10

1.3K 108 1
                                    

#Mr_අතිපණ්ඩිත
               ______♥️ 10 කොටස ♥️______
දඩබ්බරයි මේ හිත
ඒත් නැවතුනේ නුඹ ළඟ
දැනෙයි සුපුරුදු සුවඳ
නුඹේ ළඟ කුමරිය....
දුවන ලෙය ප්‍රේමයෙන්
පුරවා නුඹ අවසන්
ඒත් ඒ ආලය
නොපෙනේ නුඹට අදනම්..
නපුරුයි මගේ හිතනම්
ඒත් සුමුදුයි සිතුවිලිනම්
ඉතින් කුමරි නුඹනම්
ලැබුනේ ⁣පිනකට මටනම්..
බයයි නුඹගැන මටනම්
අහිමි වේදැයි නිතැතින්
ඒත් නොහරිමි හදවතනම්
නුඹ බැදි පෙම මනරම්....
ලියමි පපුවෙම කතාවක්
හදේ ගැඹුරක ඉනාවක්
මැණික නුඹනම් දෙව්ලියක්
මගේ හිත පිරවු කතාවක්....
     - කෙනාර්
(නිසඳෙස Chathurika Sewwandi නංගිගෙන්🖤)
      _________________♥️_________________

"වයිෆ් ප්‍රෙග්නට්ද?"

ඩොක්ටර් කෙනාර්ගෙන් අහද්දි මගෙ මූණ විතරක් නෙමේ කෙනාර්ගෙ මූණත් රතු උනා.

"න්..නෑ ඩොක්ටර්."

මමනම් බිම බලාගෙනමයි හිටියෙ. බේත් අරන් මගදි ෆාමසියකින් වාහනේ නවත්තපු කෙනාර් මගෙ ඔඩොක්කුවට මොනවද මන්දා අරන් ඇවිත් දැම්මා.

ආයෙම කතා බතා නැතිව දෙන්නත් එක්ක ආවේ. පුංචිගෙ ගෙදරට මීටර් දෙසීයක් වගේ දුර තියෙද්දි වාහනේ ගැස්සෙන්න ගත්තා සද්දෙකුත් එක්ක. කෙනාර් එහෙමම වාහනේ අයිනකට කරලා නැවැත්තුවා.

"බහින්න එපා ඔහොම ඉන්නව"

කෙනාර් වාහනෙන් බැස්සා.

"ශිට්!"

       _________________♥️_________________

හිසකේ පසුපසට ඇදගන්න ගමන් කෙනාර්  කේන්තියෙන් කා(ර්) එකේ ඉස්සරහ දකුණු පස ටයර් එකට හයියෙන් පයින් ගැහුවා. මම ඔඩොක්කුවෙ තිබ්බ බෙහෙත් ටිකත් ගුලි කරන් බලන් හිටියෙ කුතුහළෙන්. වාහනේ ලයිට් එළියට පේන ඒ මූණ කේන්තියෙන් රතුවෙලා ඒ ටිකට. කටුස්සෙක් වගේ මෙයානම්. මේ හිටපු ගමන් පාට මාරු කරනවා. දැන් අපූරුවට හිටියා ශෝක් බබා වගේ. මොකද දන්නෙ නෑ. බහින්නත් හිතුණා. ඒත් ආයෙම සද්ද නැතුව හිටියේ යද්දි පණ්ඩිත ස්වරයෙන් ලෝඩ් වගේ බහින්න එපා කියල අණ කරපු නිසා.

ටිකකින් එයා ආයෙම ඉස්සරහ දොර ඇරලා බැලුවෙ මගෙ දිහා.

"මොකද උනේ?"

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now