♕🌟 12th

326 91 2
                                    

" ජිමින් මේ මාළිගෙ ඇතුලේ ඔයාට බයවෙන්න ගොඩක් දේවල් නෑ හරිද... ජේකේ ගැන වුනත්... මොකද එයා පිටට පෙනෙන කෙනාට වඩා ගොඩක් වෙනස් කෙනෙක් ඇතුලෙන්... ඒත් අපි කාටවත් ඒ ඇතුලේ ඉන්න කෙනාව එලියට ගන්න බැරිවුණා."

ජින් ජිමින්වත් එක්කගෙන මාළිගාවේ උද්‍යානේ පැත්තට යන ගමන් කියන්න පටන්ගත්තා.

" ඔයා දඩයමේ එන අයව දැකලා ඇතිනෙ..."

" ඔව් හියුන්..."

" එහාට වෙන්න........"

හයියෙන් කෑගහපු ජින් ජිමින්ගේ අතින් ඇදලා එහාට ගත්තේ හරිම වෙලාවේ.

" යාහ් මෝඩ ටේ... මන් කියලා තියේ කරන එකක් පරිස්සමට කරන්න කියලා තමුන්ට... තා ඩිංගෙන් අනිත් පියාපතත් කඩනවා ඔයා..."

ජින් හයියෙන් කියන් ගියේ ටේ කන් දෙකේ ඇගිලි ගහගනිද්දි.

" ජිමින් ඔයා මාලිගාවේ ඉද්දි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනි මෙන්න මෙයාගෙනුයි විශේෂයෙන් මෙයාගේ මෝඩ වැඩ වලිනුයි..."

" හියුන් ඔයා ඔහොම මටම එලෙස පවසන එක හරි නෑ නේද... මොනා වුනත්.... ආහ් ඒනජ්ල් මන් ටේ...ටේහ්‍යන්..."

" ඔයා නේද හැමදාම කැලේදි සමන්නලු පස්සෙන් පන්නන කෙනා..."

" ඔහ්.. ඔයා අපි දිහා බලාගෙනත් හිටියද ඒන්ජල්... ඔයා නම් මාරම හොරෙක් තමා... ජෙකේ දැක්කානම් ඔයා එතනම ඉවරයි තමා ඒන්ජල්..."

" ඒත් එයා අද රෑට මාව කනවා කිව්වා..."

" බය වෙන්න එපා ඒන්ජල් එයා ඔයාව කන්නේ නෑ... මට ගොඩක් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒක..."

" මාත් එසේ සිතන්නම්..."

" ජිමින් ඔයාට මහන්සි නම් අපි ආපසු යමු..."

" නෑ මන් මෙහි සිටින්න ආසයි... මට සුව වන තුරු පියෑඹීමටත් නොහැකියිනේ..."

ජින් වගේම ටේ එක්ක ජිමින් උද්‍යානෙට වෙලා ගොඩක් කතා කලා.ජිමින් එයා පියාඹන විට දකින දේවල් ගැන කිව්වා. එයා මොන වගේද ජීවත් වෙන්නේ කියලා කිව්වා. ඔවුන් ඔවුන්ගේ අත්දැකිම් එකිනෙකා අතර බෙදාගත්තා.

.
.
.
.

උදේ පාන්දරම ජිමින්ව බලන්න කියලා ගිහිපු ජේකේ හිටියේ එයාවම තේරුම් ගන්න බැරුව. අහම්බෙන් හම්බුන ඒන්ජල් කෙනෙක්ට එයාගේ මුළු හිතම හොරකම් කරන්න පුළුවන් වෙලා කිව්වොත්....

උදේ ජිමින් තාම නිදි ඇති කියලා හිතලා ජිමින්ගේ කාමරේට ගියත් සීතලේ ගුලිවෙලා හිටිය ඒ ඒන්ජල් දැක්කාම ආයේම යන්න හිත නොදුන්නේ ඇයි කියන්න ජේකෙ දන්නේ නැහැ. ඒ නිල් ඇස් දකිද්දි ඒවගේ අතරමන් වෙලා වගේ හිටියේ ඇයි කියන්න ජේකේ දන්නේ නැහැ. ඒ දේවල් හිතෙන් අමතක කරන්නට නොහැකි ඇයි කියන්න ඔහු දන්නේ නැහැ.

ඔහුවත් නොදන්න ලස්සන දෙයක් ඔහු තුල සිද්ධ වෙමින් පවතින බවත් ඔහු දන්නේ නැතුව ඇති...

💗🤗

───────────────────────♕🌟

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now