♕🌟6th

358 88 7
                                    

ජේකේ එහෙම්ම තමන්ගේ කාමරේට ආවා. ඔහුගේ මුහුණ දැක්කාම ජේකේ ඒ මූණේ ලස්සනට වශි වුණා වගේ වුණා. ජේකේගේ හිතේ ඇදුණ ඒ රූපේ එයාගේ හිත පුරාම හොල්මන් කරන්න පටන්ගෙන තිබ්බා. ඒ මොකක් නිසාද කියලා තේරුම් ගන්න ජේකෙට බැරි වුණා. බැරි වුණාමත් නෙමේ. මොකද එයා ඒකට උත්සහා ගත්තේ නැහැ.

ජේකේ පුටුවට වැටුණේ මහන්සියට ඇස් දෙක පියාගන්න හිතාගෙන. ඒත් ජේකේට ඇස් පියාගත්තාම මැවිලා පෙනුනේ ඒ මූණ. හරියට ඉටියෙන් තනපු පිළිමයක් වගේ ලස්සනට නැහැ ඊටත් වඩා ලස්සනට තිබුණ ඒ මූණ. ඒ රූපේ. ඒ හැමදේම හැගිම් දැනිම් නැති මේ ජේකේගේ හිතට දැනිලා තිබුණා.

.
.
.

ඒ වෙනකොට ඉර අවරට යමින් තිබුණා. තවමත් ඒ ඒන්ජල්ට සිහිය නැහැ කියලා දැනගත්ත නම්ජුන් ජින්ව සොයාගෙන ගියා.

ජින්ගේ පුංචි නිවස තිබුනේ ජේකේගේ මාළිගාවට ටිකක් ඈතට වෙන්න. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ජේකේගේ මාළිගාවේ කාට හෝ අනතුරක් වුණ වෙලාවට ඒ අයට බෙහෙත් කිරිම කලේ ජින්. ඒ වගේම ජින් කියන්නේ එක්තරා ආකාරයක හොරෙක්. මොකද කියනවනම් ඒ ප්‍රදේශයේ ජීවත් වුණ බොහෝ කාන්තාවන්ගේ හිත් මේ තරුණයා හොරකම් කරලා තිබ්බා. නමුත් ජින්ගේ හදවත හොරකම් කරන්නට නම් ඒ කිසිම කෙනෙක්ට නොහැකි වුණා. ජින් හොරකම් කලේ කාන්තාවන්ගේ හදවත් පමණක්ම නෙමේ. ඔහු හරිම ලස්සනට පිරිමි හදවත්ද හොරකම් කලා.

එතකොට කවුරුත් නොහිතුව විදියට මේ තරුණයගේ හිතත් හොරකම් කලේ එක තරුණයෙක්ම තමා. ඒ වෙන කවිරුත් නෙමේ නම්ජුන්...

" ජීනී... ඔයා ඉන්නවද..."

" ඕහ් ජූන්... මොකද මේ හැන්දෑවේ මෙහේ... "

" ඔයාට පුළුවන් ද මාත් එක්ක මාළිගාවට එන්න..."

" කාට හරි කරදරයක්ද..."

" ඔව්... ඔහුව මෙහි ගෙන එන්නට නොහැකි නිසයි මන් මෙහි ආවේ ඔබව එක්කන් යන්න..."

" හරි මන් මගේ බෙහෙත් මල්ලත් අරන් ඉක්මනින් එන්නම්... ඔහොම පොඩ්ඩක් ඉන්න..."

තමන්ගේ බෙහෙත් මල්ලත් රැගෙන පැමිණි ජින් සමග නම්ජුන් නැවත මාළිගයට පිටත් වුණා.

──────────────────────♕🌟
ලස්සනයිද නම් දන්නෑ අනේ 🥺

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now