32 🍭 Final

727 118 86
                                    

යුන්ගිට ජිමින්ව ලස්සන මනමාලයෙක් විදිහට බලන්න ඕනෙ උනත් ජිමින් ඒකට තදින්ම විරුද්ද උනේ තාමත් එයාට හන්ජිට පිටුපාන්න බෑ කියල හිතුන හින්දයි. ඉතින් ඒ දෙන්නා තීරනෙ කරා නිශ්ශබ්දව එයාලගෙ කසාදෙ කරගන්න. ඉතින් මම ඔයාලට කියන්න ඕනෙ නෑනෙ ජිමින් දැං කොහොමද ඉන්නෙ කියල. එයා සතුටෙන් පිම්බිලා විතරක් නෙමෙ සමහර වෙලාවට එයා ඇවිදින්නෙත් උඩ පැන පැන. ඇත්තටම එයාට සතුටුයි, එයාගෙ ආදරේ දැං එයාගෙ හස්බන්ඩ් වෙලා, එයා ආසම බබා දැං එයාගෙ නීත්‍යානුකූල දරුවා වෙලා, ඊටත් වඩා එයාගෙ බබා දැං වචනත් කියනවා වගේම ඇවිදිනවා. ජිමින්ට ඊටවඩා එයාගෙ ජීවිතේ සතුටක් තිබුනෙ නෑ.

"කොහොමද නූනා ඔයා හොදින් ඉන්නවද..නූනා මං ඒ දෙන්නව හොදටම බලාගන්නවා නේද... ඔයාට පේනවද..එයාලා සතුටෙන් ඉන්නෙ. මට සමාවෙන්න නූනා ඔයාව බලන්න එන්නෙ නැති එකට. මං පොරොන්දු වෙනවා මීටපස්සෙ ඔයාව බලන්න එනවා කියල.ඔයාට ස්තූතියි යුන්ගියාව මට දුන්නට.මං ඒ දෙන්නව හොදට බලාගන්නම්.ඔයා දැක්කද හන්සොල්ව.. එයා දැං ලොකුයි.."
ජිමින් එයාට පිටුපාලා ඇවිදගෙන යන යුන්ගිවත් එයාගෙ අත අල්ලගෙන චූටි අඩි තියන හන්සොල් දිහාත් බලාගෙන හන්ජිට කිව්වා.

" අපි ගිහින් එන්නම් නූනා. සෙන්ගිල් චුකාහේ උරි හන්ජියා.."

මින් ෆැමිලි එක අද ඇවිත් තිබුනේ ඒ පවුලෙ හිටපු සාමාජිකාව උන මින් හන්ජි ගෙ උපන්දිනේ සමරන්න. ඉතින් එයාලා හන්ජිට ලස්සන පොඩි හුරුබුහුටි කේක් එකකුත් එක්ක ලස්සන රෝස මල් පොකුරක් ගෙනල්ලා තිබුනා. උපන්දිනේ එකට සමරපු එයාලා හන්ජිගෙ සිහිවටන ස්මාරකය ළඟ ඉදන් ඉස්සරහට වැටිලා තිබුන පාර දිගේ ගෙදරට යන්න වාහනේට ඇවිදන් යන්න උනා.
.
.
.
.
"ටේ ටේ"

"චා චා"

"නෝ නෝ ටේ ටේ.."

"චා චා"

"වට් ද ෆක්.."

"වචෆක්"

"හලෝ හන්සොල් එන්න ජින් සම්චොන් ගාවට.."

"වචෆක්"

"මොකක්...කවුද ඕවා කියල දුන්නෙ.."

"ටේ ටේ.."

" යා.........කිම් ටේහ්‍යුන්........."

"අනී හ්‍යුන් අනී....මම ටේටේ කියන්න පුරුදු කර කර හිටියේ.."

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now