16 🍭

497 134 21
                                    

ජිමින් දිහා ආයෙ නම් බලන්නෙ නෑ කියල දැඩි අදිශ්ටානෙන් පහලට ආපු යුන්ගි දැක්කෙ එයාට වඩා දෙගුණයක් විතර ලොකු ටීශර්ට් එකක් එක්ක හුරතල් ශෝට් එකකට බැහැලා හිටපු ජිමින්ව. ජිමින් හරිම කඩිසරව උදේ කෑම ලෑස්ති කරමින් හිටියා. පඩිපෙලේ ඉදන් එහෙම්මම ජිමින් දිහා බලන් හිටපු යුන්ගිට මතක් උනේ ජිමින් චූටි කාලෙත් ඔය වගේම එයාට වඩාඅලොකු ටීශර්ට් අදින්න කැමති උනා කියලයි. මොකද එයාට තාම මතකයි යුන්ගිගෙ ගෙදර ආපු ජිමින් යුන්ගිගෙ ආසම ටීශර්ට් එක එයාට ගෙදර ගෙනියන්න ඕනෙ කියල බිම පෙරලි පෙරලි අඩපු විදිහ. චූටි ජිමින්ව මතක් උන යුන්ගිට එයාටත් නොදැනිම හිනාවක් පිට උනේ යුන්ගිවත් බය කරලා. ඉක්මනට හරි සිහියට ආපු යුන්ගි මොකුත් උනෙ නෑ වගේ ආයෙම රවාගෙන පඩිපෙල බැහැගෙන ආවා.

"හන්සොල් කෝ ජිමින්.?

"අහ් හ්‍යුන්.. සොලා ඉස්සරහ කොට් එකේ ඇති. අනෙ එයාව පොඩ්ඩක් බලනවද. මම ඉක්මනට ඔයාගෙ බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරන්නං."

ජිමින්ට උත්තරයක් දෙන්න වත් වෙලාවක් වෙන් නොකරපු යුන්ගි එයාගෙ පුංචි කොල්ලාව හොයාගෙන යන්න ගියා.

" හහ් තියෙන ලොකුකම.. උත්තරයක් දුන්නා නං ගෙවෙනවද.. ඒකට මොකද හීනෙන් කියවන්නෙත් මගෙ නම. වයසට නෙමෙ මෙයාගෙ වල්කම.හහ්.. ඔහොම ඉන්නකො යුංගියා..ඔයා අද තමා මේ ජිමින් කවුද කියල දැනගන්නෙ. " 

තමන් එක්කම කුටු කුටු ගාන ගමන්ම ජිමින් බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරා.

හන්සොල්ව වඩාගෙන ඉන්න ගමන් ආයෙම කුස්සිය දිහා බලපු යුන්ගි දැක්කෙ කලබලෙන් එහෙට මෙහෙට දුවන ජිමින්ව.

" ඇයි එයාට පොඩ්ඩක් වත් හෙමීට හැසිරෙන්න බැරි..හැමවෙලේම කුලප්පු වෙච්ච තාරාවෙක් වගේ හැසිරෙන්නෙ ඇයි ඒ.."
"ඒ උනාට ලස්සනයි..හුරතල් ඒ ඇදුමට.."
"මොකක්....ආයිශ්ශ්ශ්ශ්ශ්...නො නො යුන්ගි.. come to your sense."
"ආශ්ශ්ශ්ශ්ශ්ශ්...අර හීනෙ..i hate it."

ජිමින් දිහා නොබලන්න හිතා ගත්තත් හන්සොල්ව අතේ තියන් එයා හැමවෙලේම කුස්සිය පැත්ත බැලුවා කියල යුන්ගිවත් දන්නෙ නෑ.

"සොලා....ඇයි ඔයාගෙ සම්චොන් එහෙම..."

යුන්ගි රහසින් එයා එක්ක හිනාවෙන හන්සොල් ගෙන් ඇහුවෙ එයාගෙ පීඩනෙ දරාගන්න බැරිම උන තැනයි.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now