14 🍭

543 137 14
                                    

බඩු අරන් ආපු ජිමින්, ටේහ්යුන්,ජන්කුක් සහ හොබී ආයෙම එයාලගේ ගෙවල් වලට ගිහාම සුපුරුදු ලෙසම ගෙදර හන්සොල් එක්ක තනි උනා. හන්සොල්ට කවලා කිරි පොවලා එයාව වොෂ් කරවපු ජිමින් කොට්ටෙයි බ්ලැන්කට් එකයි අරන් සාලෙට ආවේ හන්සොල්ව යුන්ගි එනකන් නිදිකරවන්න. හන්සොල්වත් අරන් සෝෆා එකෙන් වාඩි උන ජිමින් හන්සොල්ව එයාට පේන විදිහට ඉස්සරහට අරන් තියා ගත්තේ හන්සොල්ගේ කකුල් දෙක ජිමින්ගේ ඉන දෙපැත්තට වැටෙන විදිහටයි. කොල්ලා බෝල ඇස් වලින් ජිමින් දිහාම බලන් ඉන්නවා.

“හනේ හනේ ටේ ටේ සම්චොන් එක්කයි කුකී සම්චොන් එක්කයි දගලලා දගලලා නෝටි වැඩ ඔක්කොම කරලා දැන් හොරා වගේ හිනාවෙනවා නේද ම්ම්ම්.”
ජිමින් හන්සොල්ගේ බඩ ලාවට කිතිකවන ගමන් කිව්වා. හන්සොල් හිනාවෙන දිහා බලන් හිටපු ජිමින්ට මතක් උනේ හන්ජිව. හන්සොල් හිනාවෙද්දි හන්ජි විදිහමයි.

“සොලා….ඔයාට ඔම්මා නැතුව පාළුද වස්තුවේ..”

“ම්ම්ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්.”

“මොනවද ඔයා කියන්න හදන්නේ පැටියෝ…මටත් එයා නැතුව පාලුයි.”

“ම්ම්ම් ම්ම්.”

“ඉක්මනට කතා කරන්න මගේ පැටියෝ. එතකොට සම්චොන්ට පාලු නැ. ඔයාගේ නපුරු අප්පා මගේ එක්ක කතා කරන්නෙත් නැනේ.මම පව් නේද මැණික්..?”

“ම්ම්ම් ම්ම්ම්.”
හන්සොල් එක්ක කතා කරන ගමන්ම ජිමින් එයාව හෙමි හෙමින් දෙපැත්තට හොලවන්න උනා. හන්සොල්ට නින්ද යනකන් එයත් එක්ක කතා කරන එක ජිමින්ට පුරුද්දට ගිහින් තිබුනා. මොකද යුන්ගි අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න ජිමින් එක්ක වැඩිය කතා කරේ නැහැ.

“මගේ පැටියා දැන් දොයියන්න ඕනේ. එතකොට සම්චොන්ට පුළුවන් අප්පට රෑට කම හදන්න. අපි එහෙනං දැන් දොයියමු.එන්නකෝ.”
කියල හන්සොල්ට කිව්ව ජිමින් එයාව ජිමින්ගේ පපුවට තුරුළු කරගෙන පස්සට හෙමිට හෙමිට චුටිවට තට්ටු දාන ගමන් හන්සොල්ගේ ආසම සින්දුව මුමුනන්න උනා.

“ she looks like a blue parrot
Would u come fly to me
I want some good day, good day, good day
Good day, good day
Looks like a winter bear
You sleep so happily
I wish you good night, good night, good night
Good night, good night
Imagine your face
Say hello to me
'Til all the bad days
They're nothing to me
With you
Winter bear
Ooh, ooh, ooh
Sleep like a winter bear
Ooh, ooh, ooh
Sleep like a winter bear..” 

පස්සට වැටුන චූටි චූටි තට්ටු එක්කම ඇහුන මිහිරි සින්දුව හින්දා හන්සොල් හිතුවටත් වඩා ඉක්මනට නින්දට වැටුනෙන් ජිමින් හන්සොල්ව සෝෆා එක උඩින් තියලා එයත් ලගින්ම හාන්සි උනා.. චුටිවට කෙල බෝල පුම්බ පුම්බ හීනෙන් හිනාවෙන සුරංගනා කුමාරයා දිහා ජිමින් බලන් හිටියේ එයාගේ ඇස් කදුළු වලින් පුරවා ගෙන.

“හන්සොලා මට සමාවෙන්න මැණික. ඔම්මව පරිස්සම් කරන්න බැරි උන එකට..මන් පොරොන්දු උනා ඔම්මට ඔයාව හුගක් හොදට බලාගන්නවා කියල..ඒත් මට බයයි ඒක මට පුළුවන් වෙයිද කියල..”
හෙමීට හන්සොල්ගේ ඔලුව අතගගා හිටපු ජිමින්ටත් එයා නොදැනුවත්වම නින්ද ගියා.
 
යුනිවර්සිටි එකේ ඉදන් රැ වෙනකන් වැඩ කරලා පරක්කුවෙලා ගෙදර එන එක මින් යුන්ගිගේ දින චර්යාවේ සාමාන්‍ය කොටසක් වෙලා තිබුනා. ඒ එද්දී ජිමින් එයා වෙනුවෙන් උයාගෙන බලන් ඉන්න හින්දා ඉක්මනට කෑම කාලා හන්සොල්ගේ ලගට දුවන එක තමා එයා ඊළගට කරන්නේ. ඊටපස්සේ හන්සොල් එක්ක නින්ද යනකන් සෙල්ලන් කරලා දෙන්නම නිදා ගන්නවා. කවුරුත් දැනන් හිටියේ නැ ජිමින්ට මොකද වෙන්නේ කියල. ඇත්තටම යුන්ගි ජිමින් ගැන හොයන්න බය උනා. එයා එයාගෙම හැගීම් වලට බය උනා.

වෙනදා වගේම ගෙදර ආපු යුන්ගි දැක්කා ගෙදර එක ලයිට් එකක්වත් දාලා නැ කියල. ඉක්මනට ගේ දොර අරගෙන ඇතුලට ගිහින් ලයිට් එක දාපු යුන්ගිව උන්හිටි තැනම ගල් වෙලා ඇස් වලට කදුලු උනන්න පටන් ගත්තේ සෝෆා එකේ එයාට දකින්න තිබුන දර්ශනේ හින්දා.

ජිමින් හන්සොල්ව එයාගේ පපුවට ගුලි කරන් නිදාගෙන හිටියා ඒමදිවට උණුසුම්ව බ්ලැන්කට් වලින් එයාව ඔතලත් එක්ක. හන්සොල් හොදටම නිදි ජිමින්ගේ උණුසුමට ගුලිවෙලා. වටපිටේ ගැන කිසි ගානක් නැතුව නිදාගෙන ඉන්න මේ දෙන්නා දැක්කම යුන්ගිගේ හිත ඇතුලෙන් ලාවට හිරියක් ගලාගෙන යනවා දැනෙන්න ගත්ත නිසා යුන්ගි ඉක්මනට බාත්රුම් ඒකට ගියේ වොෂ් එකක් ගන්න. වොෂප් උන යුන්ගි බ්ලැන්කට් එකකුත් අරන් ඇවිත් එහායින් තියලා හෙමින් සීරුවේ හන්සොල් ව ජිමින්ගේ තුරුලෙන් අරගෙන එයා අරන් ආපු බ්ලැන්කට් එක ජිමින්ට පොරවලා හන්සොල්ව තුරුලු කරන් යන්න හැරුනා. ජිමින්ගේ උනුසුමෙන් මිදුන මී පැටියා අඩන්න වගේ කටහදාගෙන ඇස් ඇරියේ එයාගේ සැප නින්දට බාදා කරේ කවුද බලන්න උනත් එයාගේ අප්පව දැක්ක නිසා එයා අඩන්නේ නැතුව ඉන්න තීරණේ කරලා තිබුනා.

“මේ කරන දේවල් වලට ස්තුතියි ජිමින්.”

ආයෙම වතාවක් ජිමින් දිහා බලපු යුන්ගි නැමිලා ජිමින්ගේ නළලට හාදුවක් තියලා හන්සොල්වත් අරන් එයාගේ කාමරේට යන්න ගියා.
.
.
.
.
.
.
A/N
සප්‍රාආඅයිස්ස්ස්...හෙ හෙ.....
 winter bear.. කවදා හරි මගෙ දරුවට නිදාගන්න කියන්න ඕන කියල හිතන් ලොලබයි එකක්... 🙂♥️

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now