ඈත ඉදන් පියාඹගෙන ආපු කෙනා පහතට ඇවිත් තමන්ගේ දෙපා පොළොව මතින් තියලා මල් පදුර ලගට ආවේ ඒ පදුරේ පිපිලා තිබුණ ඒ මල් වල්ට ආස හිතිලා. බිමට බැස්සට පස්සේ හිමින් හිමින් නැගිටපු ඒ කෙනාගේ ඇස් නිල් අහසේ පැහැයෙන් පාට වෙලා තිබුණා. පදුරේ පිපිලා තිබුණ ඒ ලස්සන මල්වලට වඩා ලස්සනක් ඒ මූණේ තිබ්බා. ලස්සනට පිපුණු සුදු රෝස මලක්. හරිම ආදරණීයයි. පියකරුයි.
තොල්මත ඇදුන ලස්සනම ලස්සන හිනාවකින් පදුරේ පිපිලා තිබුණ ලස්සන මලක් කඩලා අරගන්න ලෝබකමින් වගේ මල අතගාලා ඒකේ සුවද වින්දලා බිමට වැටිලා තිබුන ලස්සන මලක් අතට අරගෙන මල දිහා බලාගෙනම හිටියා.
එයා මලත් එක්කලා හිනාවුණා. මලට ඇත්තටම පණ තිබුනා නම් මල ඒ හිනාවට වශිවෙනවා අනිවාරෙන්ම.
නැවතත් ඔහුගේ තටු දිග හැරිය ඔහු අහසට ඉගිලුනේ ලොකු වේගෙකින්.මලත් අතේ අරගෙන ඉහටම පියෑඹුව ඔහු නැවතුනේ වලාකුළු වලින් උඩටත් පියාඹලා ගිහිල්ලා. තමන්ගේ තටු සලන ගමන් ඈත අහසෙන් උඩට එන හිරු දෙස බැලුව ඔහු මල දිහා බලලා නැවතත් හිනාවෙලා පහලට එන්න ආවේ ඉතා වේගෙන්.
.
.
.වේගෙන් පහලට ආව ඔහු විශාල තටු හකුල ගෙන තණ බිම දිගේ හිමින් ඇවිදගෙන ගිහින් එක තැනකින් ඒ ලස්සන මල තිබ්බා.
" සුභ උදෑසනක් ඔය දෙන්නටම...ඔය දෙන්නම සතුටෙන් නේද ඉන්නේ..."
හැමදාම උදේම ලස්සන මලක් අරන් එයා එනවා එයාගේ අම්මවයි තාත්තවයි බලන්න මේ ලොකු ගහ ලගට.
" ඔය දෙන්නා නැතුව ජිමින්ට ගොඩක් පාළු දැනෙනවා... මෙච්චර ඉක්මනට ඔයාලට මාව දාලා නොයන්නයි තිබ්බේ... ඒනම් මට තනිකමක් නොදැනෙන්න තිබ්බා... හැබැයි පාළුවෙන් වුනත් මන් ඉන්නේ සතුටෙන්... හෙටත් මලක් අරගෙන මන් ඔයාලව බලන්න එන්නම්..."
මල් පොකුරක් වෙනුවට ගහෙන් වැටුන එක ලස්සන මලක් ගෙනත් එයාගේ අම්මටයි තාත්තටයි දෙන්න තරම් හරිම අහිංසක හදවතක් ජිමින්ට තිබ්බේ. ඒ අහිංසක හදවත සතුටු කරන්න මල් පදුරක් වුනත් එක මලක් සතුටෙන් බිම හෙලනවා වෙන්න පුළුවන්.
───────────────────────🌸🧚♂️
විකාරයි වගේද😂... ගනම් ගන්න එපා ඔළුවට එක පාරම ආව විකාරයක් මේක...කොහෙන් මේක පහත් වුනාද මන්දා...
මේකට සමාන කතාවක් තියේනම් මාව එසැනින් දැනුවත් කරන්න ඕනි ඔන්න.
YOU ARE READING
◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]
Fanfictionලස්සන ඒන්ජල් කෙනෙකුයි... නපුරු කුමාරයෙකුයි... ❛ ANJEL ❜ ᶠⁱʳˢᵗ ʲⁱᵏᵒᵒᵏ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ. ʳᵉᵃᵈ & ˢᵘᵖᵖᵒʳᵗ. ᴵᶠ ʸᵒᵘ ˡⁱᵏᵉ jikook fanfiction by se_ha..