20

1.2K 101 3
                                    

#Mr_අතිපණ්ඩිත
             ▪️____♥️ 20 කොටස ♥️____▪️

කීයට කොහොම නින්ද ළඟා උනාද මතක නෑ. හැබැයි මට සෑහෙන වෙලා නින්ද ගිහින් කියල තේරුණේ නිත්‍යගෙ කාමරේ ජනෙල් තිර රෙදි අස්සෙන් හෙමින් හෙමින් ඉරඑළිය ඇහිපියන් අද්දර තැවරෙනව දැනෙණකොට. ඇස් අරිනවත් එක්කම ඇහුණෙ සද්ද බද්ද ගොඩක්. කට්ටිය කතා කරන සද්දෙ, බඩු එහෙ මෙහෙ වෙන සද්දෙ, පුංචි ළමයෙක් අඬන සද්දෙ... ඒව ඇහෙද්දි තමා මතක් උනේ මළගෙදර ඉන්නෙ කියල.

ඔලුව හරවල බැලුවෙ නිත්‍යා, අනීෂා කොහෙද කියල. ඒ දෙන්න ඇඳේ නෑ. මං විතරක් ඇඳේ නිදන් ඉන්නව කියල තේරෙද්දි දැනුණෙ ලැජ්ජාවක්. පිට තැනකට ඇවිත් මෙහෙම පරක්කු වෙනකන් නිදන් ඉන්න එක හරි නෑ. අනීෂට තිබ්බෙ නැද්ද මාව ඇහැරවන්න කිය කියා මම එයාටත් හිතෙන් ලාවට බනින ගමන් නැගිටල ඇඳෙන් ඉඳගත්තෙ.

අත් දෙකම දිගඇරලා කම්මැලි ඇරලා ඈණුමක් අරිද්දිම ඇස් ගියේ මගෙ ඇඟේ තිබ්බ කෙනාර්ගෙ ජර්සි එකට. යන්න ගියපු ඈණුමත් එහෙමම නැවතුණා.

ආයෙම කලින් දවසෙ පපුව පුරවපු අමුතු අමුතු සිතුවිලි හෙමීට හිතට එබෙන්න ගත්තේ හිතම නොසන්සුන් කරල. චිත්‍රපටයක් වගේ මැවෙන්න ගත්තෙ කලින් දවසෙ රෑ සිද්ධ උන දේවල්. කෙනාර්ගෙ ඒ සිපගැනුම ගාවම හිත නවාතැන් ගත්ත හේතුවනම් හිතාගන්න බෑ. මූණ රතුඋනා ඇඳෙන් බහින්නත් කලින් ඉඳලම.

හදිසියෙ ආපු සිතුවිල්ලක් නිසාමම එහෙමම අත උඩට උස්සල ඉඹල බැලුවෙ කෙනාර්ගෙ ජර්සි එකේ අත. තාමත් ලාවට එයාගෙ විලවුන් සුවඳ එනව.

එතකොටම කාමරේ දොර දිහයින් අඩි සද්දයක් ඇහෙද්දි මට අත පාත් දැමුණෙ ඉබේමයි. ඒත් එක්කම දොර ඇරගෙන කාමරේ ඇතුළට ආවෙ අනීෂා.

"ආහ් මැඩම් නැගිට්ටද...අදත් මොනවහරි අඩව්වක් අල්ලන්නද දන්නෑ ප්ලෑන් කරන්නෙ"

අනීෂා කාමරේට ආවෙ නෝක්කාඩුවකුත් කියාගෙනමයි. තාමත් කේන්තියෙන්. මම ඉතින් පූස් පැටියා වගේ බිම බලන් හිටියා.

"අශ් ඔයානම් තාම අර ඉස්සර හිටපු බොළඳ කෙල්ලමයි."

අත් දෙකත් බැඳගෙන කාමරේ තිබ්බ මේසෙට පිටදීලා අනීෂා කීවෙ මන් දිහාවට තියුණු බැල්මක් රඳවන්. මම ඇස් උස්සල කලබලෙන් බැලුවෙ ඒ කියපු කතාව මොකක්ද කියලා.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now