27 🍭

547 127 48
                                    

හොබීගෙත් ජන්කුක්ගෙත් මැදට වෙලා නිදාගෙන හිටපු ටේහ්‍යුන් ව පාන්දර ඇහැරුනේ වතුර තිබහක් ඇවිල්ලා. තනියම කුස්සියට යන්න බය හින්දා ටේහ්‍යුන් කොහොම හරි දගලලා අනිත් දෙන්නාවත් ඇහැරව ගත්තා. තුන්දෙනා එක්ක කුස්සියට ගිහිල්ලා වතුරත් බීලා ෆ්‍රිජ් එකේ තිබ්බ දේවල් වලිනුත් බාගයක් විතර කාලා බඩවල් ෆුල් කරගෙන ආයෙම ඇදට ආවා.

" හියෝන්...ගේම් එකක් ගහමුද.."

" නියමයි ගහමු. කුකී ඔයත් ලොග් වෙන්න."

තුන්දෙනා එක්කම පැයක් විතර කැගගහා ගේම් ගහන්න ගත්තා. ඊටපස්සෙ ආයෙම ෆෝන් ටික පැත්තකට දාපු එයාලා අතපය 4ම දිග ඇරගෙන එකාපිට එකා වැටිලා හිටියා. එයාලට නිදිමත නෑ.

" දැං වෙලාව කීයට විතර ඇතිද..."

" ඔයාගෙ එහාපැත්තෙ නෙ ෆෝන් එක හ්‍යොන් අරං බලන්නකො.."

" බෑ කම්මැලී...."

" එක විදිහක් තියෙනවා...ඒ විදිහට බලමුද..." 

ඇද උඩ ඉදගත්ත ජන්කුක් ඇස් දෙකෙනුත් හිනාවෙවී ඇහුවා.

" මොකද්ද...."

" ඉන්නකො කරලම පෙන්නන්න."

කියපු ජන්කුක් හයියෙන් හුස්මක් අරන් දොර ලගට ගියා.

" අන්‍යොහසෙයෝ චෝනන් බන්ටැන් සොන්‍යොන්දාන් හන්ගම් මක්නේ ජියොන් ජංකුක් ඉම්නිදා....................................."

කියල මහ හයියෙන් කෑගහපු ජංකුක් ආයෙම කාමරේ පැත්ත හැරෙද්දි හොබී සහ ටේහ්‍යුන් ඇස් කන් කටේ දාගෙන හිටියේ. එයාලා පැත්ත හැරුන ජංකුක්.. එක ඇගිල්ලක් නැමුවා...ඊලග එකත් නැමුවා...ඊලග එක නමපු ගමන්ම...

" යා...........කවුද මේ පාන්දර 3ට කෑගහන්නෙ....ජංගුවා.....මාව ගෙන්න ගන්න එපා...නිදාගන්නවාආආආආආආ......."

" යා ජොන් ජංකූක්ක්................ මගෙ ළමයා ඇහැරුනොත් මං තමුන්ට හොද වැඩක් කරනවා....."

ජංකුක්ට වඩා හයියෙන් ජින් කෑගැහුවා. ජින්ට වඩා හයියෙන් යුන්ගි කෑගැහුවා.

" අහ් වෙලාව 3යි හ්‍යොන්.. lets sleep "

කියපු ජංකුක් ආයෙම ඇදට පැනලා බ්ලැන්කට් එක අස්සට රිංගුවා. ජන්කුක්ගෙයි ජින්ගෙයි සද්දෙට කම්පා වෙලා හිටපු ටේ හොබී දෙන්නත් බ්ලැන්කට් එක අස්සට රිංග ගත්තා.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now