♕🌟5th

370 95 2
                                    

ජිමින්ව මාළිගාවට රැගෙන ගොස් ජේකේ වගේම අනෙක් අයද බලා සිටිද්දි ඔහුව දැලෙන් හිමින් හිමින් බේරාගනු ලැබුවා. ඒත් ඔහු නැගිට්ටේ නම් නෑ.

" ඔහු සිහිසුන්වද සිටින්නේ..."

" එලෙසයි පෙනෙන්නේ නම්... නමුත් ප්‍රවේසමෙන්... මොකද ඔහු දරුණු විය හැකියි..." නම්ජුන් එලෙස පැවසුවේ ටේගෙන් ලැබුන ප්‍රශ්නෙට.

ජිමින්ගේ පියාපත් වලින් එකක් ජිමින්ගේ මුහුණ ආවරණය කරගෙනයි සිටියේ.ජේකේ ඔහුගේ සේවකයෙක්ට ලගට එන්න කියලා ඔහුගේ මුහුණ ආවරණය කරන් තියෙන පියාපත අයින් කරන්න කියලා කිව්වා.

සේවකයා සෙමෙන් සෙමෙන් බිම හිටිය ජිමින් ලගට කිට්ටු වුනා. මුහුණ වසාගෙන තිබුණ ඒ විශාල පියාපත සෙමෙන් ඔහුගේ මුහුණෙන් අයින් කරන්නට ඔහුට හැකි වුණා.

ඒත් සමගම වටේ සිටි අයගෙන් නැගුණේ කසුකුසුවක්. පියාපත අයින් කරපු පුද්ගලයා එතනින් ඉවත් වෙද්දි ජේකේට බිම වැතිරිලා හිටිය ඒ සුරදූතයගේ මුහුණ පෙනුනා.

ජේකේ පුදුමයෙන් වගේ ඒ කෙනා දිහාම බලාගෙන හිටියා. ඒ තරමට වශී වන සුළු පෙනුමක් ඒ කෙනාට තිබුණේ.

" එයා... එයා පිරිමි ළමයෙක් නේද...මන් හිතුවේ එයා ගැහැණු ළමයෙක් වෙන්න ඇති කියලා..."

ටේ එහෙම කිව්වේ එයත් ඒ ලස්සන මුහුණට වශීවෙලා වගේ බලාගෙන.

" ඒත් ඇයි එයා නැගිටින්නේ නැත්තේ..."
නම්ජුන්ට තිබුණ ප්‍රශ්නේ එයා හැමෝටම ඇහෙන්න ඇහුවා.

" එයා... මැරිල්ද දන්නෑ..."

" වෙන්න බෑ..."

" හියුන් බලාගෙන..."

නම්ජුන් හිමින් හිමින් ජිමින්ට කිට්ටු වෙලා එයාගේ හුස්ම වැටෙනවද කියලා බැලුවා. එයා හුස්ම ගන්නවා කියලා දැනුනාම නම්ජුන් අත ආපහු අරගෙන එතනින් මෙහාට වුණා.

" එයා මැරිලද. ."

" නෑ ටේ... මන් හිතන්නේ එයා බයට සිහිය නැතුවද කොහෙද..."

ජේකේ ටිකක් වෙලා බිම හිටපු ජිමින්ගේ දිහා බලාගෙන ඉදලා

" මොහුව පහල කුටියේ සිර කර තබන්න... නම්ජුන් හියුන්"

" ඔව් ජේකේ..."

" ජින් හියුන්ට කියන්න මෙයාට සිහිය ආවේ නැත්තන් පොඩ්ඩක් බලන්න කියලා..."

" හරි මන් කියන්නම්..."

ජේකේගේ මිනිස්සු ජිමින්ව අරන් ගිහින් පහළ කුටියේ හිර කරා. ඒ වෙනකොටත් ජිමින්ට සිහිය තිබුණේ නෑ.

මොකක් නිසා ජිමින්ට සිහිය නැතිවෙන්නනැතිද?...

───────────────────────♕🌟

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now