09

1.3K 108 0
                                    

#Mr_අතිපණ්ඩිත
♥️ 09 කොටස♥️__________

"මගෙ දෝණි බුදුන් වැන්ඳද ?"

ගෙට ගොඩවෙන්නත් කලින් ගේ දොරකට හැඟීම් දාහක් හිරගත්ත ඇස් වලින් පුංචි අහද්දි මට දැනුණ වේදනාව පපුව ඇතුලෙන් ගුලි ගැහි ගැහී උඩට එනව වගේ දැනුණ. යටිතොල හපාගෙන ඔලුව උඩට පහළට කරේ පිටපනින්න වෙර දරන වේදනාව උපරිමේටම හංගගෙන මම.

"ඉස්සර වගේ..."

පුංචි ඒ ටික කියද්දි ගේ ඉස්සරහ පත්තුවෙන පහණෙ එළියෙන් දිලිසෙන පුංචිගෙ හීන් කඳුළු පටලයකින් තෙත් උන ඒ ඇස් මගෙන් හංගගත්ත එයා. වේදනාව හංගන්න දෙතොල්පට එකිණෙක තද කරලා බොරු හිනාවක් මවාගත්ත පුංචි හෙළපු හුස්මෙ බර ඇවිත් නතර උනේ මගෙ පපුවෙ ඇතුලෙ වගේ දැනුණෙ. උගුරෙ මොනවද වේදනාව ගුලියක් වගේ උගුරත් එක්ක ගිණියම් කරගෙන හැංගිලා තියන වේදනාව ආයෙ ආයෙම උඩට එනකොට මම මාව පාලනය කරගන්න දැරුවෙ මහා ලොකු වෑයමක්.

හුස්මක් හෙළපු පුංචි ගේ ඇතුළට යන දිහා බලන් හිටපු මම අතින් කට වහගෙන දුවගෙන ආවෙ ගේ ඉස්සරහ කණුවක් ගාවට. ඇඬුම පාලනය කරගත්තෙ නෑ තව දුරටත්. එහෙම කරන්න හයියක් නෑ. ඒ බැඳීම, හව්හරණ, ආරක්ෂාව, තමන්ගෙකම මතක වෙන වාරයක් පාසා හංගන් ඉන්න අහිමිවීමේ වේදනාව වතුර යට හංගපු රබල් බෝලයක් වගේ උඩට එන්නෙ මුළු හිතම වේදනාවෙන්ම පුරවගෙන. කෑ ගහල අඬන්න ඕනෙ උනත් පුංචි හිතේ හිරකරන් ඉන්න දුක උඩට ගන්න ඕනෙ නෑ මට.

නිහඬවම අඬලා කඳුළු පිහදාගෙන මම එහෙමම ගේ එළියෙන් යන්න ගියේ ගෙදර පිටිපස්සට. ආයෙම මට යන්න හිතුණා එයා නිදන් ඉන්න තැනට. ඒත් අඩි දෙක තුනක් තිබ්බ මම එහෙමම නැවතුණා.

හිතෙන් අහල බැලුවා මම. හයියක් තියනවද කියල ආයෙම මගෙ සුදුඅයියා එහෙම ඉන්නව බලන්න. නෑ. මට බෑ ආයෙම ඒ වේදනාව විඳින්න. මට බෑ ඒ කටුක ඇත්ත ආයෙම ඇස් වලින් දකින්න. මගෙ සුදු අයිය ඉන්නෙ මම ගාවම කියන ඒ ෆැන්ටසියක් වගේ හීනෙ අතරමං වෙන්න ඕනෙ මට ආයෙම. වේගෙන් ගැහෙන ළයට අතකුත් තියාගෙන මම පස්සෙන් පස්සට ආවේ හිත ඇතුළෙ මතක ගොඩක් හොල්මන් කරනකොට. යන්න ගිය ගමන නතර කරලා අඩි දෙක තුනක් පස්සට ආපු මම ආපහු හැරුණා දෙපාරක් නොහිතම.

Mr.අතිපණ්ඩිත Tempat cerita menjadi hidup. Temukan sekarang