පරිච්ඡේදය 14

577 142 71
                                    

තේහ්‍යුන්ග් සෝෆා එකේ කොණක් තදින් මිරිකගත්තෙ ඩාන්සින්ග් ෆ්ලෝ එක දිහා බලාගෙන.

ටෲබ්ලඩ් වටේම ඔම්ගා කෙල්ලො සෑහෙන්න රැඳුනා. ජන්කුක්ගෙ මූණෙ ඇඳිලා තියන හිනාව තේහ්‍යුන්ග් ව පිස්සු වැට්ටුවෙ ඒ හිනාව එයා වෙනුවෙන් නොවෙන නිසා.

ජන්කුක්ගෙ අත් ජේන්ගෙ හීනි ඉනේ රැදිලා තියෙද්දි එයාලා තාලෙට පැද්දුනා. ජේන්ගෙ කෙට්ටු අත් ජන්කුක්ගෙ පපුව පුර කෝට් එකට උඩින් ටච් කරද්දි තේහ්‍යුන්ග් තොලකුත් හපාගත්තා.

එයාලගෙ මූණේ එකිනෙකට ගොඩක් ළඟින් තිබුණේ තේහ්‍යුන්ග් ගෙ ලේ රත් කරලා.

ටේ ඔයා හොඳින්ද ?

ජිමින් ඇහුවෙ තේහ්‍යුන්ග් ගෙ දරදඬු වෙලා තිබුණ අතකින් අල්ලන ගමන්.

හහ් ! මං හොඳටම හොඳින්.

තේහ්‍යුන්ග් කිව්වෙ දත්මිටි කන ගමන්. එයාගෙ ඇස් තාමත් රැඳිලා තිබුණෙ ටෲබ්ලඩ් දිහාවට.

තේහ්‍යුන්ග් ජිමින් එක්ක vip ඒරියා එකේ ඉඳගෙන හිටියා. එතනට හොඳින් ඩාන්ස් ෆ්ලෝ එක පෙනුනා.

ජින් නම්ජූන් එක්ක පැත්ත රොමෑන්ටික් ඩාන්ස් එකක හිටියා. ජිමිනුත් මේ තරම් වෙලා යුන්ගිත් එක්ක ඩාන්ස් කලත් තමන්ගෙ හොඳම යාලුවා සෝෆා එකක කොණකට වෙලා තරහෙන් පිපිරි පිපිරි ඉන්නවා දකිද්දි එයාට තවදුරටත් විනෝද වෙන්න බැරිඋනා.

ඔයා දන්නවනෙ ඒක ඔයාගෙ වැරැද්ද. ඔයා ඕක කලින් කිව්වානම් ඉවරයිනෙ. එහෙනම් එයාට මේට් කතන්දරේ එපා වෙන්නෑනෙ.

ජිමින් කිව්වෙ තේහ්‍යුන්ග් මරන්න තරම් තරහෙන් ජේන් දිහා බලන් ඉන්න දිහා බලාගෙන.

තේහ්‍යුන්ග් රවලා ජිමින් දිහා බැලුවා.

එපා වෙන්න ! එයාට මාව හම්බවෙන්න පුදුම පිස්සුවක් තිබ්බෙ. ඒත් දැන් බලන්නකො කොහෙවත් ඉන්න ස්ලට් කෙනෙක් ඇඟේ එල්ලිලා ඉද්දි ගානක්වත් නැතුව ඉන්න හැටි. එයාට මාව ඕනෙ උනේ ටයිම් පාස් කරන්න.

ජිමින් ට කටට ගත්තු බීම ටිකත් හිරවෙන්න ආවෙ තේහ්‍යුන්ග් කියන දේවල් අහන් ඉඳලා.

සීරියස්ලි ටේ ? ඔයා එයාටම වැරැද්ද පටවන්නෙ. එයා අඩුම ඒ ඔයා කියලාවත් දැනන් හිටියෙ නැ..

The Trueblood Where stories live. Discover now