06

1.4K 108 2
                                    

#Mr_අතිපණ්ඩිත      
♥️ 06 කොටස ♥️

"ඔව් අයියෙ දෝණිට ප්‍රශ්නයක් නෑ දැන් බයවෙන්න එපා එයා හොඳින්"

ආයෙම මට ඈතින් වගේ ඇහුණෙ පුරුදුම කටහඬක්.

"නෑ නෑ අපි ගෙදර නෙමේ ඉන්නෙ. මේ එයාට බෙහෙත් ටිකක් ගන්න ආවා ඇඟ රස්නෙයි ටිකක්"

ඒ කටහඬ පුංචිගෙ. තද ඔලුව කැක්කුමක් දැනුණෙ මට. මම එහෙමම ඇස් පියාගෙනම හිටියා ඇස් දෙකත් එක්ක බරවෙලා නිසා.

"එපා අක්කෙ. ඔයාල දැන් මෙහෙ එන්න එපා. අපි හෙට උදේට කතාකරමු.  පුතත් ඉන්නවනෙ බයවෙන්න එපා."

එයා ෆෝන් එකෙන් කතාකරන්නෙ අප්පච්චිලාටද කොහෙද.

"හ්ම්. හරි අයියෙ. අක්කට කියන්න බයවෙන්න දෙයක් නෑ කියල. "

"හ්ම් හරි බුදුසරණයි අයියෙ"

ටිකකින් පුංචිගෙ අඩි සද්දෙ මං වැතිරිලා හිටපු තැනට ළං වෙනව ඇහුණා. ඊට පස්සෙ එයාගෙ අතක් සනීපෙට මගෙ රිදුම් දෙන ඔලුවෙ නතරවෙද්දි දැනුණෙ සහනයක් මට. ඇස් අරින්න අමාරු උනත් මම හෙමීට ඇස් අරින්න උත්සහ කරා. ඇහිපිහාටු වල බර ගතියක් දැනුණත් මම ටික ටික ඇස් ඇරියා.

"ආන්ටි සිහිය එනව වගේ..මං ඩොක්ටර්ට කතා කරන්නම්"

යාන්තමින් තවත් පිරිමි කටහඬක් අපැහැදිලිව ඇහුණ ඈතට යන ගමන්.

"හරි පුතා.. "

තවත් මොහොතකින් ඒ කෙනා ඈතටම ඇවිදන් යන අඩි සද්දෙ නෑහිලා යද්දි ඇස් ඇරගත්තා මම අමාරුවෙන්.

"මැණික"

පුංචි මගෙ මූණට එබිලා කම්මුලකින් අත තියලා කතා කරා.

"ම්ම්හ්"

කතා කරන්න ඕනෙ උනත් මගෙ මුවින් පිටඋනේ සිහින් කෙඳිරියක් විතරයි. තවත් මොහොතකින් කොණ්ඩෙ තැනින් තැන සුදු වයසක වෛද්‍යවරයෙක් ඇවිත් මගෙ පපුවට වෙදනලාව තියලා පරීක්ෂා කරන්න ගත්තා. පස්සෙ මගෙ ඇස් යටත් පරීක්ෂා කරා.

"දැන්නම් ප්‍රශ්නයක් නෑ. පැය ගාණක් වැස්සෙ තෙමිල නිසා. . ඒ වගේම මෙයා ටිකක් වීක්"

තවත් මොහොතකින් ඩොක්ටර් එක්කම ආපු නර්ස් කෙනෙක් සේලයින් එකටම බේත් එකක් විද්දා දැක්ක. තවත් කවුරු හරි කෙනෙක් ඒ දෙන්නට පිටිපස්සෙන් හිටියා යාන්තමට පෙනුණ.

Mr.අතිපණ්ඩිත Tahanan ng mga kuwento. Tumuklas ngayon