19

1.2K 102 0
                                    

#Mr_අතිපණ්ඩිත
         ______♥️ 19 කොටස ♥️______

හුස්ම නුඹ මගේ වී
ආදරේ සඟවා ඉනූ බැරී
ගැහෙන පපුතුරේ හොරෙන් ආදරේ උණුහුමේ දැවටෙමින්
මට හොරෙන් මගේ හිත
නුඹ ළඟම නැවතිලා හොරෙන් .....
ළඟ ඉන්නේ අහංකාර නුඹමද කියා
මගේ හිත නෑ දනී
සෙනෙහසින් නවතින්නද
නුඹේ ළඟ මේ ලෙසින්
වෙලා හිත ඇතුලේම පැලපැදියම් නුහුරු සෙනේහසක හැගුම් දම්
නෙළා ගන්න අවසර රත්තරං නුඹේ නමින්
නුඹේ නමින් ආදරේ පිරිලා මගේ හිතේ....

මායාවක වගේ පැටලා හිටපු මං පියවි සිහියට ආව එකපාරම. හිත යටින් කෙනාර්ගෙ සිපගැනුමට අකමැත්තක් නැති උනත් හදවත පස්සට දාල මොළේ තීරණයක් ඉස්සර උනා. කෙනාර් මගෙ දෙතොල් වලට ළං වෙද්දිම මම පස්සට උනේ මූණ පැත්තකට හරවගන්න ගමන්.

මොකද හිතට එකඟව කෙනාර්ට අකමැතිනම් මම මෙහෙම එයාට ළං වෙන්න දෙන එක වැරදියි. මූණ පැත්තකට හරවපු මම කලබලෙන් කෙනාර් දිහා බැලුවෙ.

හිතුවක්කාරයී නුඹේ හිත
මන් නුඹේ ළඟ නතර වෙලා...
නෙළුම් පෙතිවන් දෙතොල් මගේ හිත මත් කරා...
මට හොරෙන් මගේ හිතත් නුඹේ ළගින් නැවතිලා ....
දඩබ්බර මගේ හිත නොනවත්වාම නුඹේ වෙලා...
අහංකාර නෙතු අස්සේ රගදාන සදවතී...
හිනකැන්දන් මගේ හිතේ
හැගුම් අවුස්සන මුවැත්ටිය...
නිතරම හොරෙක් මෙන් හදවත සනසන
හොර කෙල්ල ...
නොකිව්වාට මගේ හිත දනී නුඹ මට ආල පුරන බව..
මුවෙන් නොපවසා සිතින් බැඳී පෙම මහමෙරක් ...
කවදා දෝ මට ආදරේ කියන්නේ ඔය නෙත් අගින් මුමුණමින් ...
ආදරේ මගේ පුංචි කෙල්ලේ නුඹ මන් ගැන හිතනවට වඩා හුගක් ...
අතින් අල්ලාගෙන ගොඩක් දුරකට යමූ
අපී අපේ වී සෙනේහසින් ..
  ---(කෙනාර්)
   
කෙනාර්ගෙ ඇස් අස්සෙ ලියවිලා තිබ්බෙ අමුතුම කතාවක්. ඒ ආදරේදෝ කියලත් හිතුණ මොහොතකට මට. ඒත් මමම එහෙම නෑ නේද කියල හිතාගත්ත. ඒ උනාට ඒ බැල්ම ඉස්සරහ හිරිවැටිල යනව මගෙ පපුවත් එක්ක. ඒ ඇස් මොකක්දෝ මන්දා තේරුම් ගන්න බැරි හැඟීමකින් පිරිල ගිහින් වගේ දැනුණෙ. බලන් ඉන්නත් බැරි තරමටම කෙනාර්ගෙ ඒ නපුරු ඇස් දෙක මගෙ හිත හොල්ලනව.

ඒත් ඊළඟ තප්පරේ හිතුවෙ නැති විදියට කෙනාර් ආයෙම මගෙ දෙතොල් උඩ තිබ්බෙ කෙටිම කෙටි හිතුවක්කාර හාදුවක්.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now