4 🍭

590 146 12
                                    

යුන්ගිගෙත් ජිමින්ගෙත් හන්ජිගෙත් ආදරේ මැද හොදින් වැඩුන හන්සොල්ට දැන් මාස 6ක්. හන්සොල්....... ඔව් අන්තිමට යුන්ගිට ජිමින්ගෙ නමට එකගවෙන්න උනේ ජිමින් ගෙදර යුද්ද ප්‍රකාශ කරන්න පටන් ගත්තට පස්සෙයි. යුන්ගි පොඩ්ඩක් වත් එයාගෙ කරදරකාර මස්සිනාට කැමති උනේ නෑ. ලොකුම හේතුව එයාගෙ හන් නිතරම ජිමින්ගෙ පැත්ත ගත්ත හින්දා. යුන්ගිට තරහයි එයාගෙ හන් ජිමින් වගේ එයාව හුරතල් කරන්නෙ නැති එකට.
හන්සොල් වැඩෙනවත් එක්කම හන්ජි නිතරම අසනීප උන එක ජිමින්ට ගැටලුවක් ඉතුරු කරත් ජින් හ්‍යුන් එයාට කිව්වෙ ප්‍රෙග්නන්ට් කාලෙට නිතරම එහෙම වෙනවා කියලයි. යුන්ගි හන්ජිව පරිස්සම් කරන විදිහට එයාගෙ හිතට වෙලාවකට පුංචි දුකක් ඉරිසියාවක් දැනුනත් එයාගෙ නූනට මේ ලෝකෙ ඉන්න හොදම හස්බන්ඩ් හම්බුන එක ගැන ජිමින් හදවතින්ම සතුටු උනා.

නිතර නිතර හන්ජි අසනීප වෙන හින්දා යුන්ගි එයාගෙ යුනිවර්සිටි එකට ඉල්ලුම් කරපු විශේශ ඉල්ලීමක් හේතුවෙන් එයාට මාස කීපයකට තාවකාලික නිවාඩුවක් හම්බවෙලා තිබුන නිසා ජිමින් දැං යුනිවර්සිටි ආවෙ කියාගන්න බැරි තරම් පාලුවකින්. ගෙදරදි එයා යුන්ගි දිහා වැඩිය නොබැලුවට යුනිවර්සිටි එකේදි එයා නිතරම යුන්ගි වටේ දැවටි දැවටි ඉන්න පුරුදු වෙලා හිටියා. හැබැයි ජිමින් කියන විදිහට එයා යුන්ගිට ආදරේ කරන්නෙ නෑ දැං. සමහර වෙලාවට රෑට රතු වෙලා ඉදිමුන ඇස් ඒවට සාක්ශි දරන බවත් ජිමින් දැනං හිටියා.

වෙනදා විදිහටම යුන්ගි නැතුව ගෙවුන කම්මැලි ලෙක්චර් එක ඉවරයි කියල බෙල් එක වැදුනම තමන්ගෙ සටහන් පොත දඩස්  ගාලා වහලා දාපු ජිමින් ටේහ්‍යුන්, ජංකුක් එක්ක කැන්ටීන් එකට යන්න ගියා. කැන්ටීන් එකට ගියපු තුන්කට්ටුව තමන්ට කෑමත් අරගෙන සුපුරුදු මේසය වෙත ගියේ හොබා ඒ වෙනකොටත් මේසෙ වාඩිවෙලා ජිමින්ලා එනකන් බලාගෙන හිටියා.

"හායි හොබී හ්‍යුන්. ඔයා දැන්ද ආවෙ."
ප්‍රශ්නයක් අහගෙනම ජංකුක් හොබීට ඉස්සරහින් වාඩි උනා.

"ඔව් ඔව් දැං ආවෙ කුක්කෝ. අද මෙනු එක නං හොදයි වගෙ නේද. මං ශෝට කියලා තබොක්කි ටිකක් වැඩිපුර ඉල්ල ගත්තා. හහහහහහහහහ්හාඅ"
හොබා එයාගෙ අස්පයෙක් වගේ ලස්සන හිනාව මහ හයියෙන් එලියට දැම්මෙ අනික් තුන්දෙනත් ඒකටම එකතු වෙද්දි.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now