30-II - Final

1.8K 138 20
                                    

#Mr_අතිපණ්ඩිත
   30 කොටස 2 - එක් අවසානයක්!

ඇතුල්වීමේ දොරටුව ළඟම හිටියා රිශ්වි එක්ක පරණ යාලුවො ටිකක්..

"අම්මෝහ් අශූ!"

"කෙල්ල දැක්ක කල්"

"ඕහ් යූව් බිකම් මෝ බියුටිෆුල් ගර්ලි"

උණුසුම් පිළිගැනීමක් එක්කම එතන අපි ටික වෙලාවක් කතා කර කර හිටියා. පස්සෙ ඇතුළට ගියා. රිශ්වි කීව වගේම ඒක ටිකක් වෙනස් ක්ලබ් එකක්. ඕනෙවට වඩා කිසිම දෙයක් තිබ්බෙ නෑ. හරියට නිකන් පාටි එකක් වගේ. පැත්තක සද්දෙන්ම දාල තිබ්බ ඩීජේ එක නිසා ඇහෙන්නෙ නෑ කිසි දෙයක්. අපි ආවෙ කෙළවරේම තිබ්බ ටේබල් එකකට. රෙයාන් එතන ඉඳගෙන කතා කර කරා හිටියා අපිත් එක්කම. රෙයාන්ගෙ යාලුවෙකුත් ආවා. පාසල් කාලේ සිදුවීම්, ආගිය වගතොග එක්කම එයාලගෙ දැන් විස්තර ගැන කතා උනා ගොඩක්. වටකුරු මේසේ මට එහාපැත්තෙ රෙයාන් වාඩි වෙලා හිටියෙ. එයාගෙ ඇස් සැරින් සැරේ මං දිහාවට යොමුවෙනව දැනුණත් මම ඒ ඇස් මගාරින්නත් එක්කම රිශ්වි එක්ක කතා කර කර හිටියා.

එකපාරම රෙයාන් මගෙ අතක් උඩින් එයාගෙ අත තියද්දි මම ගැස්සිලා වගේ බැලුවෙ. ප්‍රශ්නාර්ථ බැල්මක් මූණෙ රඳවන් මම එයා දිහා බැලුවෙ.

"ෆර්ස්ට් ටයිම් නිසා බයවෙලාද ඉන්නෙ ම්ම්?"

මගෙ කණ දිහාවට පාත් වෙලා රෙයාන් ඇහුවෙ මම නෑ කියන්න හිස දෙපසට වනන ගමන් එයාගෙ අතින් මගෙ අත මුදවගෙන. රෙයාන් ලා හිනාවක් දැම්මා. ආයෙම මගෙ ළඟට ළං උනා.

"If you want to go back. Just tell me"
(ඔයාට ආපහු යන්න ඕනෙනම් මට කියන්න හරිද?)

රෙයාන් කියද්දි මම කළේ හිසවනපු එක. අපි දෙන්නගෙම අවධානය බිඳුනෙ රිශ්වි සද්දෙන් කතාකරපු සද්දෙට.

"ඕහ් ගායිස් ලුක් හියර්...ලෙට්ස් ටේක් අ සෙල්ෆී!"

රිශ්වි ෆෝන් එකේ කැම් එක ඔන් කරගෙන ටේබල් එක ගාවින් බැහැලා ඉස්සරහට ගියා.  කට්ටියම සෙල්ෆි ඡායාරූපයට පෙනී ඉඳින්න එක ළඟට ළංවෙනකොට රෙයාන් වැඩිය නොහිතා උනත් මගෙ උරහිසේ තෙරපෙන්නම ළං උනා. දැනුණෙ ලොකු අපහසුවක්.

"ඕකේ ගායිස්...ඉන්ස්ටා අප්ලෝඩඩ්..!"

ඡායාරූප කිහිපයක්ම ගත්තට පස්සෙ රිශ්වි කීවෙ ඇවිත් ආපහු ඉඳගෙන. එතනින් දෙන්නෙක් නැගිටලා ගියේ ඩ්‍රින්ක්ස් ගන්න යනව කියලා. රිශ්විත් රෙයාන්ගෙ යාලුවා එක්ක කතාවට වැටුණා. මම නිකන් කල්පනා කර කර ඉන්නකොට ආයෙම මට හිතේ තියන ප්‍රශ්න එකින් එක මතක් වෙන්න ගත්තා.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now