♕🌟 16th

302 89 1
                                    

ජිමින් මුලින්ම ගියේ එයා හැමදාම උදේ යන්න පුරුදු වෙලා හිටිය එයාගේ අම්මගෙයි තාත්තගෙයි ලගට. වෙනදා වගේම ලස්සන මලකුත් අරගෙන ජිමින් ඒ දෙන්නව බලන්න ආවා.

" ඔයාලා දෙන්නා මන් ආවේ නැත්තේ ඇයි කියලා බලන්න ඇති නේද? මන් හොදින් ඉන්නවා. මට කරදරයක් වුනානේ. ......"

ජිමින් හැමදේම එයාගේ අම්මටයි තාත්තටයි කිව්වා.

" මන් එයාලට ලන්වෙලා කලේ වැරද්දක් නෙමේ නේද? මන් එහෙම හිතනවා..."

ජිමින් වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා එයා ඉන්න ගෙදර දිහාවට පියාබලා ගියේ එයාගේ අම්මටයි තාත්තටයි ආචාර කරලා.

ජිමින් එයාගේ පුංචි ගෙදර පැත්තට යද්දි එයා එනකම් මග බලපු දෙන්නෙක් ජිමින් දිහා බලාගෙන හිටියේ හරියට කෑමක් දිහා බලාගෙන ඉන්න කොටියෝ දෙන්නෙක් වගේ. ජිමින් හොර වැඩක් කරලා අහුවුණ හුරතල් පූසෙක් වගේ මූණත් හදාගෙන ඒ දෙන්නා ලගට ආවේ ඔළුව බිමට නමාගෙන.

" ඇත්තටම ජිමින්... මන් කී සැරයක් කියලා තියෙනවද යන්නේ කොහෙද කියලා යන්න කියලා... ඔයා නිසා මෙයාගෙන් මන් කොච්චර බැනුම් ඇහුවද දන්නවද ජිමින්..."

" කොහෙද තමුන් මේ දවස්වල හිටියේ කියලා පවසන්න පුළුවන් ද කුමරුණි..."

ජිමින් හිමිට ඔළුව උස්සලා එයාගේ ඉස්සරහා ඉන්න දෙන්නා දිහාම බැලුවා.

" හියුන්... මන්..."

" ඔව් කියන්න ජිමිනා..."

" ඇත්තටම කිව්වොත් මාව තුවාල වුණා..."

ජිමින් හිමින් හිමින් ඒක කියලා දෑවේ ඊලගට වෙන දේ දන්න නිසා.

" කුමක්ද පැවසුවේ... කොහේද තුවාල..."

" නෑ නෑ හොබි හියුන්... දැන් එය සුවවෙලා... මට කෙනෙක් බෙහෙත් කලා..."

" කවුරුන්ද කොහේදිද ..."

" ඔහු... ඔහු... මනුස්සයෙක්..."

" ඔබ පවසන්නේ ඔබව සුව කලේ මනුස්සයෙක් බවද..."

" ජිමින් ඔවුන් ඔබට කරදර කරන්න ඉඩ තිබුණා...කෝ මෙහි එන්න මට බලන්න දෙන්න එය..."

හොබි ඉක්මනටම ජිමින්ගේ පියාපත පරික්ශා කලා.

" ඔබ ඔතරම් අසැලිකිලිමත් වුනේ කොහොමද ජිමින්..."

" යුන්ගි හියුන්... බයින්න එපා මට ඉතින්... හිතලා තුවාල වුණේ නෑ මට... අනික ඔවුන් මට කරදර කලෙත් නැහැනේ..."

ජිමින් කිව්වේ එයාගේ හුරතල් මූණත් ඉස්සරහට දාන ගමන්.

හොබි වගේම යුන්ගි ජිමින්ට සහොදරයන් හා සමානයි. ජිමින් ඉන්නේ ඒ දෙන්නගේ රැකවරණය යටතේ. ජිමින් කොහේ හරි නොකියාම නොගොස් කාලය ගෙවිම ඔවුන්ට සාමාන්‍ය වුවත් මේ අවස්තාවේ නම් ඔවුන් දෙදෙනා ගොඩක් බය වුනා. ඔවුන් සෙවිමට හැකි සෑම තැනකම ජිමින්ව සෙව්වා. ඒත් ඔවුන්ට නොහැකි වුණා ජිමින්ව සොයා ගැනිමට.

" යුන්ගි එය සම්පුර්ණයෙන්ම සුවයි... ඔබට හොද වෛද්‍යවරයකු හමුවෙලා වගේ..."

" මන් ඔබට ඔවුන් ගැන පවසන්නම්... ඒත් මුලින් ආහාර අවශ්‍යයි මට..."

" එන්න එන්න..."

හොබි ජිමින්වත් එක්කගෙන නිවස තුලට ගියේ ආහාර ගන්න. ආහාර ගන්න අතරතුරදි ජිමින් හැම විස්තරයක්ම කිව්වා.

───────────────────────♕🌟

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now