20 🍭

511 143 32
                                    

" හහ් මම මොකටද කොහෙවත් යන්නෙ.. හන්ජි මට කිව්වෙ මොන දේ උනත් යන්නෙපා කියලනෙ. ඒ ලොම් හැලිච්ච පූසා කොහොමද මාව එහෙම එලියට දාන්නෙ හහ්.."

කියලා ඉස්සරහට තිබ්බ අඩිය ආයෙම පස්සට ගත්ත ජිමින් ආපහු හැරිලා ගිහින් මහ සද්දෙන් දොර ඇරලා ගේ ඇතුලට ආවා.

" මොකද තමුන් ආයෙ ආවෙ.. යනවා යන්න.. "

" මම යන්නෑ මින් යුන්ගී. තමුන්ට පුලුවන් දෙයක් කරනවා. "

" යා යා කොහෙද යන්නෙ. ගෙස්ට් රූම් එකෙන් ඉන්නවා. මම තමුසෙට තාම ගෙදර ඉන්න අවසර දුන්නෙ නෑ. "

" හහ් බලාගමු අපි. "

කියලා ළඟ තිබ්බ පුටුවටත් පයින් පාරක් ගහපු ජිමින් ගෙස්ට් රූම් එකට යන්න හැරිලා ආයෙම යුන්ගි දිහාට හැරුනා.

" එහෙනන් මේකත් අහගන්නවා මින් යුන්ගි. අදින් පස්සෙ මම මේ ගෙදර අමුත්තෙක් විතරයි. මේ ගෙදර කිසිම වැඩක් මගෙන් වෙන්නෙ නෑ හන්සොල් ගෙ වැඩ ඇරුනම. තමුසෙ තනියම උයාගෙන කනවා. අනික මම ජින් හ්‍යුන් ටත් කෝල් කරලා කියනවා තමුන් මට මේ කරන වෙනස්කම්..ඉන්නවකො.."

අන්තිම ටික කියද්දි එයාට ඇඩෙන්නත් ආවා. සුරුස් ගාලා හොටු ටික උඩට ඇදලා තරහෙන්ම ෆෝන් එක ඔබලා කනේ තියා ගත්තෙ ජින්ට කෝල් එකක් අරගෙන.

" යොබුසෙයෝ මිනී..."

" හ්‍යෝන්න්න්න්න්....ඈඈඈඈඈඈ.... මේ යුන්ගි..... ඉහි.. මාව ගෙදරින්  එලියට  දැම්මා.. අනෙ  එන්නකෝ.. ඈඈඈඈඈ..."

" මොකද්ද...මං අද ඔය පූස් නාම්බට.. ඉන්න මිනි මං එනවා.. "

" ඉක්මනට එන්න හ්‍යුන්.. මට ගැහුවත් එක්ක.."

කියල කට් කරපු ජිමින් ඇහෙන් වැටිලා තිබ්බ කදුලු පිහද ගෙන යුන්ගි දිහා බලලා ගස්සන් ගෙස්ට් රූම් එකට ගියේ යුන්ගි ජින් ආවට පස්සෙ මෙතන වෙන දේ ගැන හිතෙන් මවාගෙන හූල්ලද්දියි.

විනාඩි 30ක් යන්නත් කලින් යුන්ගිගෙ ගේ ඉස්සරහ බරස් ගාලා බ්‍රේක් ගහපු වාහනයක් එක්ක තවත් වාහනයක් නතර උනා කියල යුන්ගිට ඇහුනම එයා බර හුස්මක් පහලට දාලා ඇස් පියාගෙනම සෝෆා එකේ වාඩි වෙලා හිටියා. වාහන වල සද්දෙට කාමරෙන් එලියට දුවන් ආපු ජිමින් නතර උනේ දොරත් ඇරන් එලියටම දුවලයි. ඊට තප්පර ගානකට පස්සෙ ජිමින්ව තුරුල් කරං ඇතුලට ආපු ජින් යුන්ගිව දැක්ක ගමන් කෑ ගහන්න ගත්තා.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now