♕🌟 13th

318 98 4
                                    

ජිමින් ටික දවසකින් ඒ ඇසුරට හුරු වුණා. ජින් බලන්න පුළුවන් තරම් පොත් ගොඩක් බලලා ජිමින්ට බෙහෙත් කරන්න පටන් ගත්තා. ජිමින්ට ඕන වුනේ වෙනදා වගේම නිදහසේ පියාඹන්න. ජිමින් දැන් මෙහේට ගෙනත් සතියක් ගතවෙලා ගිහින් තිබුණා.

ටේ ජිමින්ට හොද යාළුවෙක් වුණා. ජින් නම්ජුන් දෙන්නම ජිමින්ට එයාගෙම සහෝදරයෙක් වගේ සැලකුවේ.

ජිමින් මාළිගාවේ ඉන්න බොහෝ වෙලාවට ජිමින් එයාගේ කාමරේ හිටියා. මොකද අනිත් අය එයා දිහා බලන විදියට ජිමින් අකමැති වුණ නිසා. ජිමින්ට එයාගේ ලෝකෙට ආයේම යන්නයි ඕන වුනේ.

.
.

ජේකේ හැම මොහොතකම වගේ ජිමින් දිහා හොරෙන් බලන් හිටියා. ඒක ජිමින්ට නොතේරුණාට ජේකේ ලගින්ම හිටිය අයට ජිමින්ගේ පැමිණිමත් එක්ක ජේකේගේ පුංචි පුංචි හැසිරිම් වල වෙනස්කම් හොදට දැනුණා.

වෙනදා කිසිම දෙයකට තමන්ගේ කාමරෙන් එලියට එන්න අකමැති ජේකේ දැන් නිතර කාමරෙන් එලියට එනවා. ඒ වගේම අනිත් අය ගැන හොයන්න අරන් තිබුණා.
.
.

ජිමින් එයාගේ කාමරේ බැල්කනි එකට ආවේ අහස දිහා බලන් ඉන්න. වෙනදට වලාකුළු උඩටම පියාබලා ගියත් අද ජිමින්ට යන්න විදියක් තිබුණේ නෑ. ජිමින් ආවේ අහස දිහා බලන්න වුණාට ජිමින්ට බැලුණේ පහළ උද්‍යානයේ හිටිය කෙනෙක් දිහා.

වෙන කවුරුත් නෙමේ ඒ ජේකේ. ජිමින් වුණත් අර නපුරු දඩයක්කාරයගේ ඇතුලේ හරිම ලස්සන මනුස්සයෙක් දැකලා තිබුණා. ජිමින් ජේකේගේ හරිම වෙනස් ගතිගුණ දැක්කා. සමහර විට එයාගේ ලස්සන හිනාව වගේ දේවල් ජිමින් හොරෙන් දැක්කා.

ජේකේ හිටියේ තණකොල මත වාඩිවෙලා කුමක් හරි දිහා බලාගෙන. ජිමින් තමන්ට ආව හිතලුවකට එයාගේ මායාවෙන් සමනලයෙක්ව මවලා එයාව යැව්වේ ජේකේගේ දිහාට. ජිමින් හිතුවේ ජේකේ ඒ සමනලයා අල්ලලා පිහාටු වෙන්කරාවි කියලා. නමුත් ජේකේ ඒ සමනලය තමන්ගේ අත මතින් වහනකම්ම බලාගෙන හිටියා. ටිකක් වෙලා බලන් ඉදලා අතේ හිටිය සමනලයව ආයේම මුදාහැරියා.

ජිමින් ලස්සන හිනාවක් එක්ක මේ දිහා බලන් හිටියා. එයාට ටිකෙන් ටික ජේකේට තිබුණු බය නැති වෙලා තිබුණා.

ජිමින් නොහිතුව විදියට ජේකේ එයා හිටපු පැත්ත බැලුවහම ජිමින්ට කරන්න දෙයක් හිතාගන්න බැරුව ගියා. ඒ නිසාම ජිමින් ඉක්මනට ඇතුලට දිව්වේ ජේකේගේ කට කොනක සිනහවක් රදවලා.

───────────────────────🌟♕

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now