♕🌟9th

332 94 4
                                    

ජේකේ ජිමින්ව එතනින් එළියට ගන්න අවසර දුන්නා කිව්වාම ජින් පුදුමෙන් පුදුමෙට පත් වුණා. ඒ ජේකේ කියන කෙනා ඒ අය දන්න විදියට නම් මේ වගේ අනුකම්පාව දක්වන කෙනෙක් නොවෙන නිසා. වෙලාවකට මේ වගේ අනුකම්පාව දක්වන එකත් බය වෙන්න ඕන කාරණාවක් කියලා ජින්ට වගේම නම්ජුන්ටත් හිතෙන්න ඇති. ඒ නිසානේ දෙන්නටම ජිමින් දිහා බැලුවාම හිල්ලුනේ.

ජින් ජිමින්ගේ අතකින් ඇල්ලුවා. ඒ අත සිනිදුවට පිරිමදින ගමන් ජින් ආයේම කතා කලා.

" ජිමින්... මේ අහන්න... ඇත්තටම මන් කියන්න දන්නේ නෑ ඔයාට ඉස්සරහට මොන මොන දේවල් සිද්ධ වෙයිද කියලා... ඔයා මට වඩා වෙනස්... ඒක ඇත්ත... හැබැයි මන් මට පුළුවන් උපරිමෙන් ඔයාව බලාගන්නම්... තේරුණාද... ඒත් ඒක මගේ සිමාව ඇතුලේ විතරක් වෙයි... දැන් නැගිටින්න... අපි මෙතනින් යමු..."

ජිමින් ජින් දිහා බලලා හිස සෙලෙව්වා විතරයි. මුකුත් කියන්න ජිමින්ට උවමනාවක් තිබුණේ නැහැ. ජිමින් දැන් හිටියෙත් ඉස්සරහට වෙන දේකට එන විදියකට මුහුණ දෙනවා කියලා හිතාගෙන.

ජින්ගේ උදව්වෙන් බිමින් නැගිටපු ජිමින් ජින් එක්කම ඒ කුටියෙන් එලියට ඇවිත් උඩට ආවා. ජිමින්ට ජින් ලගදි ආරක්ෂාවක් තියෙනවා කියලා දැණුනා.

ජිමින්ව එක්ක ගියේ යම් ප්‍රමාණයකට ලොකු කාමරේකට. ඒක ඇතුලේ ඇදක් තිබුණා. ඊට අමතරව තිබුණෙ පුංචි මේසයකුත් පුටුවකුත් විතරයි. ජින් පරිස්සමට ජිමින්ව ඇදෙන් වාඩි කලා.

" ජිමින්... ඔයාගේ පියාපතට බෙහෙත් කරන්න ඕනි කොහොමද කියන්න මන් හරියටම දන්නේ නැහැ. ඒත් මන් මගේ උපරිමයෙන් එයට උත්සහා කරන්නම්... ඔබට මාව විශ්වාස නැති...."

" මට ඔබව විශ්වාසයි හියුන්... ඇත්තටම මටත් ඒ ගැන පුදුමයි... නමුත් මට ඔබව විශ්වාසයි..."

" ඔබේ ඒ විශ්වාසේ එසේම තියෙයි කියලා හිතනවා..."

" ජින් හියුන්... ඔබෙන් එක ඉල්ලිමක් කරන්නද..."

" ඔව් කරන්න පුළුවන් ඕනම දෙයක්..."

" ඔබට පුළුවන් ද මාව මෙහි තනි නොකර සිටින්නට... "

" ඔබ දන්නවනේ මන් වෛද්‍යවරයෙක්... මන් මට පුළුවන් හැම මොහොතෙම ඔබව තනි නොකර ඉන්නම්..."

" ඔබට ගොඩක් ස්තුතියි..."

" ආහ් මදක් ඉන්න..."

ජින් තමන්ගේ බෙහෙත් මල්ලට අත දමා එයින් යමක් පිටතට ගෙන ජිමින් දෙසට දිගු කලා.

" මේක ගන්න... මෙයින් ඔබේ වේදනාව පහව යාවි කියා මා සිතනවා..."

" ඔබට ස්තුතියි..."

ජිමින් ඒ බෙහෙත ගත් පසු ජිමින්ට දැනුනේ තද නිදිමතක්. ජිමින් හිමින් සිරුවේ නින්දට වැටුනේ ඔහුගේ වේදනාවත් ඔහුගෙන් කෙමෙන් පහව යද්දි.ජිමින්ගේ පියාපත්ම ඔහුට පොරෝනයක් ලෙස තියාගත් ඔහු බෙහෙත නිසා නින්දට වැටුණා.

ජිමින්ට නින්ද යන තුරුම ජිමින් ලගම සිටිය ජින්ට පණිවිඩයක් ලැබුණේ ජේකේ ඔහුව හම්බවෙන්නට බලා සිටිනවා කියලා. ඒ නිසා ජින් එතනින් පිටතට පැමිණියා.

───────────────────────♕🌟

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now