22 🍭

513 135 28
                                    

" ඇයි ආවේ.."

ජිමින් හන්සොල්ව ඇහැරෙන්නෙ නැති වෙන්න රහසෙන් ඇහුවා.

" මට සමාවෙන්න මිනී..."

" ශ්....... කෑගහන්නෙපා හ්‍යෝන්... සොලා නිදාගත්තා විතරයි. ඔයාගෙ කාමරේට යන්න. මම එනකන්."

ජිමින් කියපු දේට ඔලුව වනපු යුන්ගි ඒ දෙන්නගෙ බීම 2ත් අරන් එයාගෙ කාමරේට යන්න පිටත් උනා.

හන්සොල්ව පරිස්සමෙන් කොට් එකෙන් තියපු ජිමින් එයාගෙ වටේට සනීපෙට කොට්ට ටිකක් පුරවලා. කාම් මියුසික් එකකුත් ප්ලේ කරලා හරි ආදරෙන් හන්සොල්ට හාදු වැස්සකුත් දුන්නට පස්සෙ හෙමීට යුන්ගිගෙ කාමරේට ආවා. එයා එද්දි යුන්ගි ජනේලෙන් එලිය බලාගෙන ජූස් එක බිබී හිටියේ.

" හ්‍යුන්ග්...."

" අහ් මිනී.. ඔයාගෙ ජූස් එක අතන."

" ඔහ් තැන්ක්‍යූ... ඇයි ඔයා ඉස්සෙල්ලා ආවෙ.."

කියාගෙනම ජිමින් ගිහින් යුන්ගිගෙ ඇදෙන් වාඩි උනා. ජිමින් එහෙම අහපු ගමන් යුන්ගි එයාගෙ අතේ තිබුන ග්ලාස් එක මේසයක් උඩින් තිබ්බ යුන්ගි ඉක්මනට ජිමින් ලගට ගිහිල්ලා එයාව බදාගත්තේ ජිමින්ට එයා බිබී හිටපු බීම එකත් ඉස්මොලේ යද්දියි.

" කැහැ කැහැ කැහැ..හ්‍යෝන්න්න්න්න්.. මරන්නද යන්නෙ මාව.."

ජිමින් යුන්ගිට බැන බැනම ග්ලාස් එක අහකින් තිබ්බත් එයාගෙ ඇගේ එල්ලිලා හිටපු පූසා නං ගැලවෙන පාටක් තිබ්බෙ නැහැ. ටිකකින් ජිමින්ට දැනුනා එයාගෙ උරහිස තෙත් වෙනවා වගේම යුන්ගිගෙ පලල් උරහිස හෙමීට ගැස්සෙනවා කියල.

" හ්‍යෝන්..ඔයා අඩනවද..කෝ මගෙ දිහා බලන්නකො.."

" මට මෙහෙම ඉන්න දෙන්න ජිමින් ප්ලීස්..."

කියන ගමන් යුන්ගි තව ටිකක් ජිමින්ගෙ චූටි ශරීරේ එයාගෙ අත් වලින් ඔතා ගත්තා. ටික වෙලාවකින් යුන්ගිගෙ උරහිස් ගැස්සෙන එක නතර උනාම ජිමින් හිතුවා එයා අඩලා ඉවර ඇති කියල ඒත් කවුරුත් තාම කතා කරේ නැහැ.

" මිනී...මට සමාවෙන්න..මං පුදුම තරම් දුශ්ට හිතාගන්න වත් බැරි තරම් නපුරු මිනිහෙක් උනාට මට සමාවෙන්න. ඔයාට රිද්දුවට..මං කිව්වෙ..මං ඔයාට අත ඉස්සුවට මට සමාවෙන්න. හන්ජි මට කවදාවත් සමාවක් දෙන එකක් නෑ ඔයාව ඇඩෙව්වට. මට සමාවෙන්න ඔයාව හොදින් බලාගත්තෙ නැති එකට. උද්දච්ච මිනිහෙක් උනාට මට සමාවෙන්න."

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now