♕🌟 17th

298 90 8
                                    

ජිමින් පිටවෙලා ගිහින් සතියකට ආසන්න කාලයක් ගතවෙලා ගිහින් තුබුණා.

ජිමින්ට ඒ හැමෝම ගොඩක් මතක් වුනා. ඒ වගේම ජිමින්ට වෙලාවකට හරි අමුතු හැගීමක් ඇති වුණා. ඒ ජේකේ එයාට පේන්න නැති වුනාට එයාගේ වොයිස් එක ජිමින්ගේ ඔළුව පුරාම එහා මෙහා සක්මන් කලා.

ජිමින්ට ඕන වුණා ඒ ඇයි කියලා හොයාගන්න. ඒ නිසාම ජිමින් හිතුවා හොබි එක්ක මේක කියනවා කියලා. ඒ නිසා ජිමින් හොබි හොයන් ගියා කතා කරන්න.

" ජිමින්... මොනා හරි ඕනද..."

" නෑ... ඒත් මට කතා කරන්න ඕන..."

" ඔව් ජිමින් කියන්න මන් අහගෙන ඉන්නේ..."

" හියුන් ඔයාට කාව හරි ගොඩක් මතක් වෙනවා නම්... එයාගේ හැම දේකින්ම ඔයාව පිස්සු වැටෙනවා වගේ නම්... එයාව අමතක කරන්න හැදුවත් ඒක කරගන්න බැරි නම්... ඒ මොන වගේ දෙයක් නිසා කියලද හිතන්නේ..."

" ජිමින් ඇත්තට මන් හිතන්නේ... ඒ ඔයා එයාට හ්දවතින් බැදිලා නිසා වෙන්න පුළුවන්..."

" ඒ ආදරේද?"

" ඔව් වෙන්න පුළුවන් ජිමින්..."

" ඒත් එයාට එහෙම නැතුව ඇති... මට විතරක් වෙන්න ඇති... අනික් එයා මනුස්සයෙක්නේ..."

" ජිමින් එයා ඔයාගේ හිත හොරකම් කරලා... කවුද ඒ..."

" ඒත් හියුන් එයා මට කැමත්තක් නෑ...මන් බය වුන නිසා වෙන්නැති..."

" ජිමින් කවුද ඒ කියන්න බැරිද මට..."

" හියුන් ඇත්තටම මන් දන්නෑ මට මෙහෙම දැනෙන්නේ ඇයි කියලා... මොනා නිසාද කියලා... ඒත් එයා කියපු වචන දෙක තුන තාම මට ඇහෙනවා වගේ...එයා මාව ඇල්ලුව විදිය මතක් වෙද්දි මාව හිරිවැටෙනවා වගේ..."

" ජිමිනා අහන්නකෝ... ආදරේ කියන දේ හිතේ ඇති වෙන්න එක බැල්මක් හොදටම ඇති... එයා ඔයාට කැමතිද නැද්ද මන් දන්නේ නැහැ... ඒත් ඔයා දැන් එයාට කැමැත්තෙන් ඉන්නේ කියලා හොදට පේනවා..."

" හියුන්..."

" ජිමින් ඒ කවුද කියන්නකෝ..." හොබි ජිමින්ගේ ලගින් වාඩිවෙලා ඇහුවේ රහසින් වගේ.

" ඒ... ඒ...එයා මන් වගේ කෙනෙක් නෙමේ නම් එතකොට..."

" ඒ කිව්වේ..."

" එයා එන්ජල් කෙනෙක් නෙමේ වගේ දෙයක්..."

" එයා කවුද ජිමිනි..."

" එයා මනුස්සයෙක්..."

" එදා ඔයාව බේරගතිපු කෙනා ගැනද ඔයා මේ කියන්නේ..."

" මන් කියන්නේ ජේකේ ගැන හියුන්..."

" ඔයා එයාට ඇත්තටම කැමතිද..."

ජිමිනුත් හොබිත් අතර තිබුණ නිහඩතාව බිදුනේ යුන්ගිගෙ කටහඬ නිසා.ජිමින් හොබි දෙන්නම ඉක්මනට පිටි පස්ස බැලුවේ යුන්ගි මොන වගේ හැසිරිමක් පෙන්නාවිද කියලා හිතාගත නොහැකිව.

───────────────────────♕🌟

කතාව නිකන් අවුල් ගියා වගේ දැනුනා මට...

dremers ඇහුවද... 😁🤩

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now