9 🍭

523 140 6
                                    

"ජිමින් සෝල් හොස්පිටල් එකට එන්න.හංජිව ඇඩ්මිට් කරා." 
කම්මැලි ලෙක්චර් එකක ඉදපු ජිමින්ට ආපු මැසේජ් එක ජිමින්ව ඕනවටත් වඩා කලබල කරන්න සමත් උනා.පනිවිඩෙ අනිට්ජ් දෙන්නටත් කියන ගමන් බඩු ටික බෑග් එකට දාගත්ත ජිමින් ක්ලාස් එක ඉස්සරහට දිව්වෙ වට පිටෙ ළමයින්ගෙ බඩුත් පෙරලගෙන.

"ප්‍රොෆෙසර් මට යන්න ඕනෙ.. මගෙ...මගෙ නූනා...නුනා...හොස්පිටල් ලු..චේබල්ල්ල්ල්.. I need to go.."

"හරි හරි ජිමින් ඔයා යන්න."
ප්‍රොෆෙසර් ඉඩ දුන්න ගමන් දුවපු ජිමින් පස්සෙන් ටේහ්‍යුන් ජංකුක්වත් ඇදගෙන දුවන්න හැදුවත් ප්‍රොෆෙසර් එයාලව නතර කරගත්තා.

"ජිමින්ගෙ නුනා එක්ක ඔබතුමාලා දෙන්නට තියෙන නෑකම මොකද්ද මිස්ටර් කිම් ඇන්ඩ් මිස්ටර් ජියොන්..?"

"අයියො ප්‍රොෆෙසර් ඔයාටත් ඕනෙනැති එකක් නෑනෙ..මේ කුක්කා තමා අනාගතේ ජිමින්ගෙ බෑනා..ඔව්..ඒකයි අපි මෙ යන්නෙ...අනික අපි යන්නෙ නැතුව කොහොමද...හන්සොල් ගෙ සම්චොන් ලා නෙ අපි..ගිහින් එන්නං.."
කියලා කියවගෙන කියවගෙන ගියපු ටේහ්‍යුන් ජංකුක්වත් ඇදගෙන ජිමින්ව අල්ලගන්න දුවන්න ගත්තේ ප්‍රොෆෙසර් කෑ ගහන එකවත් කනකට ගන්නෙ නැතුවයි. දුවන ගමන්ම හොබීට පනිවිඩෙ පාස් කරන්නත් එයාලා අමතක කරෙ නැ.

යුනිවර්සිටි එක ගාවින්ම ටැක්සි එකක් ගත්ත තුන්දෙනා හොස්පිටල් එකට දුවන්න ගත්තෙ පිස්සො වගේ. රිසෙප්ශ්න් එකෙන් අහගෙන යුංගිව හොයාගෙන එද්දි එයාලා දැක්කා ලේබර් රූම් එක ඉස්සරහ ඔහේ වාඩි වෙලා බිත්ති දිහා බලන් ඉන්න යුංගිව.

"හ්‍යුන් හ්‍යුන්....නූනට මොකද උනේ..කෝ එයා.." 
ආපු වේගෙන්ම යුංගි ගාවට දුවන් ගියපු ජිමින් යුංගිගෙ උරහිසෙන් අල්ලලා හොලවද්දි යුංගි කදුලු පිරුන ඇස් වලින් ජිමින් දිහා බැලුවා.

"හංජිට එකපාරටම අමාරු උනා ජිමිනා. ආපු ගමන් එයාව ලේබර් එකට ගත්තා. ජිනුත් ඇතුලෙ. එයාලා තාම එලියට ආවෙ නෑ. මම මොකද කරන්නෙ ජිමිනා.. මට තේරෙන්නෙ නෑ..මට බයයී."
එහෙම්මම ජිමින්ගෙ ඇගට බර උන යුංගි පොඩි ළමයෙක් වගෙ අඩන්න ගත්තේ කවදාවත් කාටවත් නොපෙන්නුව සීතල හදවතේ බර තවත් දරාගන්න බැරි හින්දයි.

"අඩන්න එපා ප්‍රොෆෙසර් හ්‍යුන්. නූනට ඉක්මනට හොද වෙයි."
යුංගි ලගට ආපු ටේහ්‍යුන් යුංගිගෙ පිටට තට්ටුවක් දාලා ජංකුක් වත් ඇදගෙන ගිහින් එයාලට ටිකක් එහාට වෙන්න තිබුන පුටුවකින් වාඩි උනේ හොබී එනකන්.

පැය ගානකට පස්සෙ ලේබර් රූම් එකෙන් එලියට ජින් එනවත් එක්කම හැමෝම ඉදගෙන හිටපු තැන්වලින් නැගිටලා ජින් ගාවට දුවන් ආවා.

"ජින් මගෙ කෙල්ල..මගෙ හන්ජි හොදින් නේද..කියපන් මට.."

"කලබල වෙන්න එපා යුංගියා. දෙන්නම හොදින්."

"දෙන්නම.....?"
කතාව මැද්දට පැන්න ජංකුක් කෑගැහුවා.

"කෑගහන්න එපා කුකී මේක හොස්පිටල් එකක්. හංජිගෙ තත්වෙත් එක්ක අපිට ඩිලිවරි එක කරන්න උනා. කොහොමත් ඩිලිවරි එකට සතියක් විතර තිබුන නිසා ඒක ප්‍රශ්නයක් උනෙ නෑ. කොන්ග්‍රැජුලේශන්ස් යුංගියා..එයා කොල්ලෙක්.තව ටිකකින් ඔයාලට දෙන්නවම බලන්න පුලුවන්."
කියල යුංගිගෙ පිටට එකක් ගහපු ජින් රෙස්ට් රූම් එකට ගියේ යුංගිටත් ජිමින්ටත් තව පොඩී වෙලාවකින් එයාව හම්බෙන්න එන්න කියාගෙනමයි.

"යේහ්හ්හ්හ්හ්හ්හ් අපිට තව කොල්ලෙක්..."

"හුරේඒඒඒ කොන්ග්‍රැජුලේශන්ස් හ්‍යුන්න්න්න්..."

හොබී,ටේහ්‍යුන්,ජංකුක් යුංගිව සහ ජිමින්ව වටකරගෙන කෑගහන්න උනත් යුංගි හිටියෙ වෙනම සිහියකින් පුටුවකට කඩා වැටිලයි. ජිමින් නං සැරින් සැරේට ලේබර් රූම් එක ඇතුල බල බල හිටියෙ දැං නැතුවට දැං හන්ජිව බලන්න පුලුවන් වෙයි හිතලයි.

"මගෙ හන්සොල්. එයා ඇවිල්ලා. එතකොට හංජි.. එයා හොදින් ඉන්නවද.. ඇයි ජින් අපි දෙන්නටම එන්න කිව්වෙ. එයා ඒක ජිමින්ට කියන්නද හදන්නෙ. ඇයි ජින් බොරුවක් කරනවා වගෙ පෙනුනෙ මට.."

"හ්‍යුන්...ජින් හ්‍යුන් හම්බෙලා එමුද..නර්ස් කිව්වා තව ටිකකින් නූනව රූම් එකට එක්කන් එනව කියලත්.යමුද..."
යුංගිගෙ සිතුවිලි වලට ජිමින් බාදාකරපු නිසා ගැස්සිලා පියවි සිහියට ආපු යුංගි ජිමින්ගෙ පස්සෙන් ජින්ගෙ කැබින් එකට ගාටන්න උනේ ඉස්සරහට අහන්න වෙන දේවල් වලට මුහුන දෙන්නෙ කොහොමද කියල හිත හිතමයි..
.
.
.
.
.
.
සබන් අරං එන්න ඇන්ටිලා..😌

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now