♕🌟4th

368 96 4
                                    

ජේකේ ඔහුගේ අශ්වයා වේගයෙන් අරන් ගියේ අනිත් කෙනාගේ පිටිපස්සෙන්. ටික දුරක් ගියාට පසු ජේකෙගේ ඇස් වලට දකින්න ලැබුනේ අමුතුම දසුනක්. ජෙකේ අශ්වයාගේ පිටෙන් බැස්සා. ඔහු සෙමෙන් සෙමෙන් ලං වුනේ ඒ උගුල දෙසට. ඒ වෙනකොට ටේත් නම්ජුනුත් එතෙනට ඇවිත් තිබුණා.

ජේකේ තමන්ගේ කඩුවට අත තියාගත්තේ හදිසියක් වුනොත් ක්ෂනිකව කඩුව ඇදගෙන පහර දීමට සුදානමින්.

උගුලට හසුවී සිටි අයෙක් වුවත් ඒ කුමන ආකාරයේ සතෙක්ද යන්න කාටවත් සිතාගත නොහැකි වුනා.ඒ සිටි කෙනා කෙසේ නමුත් උගුලේ පැටලි බොහෝ සෙයින් වෙහෙසින් බවක් පෙනෙන්නට තිබුනා. ඒ පැනයාමට දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසට.

විශාල අත්තටු දෙකකින් ඔහු වැසී ගොස් තිබුණා.

" කවුරුන්ද මේ..."

" මට පෙනෙන්නේ... ඔහු සුරදූතයෙක්..."

" නම්ජුන් හියුන් ඒත් කෙසේද මෙහි සුරදූතයෙක් සිටින්නේ..."

" ඔවුන් ඕනාම තැනක සිටිය හැකියි ටේ..."

ජේකේ පරික්ශාකාරිව උගුල වටේටම ගමන් කරමින් ඔහු දෙස බැලුවා.

" ජේකේ...එයාගේ මුහුණ පෙනෙනවද..."

" නැත... අපි මොහුව මාළිගයට ගෙන යමු... සුරදූතයෙක් කෙදිනකවත් අල්ලලා නොමැති නිසා මෙය  නම් හොද දඩයමක් වේවි..."

" ඔබ මොහුව කන්නද යන්නේ..."

" යාහ් ටේ මෝඩ ප්‍රශ්නයක්මයි ඇහුවොත් අහන්නේ... ඔහුත් මනුස්සයෙක්... ඔහු අපෙන් වෙනස් වන්නේ ඔහුගේ විශාල පියාපත් සහ ඔහුට ඇති මායාවන් නිසා..."

" ඔවුන් මායාවන් දන්නවද?..."

" ඔව්.. බොහෝ දෙනා දන්නවා..."

ජේකේගේ අණට අනුව ඔහුව මාළිගාවට ගෙන ගියා. ඒ පැටලිලා සිටි ආකාරයටමයි. යම් දෙයක් නිසා ඒ කෙනා සිටියේ නිසොල්මන්ව.
.
.
.

ජිමින් කෙසේවත් නොසිතුව ලෙසට ඔහුව උගුලකට හ්සුවුනා. ඒ උගුල්වල සිටි සතුන් බේරාගැනිමට පැමිණි වෙලාවේ. ඔව් ඔහු තමා සෑම සතෙක්වම උගුල් වලින් නිදහස් කලේ. ඒ වගේම ජිමින් පුරුදු වූ තව දෙයක් තිබ්බා. ඒ ගසක් මුදුනට වී ඒ දඩයක්කරු පැමිණෙන තෙක් සැගවී බලා සිටීම. ජිමින් ඒ දඩයක්කරුගේ තරහව පිරුනු මුහුණ දෙස බලා සිනාසෙනවා.

නමුත් අවාසනාවක ජිමින් ඔහුගේ උගුලක පැටලුණා.

───────────────────────♕🌟


◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now