28

1K 96 1
                                    

#Mr_අතිපණ්ඩිත
                   ♥️28 කොටස♥

රැයක් ගෙවිල ගියේ නිදිවර්ජිතව. මට හිතුණෙම අපරාදෙ කියලා. ඒ හුදෙකලා ජීවිතයෙන් ඈත් වෙන්න තීරණේ කරපු එක. ආයෙම වැටුණ තැනින් නැගිටින්න තීරණය කරපු එක අපරාදේ. බැඳීම් හදාගන්න මම හරි බයයි.

සුදු අයිය මාව දාල ගියාට පස්සෙ අලුතින් යාලුවෙක්වත් මගෙ ජීවිතේට ගත්තෙ නෑ මං. මොකද මම බයවුණා වෙන්වීම කියන වචනෙටත්. සහෝදරයෙක් වෙන් උනාම ඒ අඩුව මකන්න වෙන කාටවත් බෑ. ඒ වේදනාව මැකෙන්නෙත් නෑ.

ඉතින් ඒ වගේ මගෙ යාලුවො වෙන්වෙයි කියල, අම්ම අප්පච්චි වෙන් වෙයි කියල අසීමිත බයක් දැනුණෙ මට. ඒකත් එක හේතුවක් මම ඒ හැමෝගෙන්ම ඈත් වෙලා හුදෙකලා වෙන්න.

අවුරුදු අටකට පස්සෙ බලෙන්ම මගෙ ජීවිතේට ආව එකම කෙනා කෙනාර්. එහෙම ළං උන එකම කෙනා එයා. මාත් නොදැනීම මම ඒ බැඳීමට ආස කරල. ලෝබ කරලා.

අවුරුදු අටක් වැටිල හිටපු මනුස්සයෙකුට හෙමීට නැගිටින්න අත දීලා උඩට උස්සල ගන්න ගිහින් ආයෙම ඊටත් වඩා පහළ තැනකට තල්ලු කරල දැම්ම වගේ හැඟීමක් මට දැනුණෙ.

වේදනාවක් විඳින්න තරම් හිත හයිය නෑ. මට දැනුණෙ අසාමාන්‍ය කේන්තියක්. බලෙන්ම කේන්තිය උඩට ගත්ත මං වේදනාව හංගන්. මම ඉක්මනින් ඇඳුමක් දාන් කොණ්ඩෙවත් පිහින්නෙ නැතුව ඇඳේ පෙරළුනේ ඔලුව පැලෙන්න වගේ කැක්කුමක් ආපු නිසා. ආයෙ මම ඇහැරුණේ පහුවදා උදේ නවයට විතර.

      _________________♥️_________________

"අශූ.."

මම හෙමිට ඇස් ඇරියේ ඔලුවට දැනුණෙ සියුම් ඇඟිලි පහසත් එක්ක.

"අනී?"

"ම්ම්..මොකෝ මේ ඇඳ බදාගෙන. ඒහ් ඔලුවත් රස්නෙද? "

"ම්ම්හ්..පොඩි ඔලුවෙ කැක්කුමක් ආවා ඊයෙ  "

හිත අස්සෙම දුක හිරකරන් මම සාමාන්‍ය විදියට හැසිරෙන්න උත්සහ කරා.

"බබා...මොකක් හරි ප්‍රශ්නයක්ද? මැලවිල ගිහින් මූණත් එක්ක"

අනීෂා අහන්නෙ මගෙ මූණ පුරා ඒ ඇස් යවන ගමන් පරීක්ෂාවෙන්.

"නැහ්..ඉන්න මම වොශ් දාගෙන එන්නම්"

අනීෂ එක්ක යන්තම් හිනාවෙලා මම වොශ්රූම් ගියා. ඇඟ සෝදන් රූම් එකට ආවේ ටවල් එක ඇඳගෙන. ඇඳුම් තෝරන ගමන් මම අනීෂා එක්ක කතා කරා.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now