1 🍭

1.6K 159 27
                                    

ඉතින් අදත් වෙනදා වගේම සෝල් නැශනල් යුනිවර්සිටි එකේ කලබලකාරී උදෑසනක්. තමන්ගෙ ලෙක්චර් එකට කලබලෙන් දුවන ළමයි වගේම තැන් තැන්වල රංචු ගැහිලා කයිය ගහන ලමයි, තමන්ගෙ හිත ගත්ත අහංකාර කොල්ලා එනකන් මග බලන ගැහැනු ළමයි, ලස්සනම කෙල්ලො එනකන් මග බලන පිරිමි ළමයි , තමන්ගෙ ආදරේ එනකන් පාර බලන් ඉන්න ළමයි අතරින් ලා තඹ පාට කොන්ඩයක් තියෙන එච්චරම උසත් නැති හුරතල් පුංචි කොල්ලෙක් සතුටෙන් පැද්දි පැද්දි ස්ටාෆ් රූම් පැත්තට මේ යන්නෙ එයාගෙ හිත ගත්ත එයාගෙ කැමතිම මහාචාර්යවරයා දුන්න අසයිමන්ට් එක බාර දෙන්න. එයාට අසයිමන්ට් එක මහාචාර්යතුමා ලෙක්චර් හෝල් එකට ආවම බාරදෙන්න පුලුවන් උනත් එයා මේ තකහනියක් දුවන්නෙ එයාගෙ පූසෙක් වගේ හුරතල් ඒ උනාට සෙක්සි මහාචාර්යවරයා එක්ක පොඩ්ඩක් හුරතල් වෙලා එන්න. වැඩිමනත්ම එයා යන්නෙ මේ ටිකේම එයාගෙ මහාචාර්යවරයාගෙ මැලවිලා ගියපු මූඩ් එක හින්දා එයාට හැදුන හිතේ අමාරුව හොද කර ගන්න ඕනෙත් නිසා.

උඩ පැන පැන වගේ ගියපු හුරුබුහුටි කොල්ලා මහාචාර්යවරයා ගෙ කැබින් එකේ වීදුරු දොරට අත් දෙකම තියලා පොඩ්ඩක් ඇතුලට එබිලා බැලුවෙ එයාගෙ පූශ් ඇතුලෙ ඉන්නවද කියල. ඇතුලෙ ඉදන් පොතකට බර උන් ඇස් එක්ක ඉන්න එයාගෙ මහාචාර්යවරයා දැක්කට පස්සෙ එයා සංවර වැදගත් තැන්පත් ළමයෙක් වගේ දොරට තට්ටුවක් දැම්මා.

"ක්නොක් ක්නොක්..."

"ඇතුලට එන්න."

" ගුඩ්මොර්නින්ග් ප්‍රොෆෙසර්. මෙන්න අසයිමන්ට් එක." කියාගෙනම ඇතුලට ගියපු එයා කැබින් එකේ තිබුන මේසෙ උඩට එයාගෙ බෑග් එක එක්කම අසයිමන්ට් එක විසිකරලා එතනම එහා පැත්තෙ තිබුන සෝෆා එක උඩට ඩොක් ගාලා තාරාවෙක් වගෙ පැනලා කකුල් දෙකත් උඩ තියන් ෆෝන් එක ඔබන්න ගත්තා.

මන් ඔයාලට කිව්වා ද එයා සංවර පිලිවෙල ළමයෙක් කියල. නෑනේද.. එයා එහෙම නෑ..😌

" ඔයාට මෙහෙම හැසිරෙන්න බැ ඇත්තටම පොඩි එකෝ. මේක යුනිවර්සිටි එක."

" හ්‍යුන්..........ඒ උනාට ඔයා මගේ නේ. අනික ඉතින් කවුරුත් එන්නෙ නෑනෙ. "

අසරන වයසක මහාචාර්යවරයා කියන කිසි දෙයක් කනකට නොගන්න කොල්ලා තාමත් ඉන්නෙ සෝෆාවට වැටුන විදිහටම ඇස් පියාගෙන.

"හ්‍යුන් ඒක නෙමෙ..ඔයා අද අපිට ඒ ටෙස්ට් එක දෙනවද...."

"ජිමිනා මට කියන්නෙපා ඔයා ඊයෙ රෑ මගෙ ඔෆිස් එකට ගියා කියල."

"මට සමාවෙන්න යුන්ගියා. ඔයා දන්නවනෙ මම හීනෙන් ඇවිදිනවා කියල."

"ආශ්ශ්ශ් පාර්ක් ජිමින්..මට හිතාගන්න බෑ තමුන් කොහොමද මගෙ වයිෆ් ගෙ මල්ලි උනේ කියල."
යුන්ගි ඔලුව මේසෙට ගහගත්තා.

"තරහා ගන්නෙපා පූශ්..ඔයා දැනටමත් ගොඩක් වයසයි. ඒවගෙම දන්නවද..ඔයා නං කිසිම කමකට නැති මහාචාර්යවරයෙක්. මොන මහාචාර්යවරයා ද තමන්ගෙ ළමයින්ට කලින් නොකියා ස්පොට් ටෙස්ට් තියන්නෙ. මං වගෙ හැමෝම දක්ශ නෑ හ්‍යුන්.."
කියාගෙනම ජිමින් සෝෆාවෙන් නැගිට්ටෙ ලෙක්චර් හෝල් එකට එන්න කියල ටේහ්‍යුන් ගෙන් මැසේජ් එක ආවට පස්සෙ.

" හැමදාම වීක් රෑන්ක් ලිස්ට් එකේ ඉන්න ඔයා ගැන මට කියන්න එපා ජිමින්. අද එකේ උත්තර පන්තිය වටේටම යවලා තිබ්බොත් මතක තියා ගන්න ඔයා අද තමා හන්ජිගෙන් කෑම කන අන්තිම දවස කියල."

"ඔයාට මං ගැන අගයක් නැ මිස්ටර් ප්‍රොෆෙසර්. පොරොන්දු වෙනවා මම උත්තර දෙන්නෙ ටේහ්‍යුන් ටයි ජංකුකී ටයි විතරයි කියල. අනික මගෙ අක්කා කොහොමත් තමුන්ට වඩා මට ආදරෙයි."
කියාගෙනම මහ හයියෙන් දොර වහපු ජිමිනා තරහෙන් අඩි තිය තිය වේගෙන් ඇවිදන් යන්න උනා.

"ඔයා මට කියන්නෙ මේ වසවර්ති මාරයා එක්ක ජීවත් වෙන්න කියලද හන්ජියා....."
යුන්ගි හිතෙන් හිතන ගමන් හන්ජි මතක් උන නිසා බර උන හිත එක්කම එයාගෙ පලවෙනි කාලච්ඡේදයෙ ඉගැන්වීම් සදහා යන්න ලෑස්ති උනා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
♥️
2022.10.25

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now