18

1.2K 109 1
                                    

#Mr_අතිපණ්ඩිත      
             ______♥️ 18 කොටස ♥️_____

මගේ මැණික මේ අහන්න
නුඹ තවමත් නොදන්න
මා පමණක් වටහගත්ත
කරුණක් තියෙනවා කියන්න.

අපෙ කතාවෙ අවසානය
නුබ නොදකින මුත් තවමත්
නුබේ දෙනෙත මට කියන්නෙ
ඒ අවසන සුන්දර වග

ඉතින් මගේ නපුරු කුමරි
එප ඔතරම් බොරු කරන්න
මා දන්නා තරම් නුබව
නුබවත් නැ තව දන්නේ

නුබගේ ඔය ගල් හදවත
මාගේ එක් බැල්මක් ළග
අගුලු හරිනු ඇත සොදුරිය
නුබ ඇයි නොම වටහන්

ආල බැලුම් නොරිසි නම්
ආල වදන් නුබේ නමට
ගෙන එන්නට හැකියි මෙමට
නුබ නොදකින මගෙ ආදරෙ
නුබට පමණි මගේ මැණික
    〰️〰️〰️♥️〰️〰️〰️

කෙනාර් මගෙ පැත්තට අත දික් කරද්දි මම ඇකිළුණා. ඒත් එක්කම කෙනාර් එක අතකින් මගෙ කකුල් දෙකම අල්ලල අරන් එයාගෙ ඔඩොක්කුව උඩින් තියාගත්තෙ වැඩිය මගෙ දිහා නොබලමයි. හොල්මන් වෙන්න පුළුවන් උපරිමේටම හොල්මන් වෙලා හුස්මත්  ඉහළට ඇදගෙන බලන් හිටියෙ කෙනාර් දිහා.

කෙනාර් ගාණක්වත් නැතිව මගෙ කකුල් දෙක එයාගෙ ඔඩොක්කුවෙන් තියාගෙන අතකුත් ඊට උඩින් තියාගෙන ෆෝන් එක ඔබනවා අනිත් අතින්. මේ කෙනාර්නම් හැමතිස්සෙම මාව හොල්මන් කරලා ගල් කරල දානවා.

හුස්ම වැටිල්ල සාමාන්‍ය අතට හැරෙන්නත් තප්පර ගාණක් ගියාද කොහෙද. ඊළඟ තප්පරේ මම මාරුවෙන් මාරුවට බැලුවෙ කෙනාර්ගෙ ඔඩොක්කුවෙ තියන මගෙ කකුල් දෙක දිහයි, කකුල් දෙක අල්ලන් ඉන්න එයාගෙ ඒ අත දිහයි කෙනාර්ගෙ මූණ දිහයි.

කලින් බලපු බැල්මට මම හිතුවෙම කකුල් උඩට ගත්ත නිසා මාව මෙයා සීට් එකෙනුත් ඇදල බිමට දායි කියලා. ඒත් ඉතින් උනේ මම හීනෙකින්වත් හිතපු දෙයක්ද. තාමත් දකින්නෙ හීනයක්ද කියල හිතෙනවා. නෑ හීනයක් නෙමේ. මේ ආඩම්බර කෙනාර් මගෙ කකුල් වගක්වත් නැතිව අපූරුවට එයාගෙ ඔඩොක්කුව උඩ තියන් ඉන්නවා.

සිහියට ආපු ඊළඟ මොහොතෙම මම කරේ ගැස්සිලා වගේ කෙනාර්ගෙ ඔඩොක්කුවෙන් මගෙ කකුල් දෙක ඇදල ගන්න හදපු එක. ඒත් එයාගෙන්නම් ඒකට ඉඩක් ලැබුණෙ නෑ.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now