♕🌟8th

345 93 4
                                    

" කලබල වෙන්න එපා... මන් ඔයාට කර්දරයක් කරන්නෑ... සන්සුන් වෙන්න..."

" මන්.. මන් .. මේ කොහේද..."

" ඔයා ඉන්නේ  මාළිගාවක... ඇත්තෙන්ම ඔයා ඒන්ජල් කෙනෙක්ද?..."

" මා... මට යන්න ඕන... මන් මෙතනට කැමති නෑ... මට ආපසු යන්නයි ඕන..."

" ඉන්න ඔහොම පොඩ්ඩක් ඉන්න... ඔක්කොටම කලින් මට ඔයා එක්ක කතා කරන්න දෙන්න... අනික ඔබට ආපසු යන්න තරම් සුවයක් නැහැ..."

ජිමින් බය පිරුණු මුහුණකින් ජින් දිහා බලාගෙන හිටියා...

" නම්ජුන් ඔයා එලියෙන් ඉන්න ටිකක්..."

" පරිස්සමෙන්..."

" හරි..."

ජිමින් ඒ වෙනකොට බිම වාඩිවෙලා තමන්ගෙම දණහිස් පපුව ලගටම අරන් ඒ උඩින් ඔළුව තියාගෙන හිටියේ. එයාගේ විශාල පිහාටු පිටිපස්සෙන් තිබ්බා දෙපැත්තට විහිදිලා.

" හලෝ... මන් ජින්..."

ජිමින් හිමින් එයාගේ ඔළුව ඉස්සුවේ ජින්ගේ මූණ දිහා බලන්න.

" ඕහ්... ඔයා හරිම ලස්සනයි..."

ජිමින් ඇස් දෙකට පිරුණු කදුළුත් එක්ක ජින් දිහාම බලාගෙන හිටියා.

" ඔයාව මට අදුන්වලා දෙන්න ඔයා කැමති නැති පාටයි...හරි ඒකට කමක් නෑ...මන් වෛද්‍යවරයෙක්... ඔයා හිටියේ සිහිය නැතුව... ඔයාගේ ඇගත් රස්නෙයි... මට පේන්නෙ ඔයා මොකක් හරි නිසා වේදනාවෙන් වගේ...ඔයාට ඒක ඕන්නම් මට කියන්න පුළුවන්... ඒම වුනොත් මට ඔයාට උදව් කරන්න පුළුවන්..."

ජිමින්ගේ දිහා බල බල ජින් කිව්වේ ජිමින්ගේ ප්‍රතිචාරය මොන වගේ වෙයිද බලන්න. ජිමින් ජින් කියපු දේවල් හැමදේම අහන් හිටියා.

" ඇත්තටම... මා... මන් ඉන්නේ දඩයක්කරුවගේ ගෙදරද?... එයා මාව මරයිද... මන් එයාගේ ගොදුරු බේරගත්ත නිසා..."

ජිමින් ඒ පාර නම් අඩන්න ගත්තේ කකුල් අතර ඔළුවත් හංගගන්න ගමන්.

" ඔයාව මරන්න ඕනි නම් ජේකේ මේ වෙද්දිත් ඒක කරලා... බයවෙන්න එපා... පැටියෝ... මේ අහන්න... අඩන්න එපා... මට ඔයාට බෙහෙත් කරන්න ඔයා ඒකට ඉඩ දෙනවද?... ම්ම්ම්හ්..." ජින් ඒක ඇහුවේ ජිමින්ට ලංවෙලා එයාගේ ඔළුව හිමින් අතගාන ගමන්.

ජිමින් හිමින් ඔළුව උස්සලා ජින් දිහා බැලුවා.ජිමින් අඩලා එයා කම්බුල් රෝස පැහැයට හැරිලා තිබුණා.ජිමින්ට ජින්ගෙන් එයාට කරදරයක් වෙන්නේ නෑ කියලා තේරුණා. ඒ නිසා ජිමින් හිමින් ඔළුව උඩ පහල කලේ ඔව් කියන්න.

" හරි... මට කියන්නකෝ ඔයාගේ කොහේ හරි රිදෙනවද..."

" හ්ම්..."

" කොහෙද රිදෙන්නේ..."

" මගේ... වම් පියාපත රිදෙනවා..."

" මන් ඒක ඇල්ලුවට කමක් නැද්ද..."

ජිමින්ගේ මූණ දිහාම බලාගෙන ජින් ඇහුවම ජිමින් ඒකට ඔළුව වනලා හා කිව්වා. ජින් හරිම ප්‍රවේශමෙන් ජිමින්ගේ පියාපත අතගෑවා. පරිස්සමට පියාපත බැලුව ජින් ජිමින්ගේ දිහා බැලුවා.

" ඔයා කොහේ හරි වැටුණද..."

" නෑ... ඒත් මන් ගහක වැදුණා... ඒ වෙලාවේ තමයි මම උගුලට අහුවුණෙත්..."

" ඔයාගේ පියාපත කැඩිලා... ඒත් ඒක හරි යයි ඉක්මනින්ම බෙහෙත් කලාම..."

" ඒකියන්නේ මට පියාබන්න බැරිද දැන්..."

" දැන්ම නම් බැරි වෙයි..."

" මගේ නම ජිමින්..."

" ඔහ්... ඔයා වගේම හුරු බුහුටියි..."

" මට ඔයාගෙන් එක උදව්වක් ඉල්ලන්න පුළුවන් ද..."

" ඔව් කියන්න..."

" මට මෙතනින් යන්න උදව් කරන්න හියුන්..."

" සමාවෙන්න ජිමින්... මට ඔයාට කරන්න බැරි එකම උදව්වත් ඒක... ඇත්තටම සමාවෙන්න ජිමින්..."

" හරි හියුන් මට තේරුම් ගන්න පුළුවන්..."

" ජිනී ජිනී..."

" නම්ජුන් මොකද මේ...ඔයා එයාව බය කරනවා..."

" ජේකේ මෙයාව මෙතනින් එලියට ගන්න අවසර දුන්නා..."

" ඔය ඇත්තමද... මේ ජේකේ ඇත්තටම අවසර දුන්නද..."

ජින් පුදුමෙන් ඇහුවේ පුදුම වෙලා වගේ ඉන්න නම්ජුන්ගෙන්...

──────────────────────♕🌟

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now