♕🌟 21th

306 85 3
                                    

ජිමින් ඇස් දෙක පියාගත්තේ ජෙකේ එයාගේ තොල් අල්ල ගතිපු වෙලාවෙමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ඇස් දෙක පියාගත්තේ ජෙකේ එයාගේ තොල් අල්ල ගතිපු වෙලාවෙමයි. ජිමින්ට දැනුනා එයාගේ හ්දවත එළියට පයින්න තරම් වේගෙන් ගැහෙනවා. තත්පර ගානකට ජිමින්ට තමන්ගේ හදගැස්ම කන් ඇතුලේ ඇහෙන්න ගත්තා.

ජේකේගේ හදගැස්ම ඊට දෙවෙනි වුනේ නැහැ. ජිමින්ගේ හදගැස්ම තරම්ම ඒකත් වේගවත් වුණා.

දෙන්නගේ හාදුව පොඩි හාදුවක් වුණා. ජිමින් ජේකේගේ අතක් අරගෙන එයාගේ පපුවෙන් තිබ්බා.

" ජේකේ... මට කවදාවත් මේ විදියට මගේ හදවත ගැහෙනවා දැනිලා නැහැ... ඔයාට ඒක දැනෙනවද..."

" ජිමින් මට දැනෙනවා..."

ජිමින්ගේ මූණේ හරි ලස්සන සිහින් හිනාවක් ඇදුණා. ඒ හිනාව හරිම ලස්සනයි.

" ජිමින් මට ඔයාට පෙන්නන්න ඕන දෙයක් තියෙනවා ඒන්ජල්..."

ජිමින් ඇස් වලින් ඇහුවේ ඒ මොකද්ද කියන්න.

ජේකේ ජිමින්ගේ අතින් අල්ලගෙන එක්ක ගියා. ජිමින්ට හිතාගන්න බැරි වුණා මොනාද ජේකේට එයාට පෙන්නන්න තියෙන්නේ කියලා.

ජේකේ ගිහින් නැවතුනේ එයාගේ කාමරේම තිබ්බ වෙන පුංචි දොරක් ගාවින්. ඒ නැවතිලා ජේකේ ජිමින් දිහාට හැරුණා.

" ජිමින් ඔයා කව්දා සිටද මට කැමති වීමට පටන් ගත්තේ..."

" එය මන් හරියටම දන්නේ නැහැ... විටෙක ඒ ඔබව දුටුව පළවෙනි දවසේ සිටම වෙන්න පුළුවන්..."

" ජිමින් ඔබ කොතරම් කාලයක් ඒ ලෙසට මගේ දෙස බලා සිටින්න සිතා සිටියද?..."

" ආහ්... ජේකේ ඔබ... ඔබ කෙසේද දන්නේ... මන් ඔබ දෙස බලා සිටිය කියා... ටේ ඔබට පැවසුවද?..."

" ඒන්ජල්... ඔයා දන්නේ නැතිද... මන් දඩයම්කරුවෙක් කියලා..."

" ඒ කියන්නේ... ඔබ මාව දැක්කද කලින්..."

" ඔව්... ඔබ ප්‍රවේසම් වුණා හොදටම මදි ඒන්ජල් මගේ දෑස් වලින් හැංගෙන්න...   නමුත් ඔබ දන්නවද... මට මේ තාක් කාලෙකට හමුවුණ හොද දඩයම වුණේ ඔබ කියලා... හැබැයි ඔබ ඒ දඩයම්කරුව දඩයම් කලා හරිම ඉක්මනට..."

කට කොනින් නැගුණ සිනහව එක්ක ජේකේ එහෙම කියද්දි ජිමින්ට පුංචි බයක් වගේ දෙයකුත් දැනුනා.

" ඔබ එදා මගේ උගුලට හසුවෙන තුරුම මන් ඔබගේ මුහුණ දැක තිබුණේ නැහැ... නමුත් මන් ඔබව දැක්කා... මේ කාමරේ තුල තියෙන්නේ මොනාද දන්නවද..."

ජිමින් හිස සැලුවේ නැහැ කියන්න.

" මන් කැමතියි ඔබම ඒක බලනවට..."

ජේකේ ජිමින්ට දොර පෙන්නලා පසෙකට වුණා. ජිමින්ට හිසෙන් ඒ දෙසට යන ලෙස පවසමින්.

───────────────────────♕🌟

🌹💕🌟 Jk & Jimin...
කාමරේ මොනවා ඇති කියලද හිතන්නේ... 🤔

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now