3 🍭

595 143 33
                                    

ගෙදර දොර ඇරගෙනම හන්ජිගෙ ඇගට පනින්න හදපු ජිමින් ව සීරුවට හන්ජිගෙන් ඈත් කරපු යුන්ගි හන්ජිව අල්ලගෙනම එක්කන් ගිහින් සෝෆා එකෙන් වාඩි කෙරෙව්වා. මේ හැමවෙලේම හන්ජි අසාමාන්‍ය ලෙස නිශ්ශබ්ද වෙලා හිටපු එක යුන්ගිගෙ අසරන හිත තවත් පෑරුවා.

"නූනා ඔයාට සනීප නැද්ද...ජින් හ්‍යුන් මොකද කිව්වෙ..?"
ජිමින් සුපුරුදු ප්‍රශ්න පත්තරේ දිග අරින්න හදන්නෙ දැං.

"ජිමිනා ඔයාට පුලුවන් ද හන්ජිට වතුර එකක් අරං එන්න.ප්ලීස් "
කියලා ජිමින්ව කුස්සියට යවපු යුන්ගි හන්ජිගෙ නලලට හාදුවක් දිලා හන්ජිගෙ නිකටින් අත තියලා මූන ඉස්සුවම හන්ජි යුන්ගි දිහා බලලා ලාවට හිනා උනා.

" හන්ජියා ඔහොම ඉන්න එපා වස්තුවේ.  අපෙ බබාට කොච්චර දුක හිතෙයිද එයාගෙ ඔම්මා දුකෙන් ඉද්දී. අනික අපි ජිමින්ට අපෙ පැටියා ගැන කියන්න ඕනෙ නේ. එයා කොච්චර සතුටු වෙයිද. දැං හොද ළමයා වගේ හිනාවෙලා ඉන්න හොදද."
කියල හන්ජිගේ කම්මුල මිරිකපු යුන්ගි රතු උන කම්මුලට සහ තොල් වලට ආදරේ පිරුන හාදුවක් ගානෙ තෑගි කරේ ජිමින් වතුර එක අරං සෝෆා එක ලගට එද්දිමයි.

"ආආආආආඅ මයි වර්ජින් අයිස්...........ඇයි ඔයාලා හැමදාම සාලෙම ඉදන් කිස් කරන්නෙ දෙවියනෙ...මං තාම සිංගල් කියල දන්නෙ නැද්ද ඔයාලා"

"බොරුවට කෑ නොගහ ඕක මට දීලා මගෙ ළඟින් වාඩි වෙන්න මිනී. මෙහෙ එන්න."
ජිමින්ගෙ බොරු රගපෑම හින්දා හිනා වෙන ගමන්ම හන්ජි ජිමින්ව ඇදලා අරං එයා ළඟින් වාඩි කර ගෙන ජිමින්ගෙ බෝල අත් දෙක එයාගෙ හීනි අත්වලින් අල්ලගෙන ජිමින් දිහා බැලුවා.

"ජිමිනා....අපිට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. නේද යුන්ගියා.."

"මොකද්ද නූනා. ඕගොල්ලො මාව කසාද බන්දන්න යන්නෙ කියලා නම් කියන්න එපා. මොකද මට දැම්මම හනිමූන් යන්න එහෙම ඌමනාවක් නෑ."

"ආශ්...........කියන දේ අහල හිටපන්කො වදේ."
කියල ජිමින්ගෙ ඔලුවට එකක් ගහපු යුන්ගි හන්ජිව ජිමින්ගෙන් ඇදලා අරගෙන හන්ජිගෙ තුරුලට ගුලි උනාම හන්ජි හෙමීට යුන්ගිගෙ ඔලුව අත ගාන ගමන් ජිමින් දිහා බැලුවෙ වැරදිකාරයෙක් වගේ. ඒත් හන්ජිට ජිමින්ගෙ සිතුවිලි මොන වගේද කියල අදුරගන්න බැරි උනේ කිසිම හැගීමක් නැති ඇස් වලින් ජිමින් එයාලා දිහා බලන් හිටපු හින්දයි.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now