28 🍭

478 122 13
                                    

ඔහොම ඔහොම යූන්මින් ආදරේ එන්න එන්නම ශක්තිමත් වෙනවා එක්කම මාස ගානක් පහු උනා. හන්සොල් උනත් දැන් ලොකුයි. කෙනෙක් කියන දේකට රීඇක්ට් කරන තරමට එයා ලොකු වෙලා උන්නා. හැමෝම බලන් හිටියෙ හන්සොල් ඉක්මනට කතා කරනකම්.

පහුගිය ටිකේම යුන්ගිගෙන් පාඩම් අහගන්න ඕන හින්දා ටේහ්‍යුන්,ජංකූක් ඇවිත් එයාලගෙ ගෙදර පදිංචි වෙලා හිටියා. ටේකූක් දෙන්නා ඉන්න නිසා හොබාත්, ඒ ඔක්කොම ඉන්න නිසාජින් එක්කම නම්ජූනුත් ඇවිත් හිටියා. ඒ හැමෝම හන්සොල්ව මාරුවෙන් මාරුවට බලාගත්ත හින්දා ජිමින්ට එයාගෙ පාඩම්වැඩ ටික කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න පුලුවන් උනා.

මේ අතරෙම යුන්ගි සහ ජිමින් යුනිවර්සිටි එකෙත් ප්‍රසිද්දියෙම ආදරේ කරන්න පටන් ගත්ත හින්දා මැනේජ්මන්ට් එකෙන් යුන්ගිට මේ පාර ෆයිනල් පේපර් එක හදන්න නොදුන්නෙ ටේහ්‍යුන් ගෙ බලාපොරොත්තු අඩියටම පහලට දාලයි. මොකද යුන්ගි පේපර් එක හැදුවා නං ජිමින්ගෙ හීනෙන් ඇවිදීමෙ පුරුද්ද ඉස්මතු වෙලා ඒ පේපර් එකේ ඩ්‍රාෆ්ට් එක අනිවාරෙන් ටේකූක් ඩබලට හම්බෙනවා කියන්න එයාලා හොදටම දන්නවා. ඉතින් මේ පාර යුන්ගි පේපර් එක හදපු නැති හින්දා එයාලා තීරනෙ කරා බිලාල ප්‍රොෆෙසර් ගෙන් ටියුශන් ගන්න.

පහුගිය දවස් ටිකේම හරිම ඝෝශාකාරී උන මින් මෑන්ශන් එක අද වෙනදටත් වඩා කලබලකාරී තත්වයක් පේන්න තිබුනා. මොකද අද තමා ජිමින්,ටේහ්‍යුන් සහ ජන්කුකීගේ ෆයිනල් එක්සෑම් දවස.

" ටේහ්‍යුන් ,ජිමින්,ජංකුක්ක්ක්...ඔයාලගෙ ඇඩ්මිශන් ගත්තද...."
ජින් ආයෙම පාරක් කුස්සියේ ඉදන් කෑගැහුවා.

" ගත්තා............."
ටේහ්‍යුන් ජින්ට පරාද නෑ.

" කන්න එන්න හැමෝම......."
ජින් ආයෙම කෑගහද්දි තුන්දෙනාම ස්ටඩී නෝට්ස් එක්කම ඇවිත් මේසෙන් වාඩි උනා.

" යා යා කද්දි කාපල්ලා..මොකද උබලා ඔහොම පාඩම් කරලා බැජ්ටොප් වෙන්නද.."
තුන්දෙනාම කොල වලට එබිලා කටෙ කෑම පුරවගන්න එක දැකපු හොබී කිව්වා.

" මේ වෑයම ෆේල් නොවී ඉන්න හියොන්..."
ඔලුව උස්සලා කියපු ජන්කුක් ආයෙම කොලේට ඔලුව ඔබාගද්දි අනික් දෙන්නත් ඔලුව වැනුවේ ඒක හරි කියන්නයි.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now