23 🍭

507 127 12
                                    

සැප නින්දකට පස්සෙ ඇහැරුන මින් නිවසේ සාමාජිකයො ඔක්කොම ආයෙමත් එයාලගෙ පොදු ස්ථානය එහෙමත් නැත්තන් රැස්වීමේ කාමරය වගේ තිබුන ලොකු සෝෆාවේ හතර අතට වැටිලා තම තමන්ගෙ වැඩ කරමින් හිටියා. ෆෝන් එකට ඔබන එක තමා එයාලට තිබ්බ ලොකුම වැඩේ. කකුලුත් උඩ දාගෙන හරහට දාගෙන උඩු බැලි අතට ආදී හැමවිදිහකටම එයාලා විසිරිලා හිටියා.හන්සොලුත් එයාලා ලගම කොට් එකට වෙලා චූටි චූටි සද්ද දදා හිටියා.

" හාආආආආආආහ්හ්හ්..."

මහා ලොකු ඈනුමක් ටේහ්‍යුන් එක පාරට එලියට දැම්මා.

" හාආආආආආහ්.." ඒ හොබී.

" හාආආආආහ්...යම් යම්.." තාමත් නිදාගෙන හීනෙන් හිටපු ජන්කුකීත් ඈනුමක් යැව්වා.

" මේ වීකෙන්ඩ් එක ඉවර වෙන්න තව දවස් 4ක් ම තියෙනවා...හප්පො හරිම බෝරින්. මම ගෙවපු බෝරින්ම වීකෙන්ඩ් එක මේක.. ශික්.. යුන්ගි වගේම එයාගෙ ගෙදර වීකෙන්ඩ් එකත් බෝරින්.."

කුටු කුටු ගගා තමන්ගෙ ළඟ ඉදපු හොබීට විතරක් ඇහෙන විදිහට ටේහ්‍යුන් මැසිවිලි නගන්න උනා.

" අපි ජේජු යමු...." එක පාරට ජින් කෑගැහුවා.

" මේ දැං... ජස්ට් නව් ද...."

ජිමින් යුන්ගිගෙ ඇගට දාන් හිටපු කකුල බිමින් තියලා හරියට වාඩි වෙන ගමන් ඇහුවා.

" ඔව් මේ දැං. Get ready babies... කජාආආආආ...."

" යේහ්හ්හ්... අපි ජේජු යනවෝ...."

" හූ හූ හූඌඌඌඌඋ"

" යා යා යා ටේහ්‍යුන් බොරුවට බෙරිහන් නොදී ඇදුම් බෑග් එක අරං එනවා. හැමෝම අහගන්න අපි දවස් 2කට යන්නෙ. ඇති වෙන්න ඇදුම් ගන්න. "

" ඕකෙ බොස්...."

එක හඩින් කියපු හැමෝම එතනින් එක පාරටම ඩිස්මිස් වෙලා ඇදුම් පැක් කරගන්න ගියත් යුන්ගි තාමත් නිදාගෙන හිටියා වගේම නම්ජූන් ලැප් එකේ ඔලුව ඔබාගෙන හිටියේ.

ජිමින් උඩට ගිහිල්ලා හන්සොල්ගෙ ඇදුම් වෙනමත් එයාට ඕන බඩු වෙනමත් ලස්සනට සීරුවට පැක් කරලා ඒ බෑග් එක පැත්තකින් තිබ්බා. ඊටපස්සෙ එයා හැදුවෙ එයාගෙ ඇදුම් ටික. එයාට ඕන දේවල් ඔක්කොම ඒකෙ ලස්සනට පැක් කර කර ඉද්දි නින්දෙන් ඇහැරුන යුන්ගි සොම්බියෙක් වගේ රෙදි කෑලි 5 6කුත් උස්සන් ඇවිල්ලා ජිමින්ගෙ ඉස්සරහට අතෑරියා.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now