♕🌟11th

331 94 7
                                    

" ඔ... ඔයා..."

ජිමින් බයෙන්ම හිටිය තැනින් නැගිට්ටුනේ ඇවිත් හිටිය කෙනාව දැකලා.

" ඔ...ඔයා ඇයි මෙතෙන්ට ආවේ..."

" මේ මගේ මාළිගේ නිසා මට ඕනම තැනක මන් යනවා... ම්ම්ම්ම් ඔයාට ප්‍රශ්නයක්ද ඒක..."

ජිමින් ඔළුව හෙලෙව්වේ නෑ කියන්න.ජිමින් බයෙන් බයෙන් පස්සට ගිහින් බැල්කනියේ වැටේ හැප්පුනේ එයාට තවත් යන්න තැනක් නැහැ කියලා පෙන්නලා. ජිමින් එයාගේ දිහාට එන කෙනා දිහා බලලා තමන්ගේ පියාපත් එයාගේ ඉස්සරහට ගත්තේ ඇස් දෙක මට්ටමට. මොකද ජිමින්ට ඕන වුණා දකින්න.

" ඔයා මට බයද... මන් ඔයාව කයි කියලා වගේ..."

" ඔයා දඩයක්කාරයෙක් නිසා එහෙම නොකරයි කියලා හිතන්න බෑනේ..."

" ඒනම් කොහොම මන් ඔයාව අද රෑ කෑමට ගත්තොත්... ඔයාගේ මේ ලස්සන පියාපත් දෙකත් මට පුළුවන් මගේ කාමරේ ලස්සන කරන්න ගන්න..."

" ........"

" මොකද ඔබ නිහඩ වුණේ..."

ජිමින් ඇස් දෙක පියාගත්තේ දැණුන බයට. එයා ප්‍රාර්ථනා කලේ අනේ ජින්වත් මෙතනට එන්න කියලා.

" ඔයා මට ඔය තරම් බය නම් ඇයි ඔයා මගේ ගොදුරු නිදහස් කලේ ඒන්ජල්..."

" ඔයා ඒ අයට රිද්ද....."

ජිමින් එක පාරටම කියන ගමන් ඇස් ඇරියත් එයා ඇස් ඉස්සරහම තිබ්බ ඒ කළු පාට ලස්සන ඇස් දෙක එයාව වෙනම ලෝකෙක අතරමන් කලා.

ජේකේව හැමදාම ඈතට දැක්කත් ජිමින් ජේකේව මේ තරම් ලගට දැක්ක පළවෙනි අවස්තාව වුණේ මේක. ජිමින් ඒ කළු ඇස් බෝල අතරේ මොහොතකට අතරමන් වුණා.

අනෙක් අතට ජේකේ. එයත් ජිමින්ගේ ඇස් දැක්කේ දැන්. එයත් ඒ නිල් ඇස් දිහා බලාගෙන හිටියේ ඒවගේ ලස්සනට වශිවෙලා.දෙන්නට දෙන්නා දෙන්නගේ ඇස් අතරේ විනාඩියක් විතර අතරමන් වෙලා ඉන්න ඇති ඒත් දෙන්නගෙම ඒ වශිය බිදුණේ එක් කෑ ගැසිමක් නිසා.

" ජියොන් ජන්ග්කුක්......"

ඒ කෑ ගැසිමට බය වුණ පාර ජිමින් තමන්ගේ පියාපත් වලින් මූණත් එක්කම වහගත්තා. ජේකේ එහෙම්ම හොද හුස්මක් පහත දාලා ආපහු හැරිලා තරහා පිරුණු බැල්මක් දැම්මේ මොකද කියලා අහන්න.ඒ කෑ ගහපු ජින්ට.

" ජේකේ මට කියනවද මෙතන මොකද කරන්නේ කියලා..."

ඒත් ජින්ට කිසිම උත්තරයක් නොදිපු ජේකේ එතනින් ඔහේ යන්න ගියා.

" මේයාව නම් මට තෙරුම් ගන්න බැහ් දෙයියන්නේ... ජිමිනා... ඔයා හොදින් නේද... අරයා මොනා හරි කලාද..."

ජිමින් හිමින් පියාපත් දෙක තමන්ගේ පිටිපස්සට ගන්න ගමන් නෑ කියන්න හිස සෙලෙව්වා.

" එයා ඔයාව බය කරාද... බයවෙන්න එපා... එයා ඔය වගේ තමා..."

" හ්ම්ම්ම්..."

" මම ආවේ ඔයා කන්න කැමති මොනාද අහන්න... ඔයා යන් මාත් එක්ක... මම ඔයාව මම ලගින්ම තියාගන්නම්.."

ජින් ජිමින්ව එක්කගෙන කාමරෙන් එළියට ආවා.

───────────────────────♕🌟

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now