටික වේගවත් උනා. එයාගෙ ඇස් ටිකෙන් ටික රතු පැහැයට හැරුණා.

එයාව අතාරිනවා !!!!!!

ජන්කුක්ගෙ රළු හඬ හැමෝගෙම අවධානය දිනාගත්තා.

The Trueblood Where stories live. Discover now