2 🍭

723 150 29
                                    

මිස්ටර් මින්ගෙත් මිස්ටර් පාර්ක්ගෙත් අවුරුදු ගානක මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් විදිහට මින් යුන්ගි සහ පාර්ක් හන්ජිගේ විවාහය සිද්දවෙන්නෙ පාර්ක් ජිමින්ට තමන්ගෙ අවුරුදු ගානක් උන ඒකපාර්ශ්වික ආදරේ හරිම කුරිරු විදිහට අහිමි කරලා. ඊටත් පස්සෙ උන නරකම දේ තමයි ජිමින්ව සෝල් නැශනල් යුනිවර්සිටි එකට තේරුන එක. ඒ හින්ද එයාට සිද්ද උනා බුසාන් එයාගෙ ගෙදර දාලා සෝල් ඇවිල්ලා යුන්ගිගෙ ගෙදර නතර වෙන්න. නරකම දේ ඒකත් නෙමෙ කියල ජිමින්ට තේරුනෙ එයාගෙ බිස්නස් මැනේජ්මන්ට් ප්‍රොෆෙසර් මින් යුන්ගි කියල දැන ගත්තට පස්සෙයි.

හන්ජි උනත් තමන්ගෙ එකම සහෝදරයගෙ ආදරේ යුන්ගි කියල දැන උන්නත් එයාලාට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ වගේම මින් යුන්ගි තනි කෙලින් ඇදපු ඉරක් වගේ ස්ට්‍රේට් කෙනෙක් කියල එයාලා දැනන් උන්නා. ආදරයක් නැතිවම කසාද බැන්දා උනත් පස්සෙ යුන්ගි සහ හන්ජි එකිනෙකාට තදින්ම බැදෙද්දී ජිමින් තමන්ගෙ සියලුම හැගීම් තම සහෝදරිය වෙනුවෙන් හිත යටම වලදාගත්තා.

ළඟදි ඉදන් හන්ජි නිතර නිතර අසනීප උන නිසා යුන්ගිගෙ ලගම යාලුවෙක් උන ඩොක්ටර් කිම් ව හම්බෙන්න ගිහින් ආවට පස්සෙ හන්ජි නිතරම කල්පනා කරන්න පටන් ගෙන තිබුනා කියලත් ජිමින්ගෙ බටු ඇටයක් විතර මොලේට වැටහෙමින් තිබුනා. අදත් හන්ජිට කලන්තෙ හැදුන නිසා බෙහෙත් ගන්න ගිහින් ගොඩක් වෙලා ගිහින් තිබුණත් තාමත් එයාලා ගෙදර ආවෙ නැති නිසා ජිමින් එයාලාට කෝල් කරන්න තීරෙනේ කරා.

"හෙලෝ නූනා.....ඔයාලා කොහෙද...නූනාට කොහොමද..ඇයි මෙච්චර වෙලා යන්නෙ..???? "

"හෝව් හෝව් ජිමිනා.....එක පාරකට එක ප්‍රශ්නයක් අහන්න දරුවෝ..අපි මෙ එන ගමන් පැටියො.අපි එනකන් පරිස්සමෙන් ඉන්න. අපි දැං ලග ඉන්නෙ."

"හරි නූනා. එද්දි කන්න මොනාහරි ගේන්න හාද"

"යුංගි ඔයාට ඩම්ප්ලින්ගස් ගත්තා."

"වාව්ව්ව්...ඔයාලා තමා හොදම." කියල ජිමින් කෝල් එක කට් කරලා එහෙම්ම ඇදේ පෙරලුනා.

.......................................................................................

ජිමින්ගෙ කට් උන කෝල් එක දිහා බලාගෙන කල්පනාවක ගිලෙන තමන්ගෙ ආදරනීය වයිෆ් දිහා සැරින් සැරේට බල බල ඩ්‍රයිව් කරපු යුන්ගි සෙනග අඩු හරියකට වෙන්න තමන්ගෙ වාහනේ නතර කරේ හන්ජිට කතාකරන්න හිතාගෙන.

"හන්ජියා...ඔච්චර කල්පනා කරන්න එපා. මේ ලෝකෙ ගොඩක් දියුණුයි. අපිට විසදුමක් හම්බෙයි." කියන ගමන් එයාගෙ ලොකු අතෙන් හන්ජිගෙ හීනි අත අල්ල ගත්තා.

"මට එයාට එහෙම කරන්න බෑ යුන්ගි. එයා ආවා විතරයි. ඔයා කියන්නෙ මට එයාට රිද්දන්න කියලද. මට ඒක කරන්න බෑ යුන්ගියා." හන්ජි යුන්ගිගෙ අත් දිහා බලාගෙනම ඉකිගහන්න පටන් ගත්තා.

"පැටියෝ ඔයා දන්නවා මම ඔයාට ආදරෙයි කියල. ඉතින් අපිට පුලුවන් නෙ ආයෙම එයාව ගෙන්න ගන්න."

"මොකද්ද ඔයා කියන්න හදන්නෙ යුන්ගි. ඔයා මට කියන්නෙ මගෙ දරුවව නැති කරන්න කියලද."

"ඔයා හිටියොත් අපිට දරුවො ඕනතරම් හදන්න පුලුවන් හන්ජියා."

"නැහැ..ඒක වෙන්නෙ නෑ කීයටවත්. මාව අල්ලන්න හදන්නෙපා. ඔයා මිනීමරුවෙක්. " හන්ජි පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්ත හින්දා යුන්ගි හන්ජිව ඇදලා අරං පපුවට ගුලි කර ගත්තේ වේදනාවෙන් ඇදුම් කන එයාගෙ පපුවට සහනයක් වෙන්නයි.

එහෙම්මම ඇස් පියාගත්ත යුන්ගිට මීට පැය කීපයකට කලින් ජින් එයාලට කිව්ව දේවල් මතක් උනා.

"යුන්ගියා අපිට දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න වෙයි ඉස්සරහට. මං හිතනවා ඔය දෙන්නා හොද අවබෝදෙකින් ඉස්සරහට කටයුතු කරයි කියල."

යුන්ගිගෙයි හනීගෙයි ආදරේ සංකේතය එයාලා ලගට ඇවිත් කියල ජින් අද එයාලට කිව්වා. ඒත් එයාලට සතුටු වෙන්න පුලුවන් තත්වයක් තිබුනෙ තප්පර ගානකට විතරයි. ඒ මොකද හන්ජිට ඇටමිදුළු ආශිත රෝගී තත්වයක් තියෙනවා කියලත් කලින් පාරක් ආවාම ජින්ම තමා එයාලට කිව්වෙ. ඒ වෙනුවෙන් බෙහෙත් කරන්න පටන් අරං තිබුණත් තවදුරටත් ඒ බෙහෙත් බිව්වොත් ඒක දරුවට බලපාන්න පුලුවන් කියලත් ජින් අද එයාලට කිව්වා.

ඉතින් අම්මෙක් විදිහට හන්ජි එයාට ගන්න පුලුවන් හොදම විසදුම අරගෙනයි අද ගෙදර එන්න පිටත් උනේ.

තාමත් තමන්ගෙ පපුවට ගුලි වෙලා ඉකිගහන හන්ජිව තනි අතකින් තමන්ට තවත් ලන් කර ගෙන යුන්ගි තනි අතින් වාහනේ ඩ්‍රයිව් කරන් ගෙදර එන්න පිටත් උනේ ජිමින් බඩගින්නෙ කියල එයාලා දන්න නිසයි.
.
.
.
.
.
.
♥️
2022.10.26

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now