♕🌟 20th

312 85 7
                                    

ජේකේ එලියට යන්න හිතාගෙන තිබ්බ ඒ අඩියත් එක්කම ජේකේ එතනම නතර වුණා. ඒ ජිමින් නිසා...

" ජේකේ ඉන්න..."

ජිමින්ගේ ඒ වචනේ නිසා ජේකේ එතනම නතර වුණා. ජිමින් තමන්ගේ අතින් අල්ලම නවතින්න කිව්වාම ජේකේට පුදුම හිතුනේ නැතුවමත් නෙමේ.

" ඔව් කියන්න..."

ජිමින් දිහා ආයේ නොබලා ඉස්සරහම බලන් ජේකේ කතා කලා.

" මටත්... මටත්... ඔයාව මතක් වුණා ජේකේ..."

ජිමින් ඒ දේ කිව්වේ හිත සිතුවිලි ගොඩක් අතරමන් කරලා. ඊලගට මොනවා වෙයිද? මේක කොහොම ඉවර වෙයිද? ජේකේ කොහොම ප්‍රතිචාර දක්වයිද? ගොඩක් ප්‍රශ්න ජිමින්ගේ හිතට ආවා. ඒත් අවසානේ ජිමින් ඒක කිව්වා.

ජිමින් ඒ දේ කිව්වාම... ජේකේට ඒක ගොඩක් ලොකු සතුටක් වුණා. ජිමින් කවදාවත් ඒක නම් හිතන්නේ නැතුව ඇති.  ජිමින් කිව්වේ තමන්ව මතක් වුණා කියලා.

ජේකේ හිමින් ජිමින් දිහාට හැරුනා. ජිමින් හිටියේ ඔළුවත් බිමට නමාගෙන ජේකේගේ අත එයාගේ අත් දෙකෙන්ම තදින්ම අල්ලගෙන.

ජේකේ අවසානෙදි එයාගේ හිතත් එක්ක තීරණයකට ආවා. ඒ එයාගේ හිතේ තියෙන දේ එළියට දෙන්න.

.

" ජිමින් මන් දිහා බලන්න."

ජිමින්ගේ අත් දෙකෙන්ම අල්ලගෙන ජෙකේ ජිමින් ලගටම ආවා.

ජිමින් හිමින් එයාගේ ඔළුව ඉස්සුවා. එයාගේ අත් දෙක තිබ්බේ දැන් ජේකේගේ අත් අතර. ජිමින්ට බලන්න ඕන වුනත් එක පැත්තකින් බැහැ කියලා හිතුනා. ඒත් හොද හරි නරක හරි ඕනම දෙයක් වෙනුවෙන් ජිමින් ජේකේ දිහා බැලුවා.

" ජිමින්... එන්ජල්... වචනෙන් කියන්න නොතේරෙන ගොඩක් දේවල් මට ඔයා නිසා දැනෙනවා ඒන්ජල්... මේක හරිද දන්නැහැ හැබැයි මට දැන් ඕන එකම දේ කියලා දැනෙන්නේ... ඒ ඔයාව විතරයී ඒන්ජල්..."

එහෙම්ම ජිමින්ව තමන්ගේ ලගට ඇදලා අරගෙන ජේකේ ජිමින්ව සියුම්ව සිපගත්තා...

ජිමින්ට තාමත් මේ ඔක්කොම හීනයක් වගේ.

───────────────────────♕🌟

හොදද අවුල්ද?. 😇 දැනුයි මන් මේක ලිව්වේ. ලියපු ඔක්කොම ඉවර වෙලානේ මන් දන්නෙත් නෑ. අද චුට්ටයි තියෙන්නේ හැබැයි.

ආහ් මන් කියන්නම හිටියේ මන් ජිමින් පියාපත් අකුලගත්තා කියලා කියන කොට ඔයාලා හිතාගන්න එයාගේ පියාපත් අතුරුදහන් වෙලා යනවා වගේ කියලා. ඒ කියන්නේ ඒ වෙලවට පිටතින් සාමාන්‍ය මනුස්සයෙක් වගේ පෙන්නේ එයාට ඕන නම් විතරයි පියාපත් මතුවෙන්නේ. ( දැන්ද ඕක කියන්නේ ඕතරියේ.... ඕතරිගේ ගොම් මොලේට දැන් තමා මන් ඒක කිව්වේ නෑ කියලා ආවේ...)

comment කරන අයට ගොඩාක් තැම්කූ... මන් රිප්ලයි නොකලට තරහා වෙන්න එපා... මන් පාඩම් කරන අතරෙයි මේක ලියන්නේ ඒකයි හොදේ...ඔයාලගේ කමෙන්ට් බලනවා මන් එකින් එකට රිප්ලයි දාන්න වුනේ නෑ...

ආදරෙයි හැමෝටම ඔය හොරාට බලන අයටත් එක්ක කීවේ 😌😚...

💕🌹....©Se_Ha
2022/11/28

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now