8 🍭

535 139 18
                                    

"ආහ්..ශීබල්...මගෙ ඔලුව..පුපුරන්න වගේ.."
කියාගෙනම නැගිටින්න හදපු ජිමින්ට එකපාරටම නැගිටගන්න බැරි උනේ එයාව කවුරු හරි තදට බදාගෙන ඉන්නවා දැනුන නිසයි.

"මලහත්තිලව්වයි. මම මේ කොහෙද ඉන්නෙ..කවුද මෙ මාව බදාගෙන ඉන්නෙ.. අරුන් තුන්දෙනා මාව දාලා ගිහින්ද...මං දැං ඇස් ඇරියොත් ළඟ ඉන්න එකා දැනගයි මං ඇහැරිලා කියල...ආයිශ්....මම වන් නයිට් ස්ටෑන්ඩ් එකක් කරාද..ආයිශ්.....සල්ලිත් නැ දෙන්න...මාර වැඩෙ....ආයෙ නං බොන්නැ...මගෙ මෙච්චර කල් රැකගත්ත පතිවත ඉවරයිද...හත්තිකේ කෝ මගෙ ශර්ට් එක...මාව බලෙන් අරං ආවා වත්ද....ඔම්මා ඔයාගෙ රත්තරං පුතා ඉදුල් වෙලා....හුවෑ.......හනිමූන් යන්නෙ කොහොමද මම කවදා හරි...මේ බදන් ඉන්න එකා බූවල්ලෙක්ද කොහෙද..මිනිස්සුන්ව මෙහෙමත් බදාගන්නවද...හොද වෙලාවට ඇහරුනෙ.නැත්තන් නින්දෙන්ම හුස්ම ලෙප්ට්..හහ්හ්...ඉදපන්කො හොද වැඩක් කරන්න..වනචර කම් කරලා තුරුල් වෙලත් නිදි...හහ්...දෙන්න සල්ලිත් නැති එකේ හෙමීට මාරුවෙන්න ඕනෙ.." 
ළඟ ඉන්නෙ මොකා උනත් හොද වැඩක් කරන්නං කියල ඇස් ඇරපු ජිමින්ගෙ ඇස් බෝල වෙලා එලියට පනින්න ලොකු වෙනවත් එක්කම අත් දෙකෙන්ම කට වහ ගත්තෙ කටෙන් පිටවෙන්න ගිය කෑගැහිල්ල එහෙම්ම එයා ගිලගද්දියි.

"මොකක්ක්ක්....යුන්ගියා......ඇයි මෙයා මෙතන නිදි...අනික මට තුරුල් වෙලා...පොඩ්ඩක් ඉන්න ඇයි මෙයා ඇදුම් ඇදන් ඉන්නෙ.එතකොට අපි ඒක කරලා නැද්ද..හැ...මගෙ ශර්ට් එක විතරයි නෙ නැත්තෙ...හහ් හම්මො..හොද වෙලාවට මෙයා නිදි..දෙවියනෙ බොහොම ස්තූති මේක නං මම අමතක කරන්නැ ඔව් ඔව් ඇත්තමයි."
හිතෙන් තිස්තුන් කෝටියක්ම දෙවියන්ට පින් දෙන ගමන් හෙමීට බාතෲම් එකට රිංග ගත්ත ජිමින් මෙච්චර වෙලා බයෙන් ගත්ත හුස්ම පහලට දාලා සැහැල්ලුවෙන් හුස්ම ගත්තා.

බ්‍රශ් එකත් කටේ ගහගෙන කොමඩ් එක උඩින් වාඩි උන ජිමින් එයාට ලාවට වගෙ මතක සිද්දි ඔක්කොම එක පෙලට පෙලගස්වන්න උනා. ඒ අතරෙ නින්දෙන් ඇහැරුන යුන්ගි ජිමින් කෝ කියල හොයද්දි එයාට බාතෲම් එකෙන් ඇහුන සද්ද වලින් එයා දැනගත්තා ජිමින් එයාට කලින් නැගිටලා කියල.

"ජිමින්......වොශ් දාගෙන ඉක්මනට පහලට එන්න.අපි කතා කරන්න ඕනෙ."

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now