25

1.1K 109 1
                                    

#Mr_අතිපණ්ඩිත
                     25 කොටස

හෙමීට හඬක් නොනැගෙන්න දෙතොල් වලින් විතරක් මිමිණුනා මගෙ.  එයා දිහා මට බැලුණෙ ඇස් ලොකු කරන්. එකපාරම හොල්මනක් වගේ කාමරේ ඉන්නකොට බයත් හිතුණ මට. මාර වැඩ තමා මේ කෙනාරුත් කරන්නෙ වෙලාවකට.

"මැනර්ස් නැද්ද ගර්ල් කෙනෙක්ගෙ රූම් එකට එන්න කලින් තට්ටු කරල එන්න"

මම අවුල් උන කොණ්ඩ කෑලි පිටිපස්සට කරන ගමන් ඇඳ උඩ වාඩි උනේ කලබලෙන්. අනික මම ඇඳගෙන හිටියෙ බටර් පාට කෙටි ශෝටක් එක්ක හීනි පටි තියන ලා කහ පාට ස්කිනර් එකක්.  කෙනාර් එක්ක ඒ විදියට ඉන්න මට දැනුණෙ ලැජ්ජාවක්.

මම රැව්වත් කෙනාර් මං දිහා බලන් ඉන්නව රවාගෙන. කියන්නෙ නැතුවම කාමරේට ඇවිත් එයාට කොහෙන්ද අයිතියක් රවන්න. ඒක මාර වැඩක්නේ. කේන්තියි ඒ මදිවට ලැජ්ජාවයි දෙකම මට.

කෙනාර් රවාගත්ත බැල්මෙන්ම ඇඳ ළඟට ඇවිත් ඇඳ උඩ ඉඳගත්තා අනවසරයෙන්ම. මම ඇස් ලොකු කරලා එයා දිහා බැලුවෙ. එයා නිකන් හැසිරෙන්නෙ එයා මගෙ කාමරේට අනවසරයෙන්ම ඇවිත් වගේ නම් නෙමෙයි හරියට නිකන් මං එයාගෙ කාමරේට කඩාන බිඳගෙන ඇවිත් වගේ.

මම කෙනාර්ට රවාගෙනම ඇඳ දිගේ කකුල දාල බහින්න යද්දිම කෙනාර් මගෙ අතින් ඇදල ගත්ත පාරට මම ගිහින් හේත්තු උනේ එයාගෙ ඇඟට. හැමවෙලේම මේ කෙනාර් කරන්නෙම හුස්ම නතර වෙන වැඩමයි. මාව ගිහින් හේත්තු උන පාරට මගෙ කම්මුලක් තද උනේ කෙනාර්ගෙ වම් ළයේ.

ගිහින් වැටුණ පාරට තප්පර ගාණක් හුස්මත් හිරකරන් මම එහෙමම ඉන්න ඇති. පියවි සිහියට ආපු ගමන් මම එහෙමම කම්මුල එයාගෙ වම් ළයේ හේත්තු වෙලා තියෙද්දිමයි ලොකු වුණ ඇස් උස්සල බැලුවෙ. ඊළඟ තප්පරේදි මං හැදුවෙ කෙනාර් ගාවින් අයින් වෙන්න. ඒත් එයාගෙ හයිය බාහු එක්ක කොයින්ද ඒකට ඉඩක්.

ඒ තප්පරේට කෙනාර්ගෙ අතක් මගෙ උරහිස වටා ගිහිනුත් ඉවරයි.

        _________________♥️_________________

ඊළඟට එයා මගෙ නිකට දෙපැත්තෙන් ටිකක් තදින් අල්ලල මගෙ මූණ හරවගත්ත උඩට. ඊළඟට නපුරු ඇස් දෙකෙන් බලන් හිටිය තප්පර ගාණක් මගෙ ඇස් දිහා. මම මූණ අහකට ගන්න හැදුවත් එයා ආයෙම රවාගෙන මං දිහා බැලුවෙ මූණ හරවන්න නොදී.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now