12 🍭

522 126 11
                                    

“යුන්ගියා ඔයාට ඇතුලට යන්න පුළුවන්. යන්න ගිහින් එයාට කතා කරන්න.”

ටික වෙලාවකින් එලියට ආපු ජින් එහෙම කියල කිසිම හැගීමක් නොපෙන්වන ඇස වලින් බලන් හිටපු යුන්ගිගේ පිටට තට්ටුවක් දැම්මා. ජින්ටවත් විස්වාස කරන්න බැරි තරමට යුන්ගි කඩාගෙන වැටිලා තිබුනේ හෙට කියල දවසක් එයාට නෑ වගෙයි.
හෙමිට කාමරේ ඇතුලට ආපු යුන්ගි, හන්ජි දිහා බලාගෙනම හෙමිට හන්ජිගේ ඇද ලගට ගෑටුවා.
මලානික උනත් තාමත් ලස්සනට හිනා වෙලා තමන් දිහා බලන් ඉන්න හන්ජිව දැක්කම යුන්ගිගේ කදුළු ආයෙම අලුත් වෙන්න පටන් ගත්තේ ඒ කදුළු යුන්ගිගේ ඇස් අතරින් පහලට බේරිලා යද්දියි.

“අයිගෝ….බලන්නකෝ ඔයාගේ කැත යුන්ගියා..අඩන්න එපා.එන්නකෝ මම ගාවට.”

හන්ජි යුන්ගිගේ අතින් අල්ලලා ලගට අරගෙන එයාගේ පපුවට ගුලි කර ගෙන ආදරේ පිරුන හාදුවක් හිස්මුදුනින් තිබ්බම යුන්ගි හයියෙන්ම ඉකිගහගෙන තවත් හන්ජිට තුරුල් උනා.

“මාව දාලා යන්න එපා වස්තුවේ. අපිව දාලා යන්න එපා. යුන්සොල්ට ඔම්මා ඕනේ හන්ජියා. චේබල්ල්ල් අපි එක්ක ඉන්න.”

“ඔයාට පොරොන්දුව මතකයි නේද යුන්ගි…? මට විස්වාසයි එයා හන්සොල්ට හොද ඔම්මෙක් වේවි.”

“ඇයි එයාම හන්…? ඇයි ඒ ඔයාගේ සහෝදරයම වෙන්න ඕනේ..? ඔයා දන්නවා මම වෙන කිසිම කෙනෙක්ට ඉන්ට්‍රෙස්ට් එකක් නෑ කියල ඔයා ඇරුනම. හොදටම මම ගැන දන්නා ඔයා ඇයි මට මෙහෙම කරන්නේ හන්ජි..?”

“මම ඔයා ගැන හොදටම දන්නා නිසයි මේ තීරණේ බය නැතුව ගන්නේ යුන්ගි. ඊටත් වඩා මම මගේ මිනී ගැන දන්නවා. අඩුමතරමේ දැන්වත් මට එයාට සාදාරණයක් කරන්න දෙන්න. මට තවත් පව්කාරියක් වගේ ජිවත් වෙන්න කියන්න එපා.මට ආදරේ දීලා මාව බලාගත්තට, හන්සොල්ට හොද අප්පෙක් උනාට ඔයාට ගොඩක් ස්තුතියි යුන්.”

“මට ඔයා කියන දේවල් වල තේරුම කියන්න හන්ජි. ප්ලීස් ඔයා මගෙන් හංගන හැමදේම මට කියන්න.”

“කැහ්හ් කැහ් කැහ්….මට තව හුගක් වෙලා නෑ යුන්.. මට මහන්සි. කැහ්හ්… මට ඔයාට කියන්න පුළුවන් මෙච්චරයි. මගේ හන්සොල් වගේම මගේ මිනිව බලාගන්න. මගේ පුංචි කොල්ලා කරේ එසේ මෙසේ කැපකිරීමක් නෙමේ යුන්ගියා කැහ්…….  . ප්ලීස් එයාව රිද්දන්න එපා. එයාව බලාගන්න. එයාට ඕනේ ආදරේ විතරයි. එයාගේ සතුට හැමදාම තිබුනේ ඔයාගාව විතරයි.”

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now