♕🌟3rd

408 92 5
                                    

ජේකේ බොහෝ විට කැලේ පුරාම උගුල් අටවන්නේ ඔහුගේ දඩයම් වලට. නමුත් මේ ලගක සිට ඔහුගේ උගුල්වලට හසුවන සතුන් කෙසේ හෝ පැන ගොස් තිබුණා. එකේන් වුණේ ජෙකේගේ කේන්තිය වැඩි වීම. ඒත් කොයි විදියට ඒ සතුන් උගුල් වලින් බේරෙනවද යන්න නම් ජේකෙට තියා ඔහුගේ මිතුරන්ටවත් හිතාගත නොහැකි වුනා.

අශ්වයන් පිටින්ම උගුල් අටවපු තැන් සොයමින් ඔවුන් කැලය තුලට පැමිණියා.

" නම්ජුන් හියුන්... ඔබ සිතනවද අදත් සතුන් උගුල්වලින් පැනගොස් ඇති කියලා..."

" මන් නම් ප්‍රාර්ථනා කරන්නේ එසේ නොවන්න කියලා... නැතහොත් අද දිනේදිත් කෝපය අපිව කා දමාවි..."

නම්ජුන් එලෙස පැවසුවේ ඔවුන්ට ඉදිරියෙන් ගමන් කරන ජේකේ දෙස බලාගෙන. පළමුවෙන් ඔවුන්ට හමුවුණ උගුලට කිසිදු සතෙක් හසුවී තිබුනේ නැහැ.ඔවුන් එම උගුල පසුකරගෙන ඉදිරියට ඇදුනේ ඊලග උගුල සොයාගෙන.

එහෙත් ඊලග උගුල දුටු විටදි ජේකේගෙ ඇස් තරහින් රතු වුණේ අදත් පෙර පරිදිම එහි හසු වී සිටි සතා කෙසේ හෝ පඇන ගොස් තිබුන නිසා.

" කවුරුන් ද මෙලෙසට මේ සතුන් බේරාගන්නේ... ඒ කෙනා හමු වුවහොත් නිසැකයෙන්ම මම ඔහුව මරා දමනවා..."

රතු වුණ ඇස් වලින් යුක්තව ජේකේ කෑ ගැසුවේ තම තරහා පාලනය කරගත නොහැකිවයි. ඒ තරහෙන්ද යුක්තව ජෙකේ ඊලග උගුල වෙතට පිටත් වුණා.

කවුරු වෙන්නට පුළුවන් ද මේ සතුන්ට උපකාර කරන්නේ...

" කුමරුණි කුමරුණි... ඔබ දැකිය යුතු දෙයක් වේ..."

" කුමක්ද... සතෙකු හසු වෙලාද..."

" ඔබතුමාම පැමිණ එය බැලුවොත් තමා වඩාත්ම හොද..."

වේගයෙන් පැමිණි අනෙක් පසට ගිය කණ්ඩායමේ නායකයා ජේකේවද රැගෙන ඉක්මනින් ඒ දෙසට ගියා. නම්ජුන් වගේම ටේහයනුත් ඒ දෙසට ගියේ හිතේ හටගත් කුතුහලය නිසා...

───────────────────────♕🌟

🤗❤️
©Se_ha 11/14

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now