♕🌟 14th

311 91 4
                                    

ඇත්තටම ජේකේ බැලුව වෙලාවේ ජිමින්ට හරිම ලැජ්ජාවක් දැණුනා. ජිමින් තමන්ගේ අත් දෙකෙන්ම මූණ වහගත්තේ ඒ ලැජ්ජාවටම වෙන්න ඇති.

ටිකකින් ජිමින්ගේ කාමරේ දොර ඇරෙද්දි ජිමින් පුදුමෙන් බැලුවේ කවුද ආවේ කියලා.

" ඔ...ඔයා..."

" හොරාට මන් දිහා බලාගෙන ඔයා මොනවද කරන්නේ කියනවද..."

ජේකේ තමන්ගේ සුපුරුදු විදියටම ඇහුවා.

" ම... මන්... මන්..."

" ඔව් මන්..."

ජිමින් ඇදේ වාඩි වෙලා හිටියත් ජේකේ දැකපු ගමන් නැගිට්ටුනා. දැන් ජේකේ තමන්ගේ පැත්තට අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි ජිමින් අඩියෙන් අඩිය පස්සට යමින් ඉන්නේ.

" මන් ඔබ දෙස බැලුවේ නැහැ... මන් කුමකටද ඔබ දෙස බලන්නේ..."

" මන් නම් දුටුවේ ඔබ මා දෙස බලාගෙන සිනාසෙනවා..."

" ඔබගේ සිනහා වීමට දෙයක් නෑනේ..."

" එයත් එසේද... එසේනම් කුමක් දෙසද ඔබ බලාගෙන සිටියේ...ම්ම්ම්..."

" මා... මා... මල් දෙසයි බලාසිටියේ..."

එක පාරටම නොසිතුව විදියට ජිමින්ගේ එක අතකින් ඇදලා ජිමින්ව තමන්ගේ දෙසට ගතිපු ජේකේ අනිත් අත ජිමින්ගේ ඉණ වටා ඔතාගත්තා. ඒ ජිමින්ට පස්සට වන්න නොහැකි ලෙස.

ජිමින්ට වෙන්න යන දේවල් වුණ දේවල් හිතාගත නොහැකිව සිටිද්දි ජෙකේ හිමින් ලන් වුණේ ජිමින්ගේ කන ලගට.

" ඒන්ජල් කෙනෙක්ට මුසාවන් පැවසීම සුදුසු නොවේ... ඔබ එය දන්නැද්ද පුංචි ඒන්ජල්..."

ජිමින්ගේ කන ලගම කෙදිරුව ජේකේ ජිමින් දෙස බලද්දි ඔහු සිටියේ තදින්ම දෑස් පියාගෙන දෑතම ජේකේගේ පපුව මත තබාගෙන.

" ඒන්ජල් කෙනෙක් බය වුනාමත් ලස්සනයි හැබැයි..."

ජේකේ එහෙම කියලා ජිමින්ව අතෑරලා ඇදෙන් වාඩි වුණා...

" ඔයාගේ නම ජිමින් නේද... මට ඇහුනා ටේ හැමතිස්සෙම ඒක කියලා කෑගහනවා... ආහ් ඔයාට දැන් සනිපයක් දැනෙනවද?...ඔයාගේ පියාපත....  ජිමින්..... ඔයා හොදින් නේද..."

වෙච්ච දේ හිතාගන්න බැරුව පුදුමෙන් ඉදපු ජිමින් ජේකේගේ කටහඩට උඩ ගියා.

" මන් ඇහුවේ ඔයාගේ පියාපත කොහොමද දැන් කියලා..."

" ආහ් ඒක... දැන් ගොඩක් දුරට හොදයි... ඉක්ම්නටම මට යන්න පුළුවන් වෙයි..."

" හ්ම්..."

එහෙම්ම ඇදෙන් නැගිටලා සාක්කුවකට අතකුත් ඔබාගෙන ජේකේ කාමරෙන් යන්න ගියා.

ජිමින් හිටියේ තාම පුදුමෙන් " ඒන්ජල් කෙනෙක්ට මුසාවන් පැවසීම සුදුසු නොවේ... ඔබ එය දන්නැද්ද පුංචි ඒන්ජල්..."  ඒක ජිමින්ගේ කනේ රැව්පිලි දෙනවා වගේ ජිමින්ට දැනුනේ... ජිමින් තමන්ගෙම පපුවට අත තියාගත්තේ ඒක වේගෙන් ගැහෙද්දි. මහ අමුතුම හැගිමක් ජිමින්ට දැනුණා.

───────────────────────🌟♕

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now