02

1.7K 121 5
                                    

#Mr_අතිපණ්ඩිත
                 _____♥️ 02 කොටස ♥️____

"තමුසෙ හෙන ආසාවෙන් ඉන්න ඇති නේ මම මැරේජ් එක නවත්තයි කියලා?"

කට කොණක හිනාවක් එක්ක කෙනාර් මගෙ දිහා බැලුවෙ මහ අමුතු බැල්මක්..මම ඒ ඇස් මගඇරල අහක බලාගන්දි කෙනාර් මගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලල මූණ එයාගෙ පැත්තට හරවගත්තෙ මම ගැස්සිලා යනකොට.

__________________🤎♥️🤎__________________

මම රවාගෙනම ඒ අත මගෙ මූණෙන්  අයින් කරන්න හැදුවත් පුදුම හයියක්. රබර් කියල හිතන් ඉන්නවද දන්නෑ මං. හිටපන්කො හොඳ වැඩක් කරන්න කියල මම නියපොතු  ටිකේ සීල් එක හිටින්නම පණ්ඩිතයගෙ අත හයියෙන් ඇල්ලුවා.

"හ්ස්ස්"

ඔන්න ඒ පාරනම් අත ගසන ගමන් අහකට ගත්තෙ මූණ තැලිච්ච සැමන් ටින් එකක් වගේ වෙද්දි.

"තමුසෙ යක්ෂණියක්ද අයිසෙ.. බලනවා තුවාල වෙලා"

දත්මිටි කාගෙනම අත ඉස්සරහට දික් කරල පොර කියද්දි මාත් එබිල බැලුවා ටිකක්. පිටිඅත්ලෙ නියපොතු පාරවල් හතරක්ම හිටලා. චිත්තප්‍රීතියටම ආපු හිනාව කන්ට්‍රෝල් කරගත්තෙ නෑ මං. හොඳවැඩේ. ආව මෙතන මට පාට් දාන්න.

"තමුසෙ හිනාවෙන්නත් එනවද ආහ්"

ඒ පාර කෑ ගැහුවෙ මුළු කාර් එකම දෙදරල යන්න තරම් සද්දෙන්. අතකින් කණත් අල්ලන් මම බැලුවෙ පොර දිහා කට ඇද කරන්.

"තමුසෙ ඕනේවට වැඩී ආහ්. තව ටික දවසක් නටපන්කො"

"අඩුද වැඩිද දන්නෑ ඒ මගෙ ගාණ."

පණ්ඩිතය දිහා නොබලම ඇස් කරකවල ශටර් එකෙන් එළිය බලාගන්න ගමන් මම කීවෙ. දන්නවා තප්පුලන කුළු හරකා වගේ පිඹ පිඹා මන් දිහා බලන් ඇත්තෙ. මං බයවෙයි.

ටිකකින් සද්දයක් නැති නිසා මම බලද්දි පොර ඇහිබැමි දෙක එකට යා කරන් ඩ්‍රයිව් කරනවා. ස්ටියරින් වීල් එක උඩ තියන අත දිහා බැලුවෙ. රතු වෙලා නියපොතු පාරවල් වලට.

"ඇයි මොනවද බලන්නෙ තමුසෙ?"

"රිදෙනවද?"

මං මවාගත්ත ටෝන් එකකින් අහද්දි පොර නිකන් විසිපස්වෙනි ලෝක පුදුමෙ දැක්ක වගේ මං දිහා බැලුවෙ.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now