12

1.2K 101 0
                                    

#Mr_අතිපණ්ඩිත

         _________♥️12 කොටස♥️_________

මගෙ ඇස් දෙකත් ලොකු උනා කෙනාර් කෑ ගහන් පිටිපස්සට උන පාරට. පුදුමෙන් කෙනාර් දිහා බලද්දියි වෙලා තියන දේ තේරුණේ.

ශොප් එකෙන් එළියට එද්දිම කෙනාර්ගෙ උරහිසට කාක්කෙක් ජරා කරා. වාහනේ පාක් කරල තිබ්බ තැනට ඉඳන් එනටිකට ගාණට කාක්කා උඩ තිබ්බ කරන්ට් වයර් එකක් උඩ ඉඳන් වැඩේ කරා. එවෙලෙනම් කෙනාර්ගෙ මූණ බලන්න ලස්සනයි.

කෙනාර්ගෙ කෑ ගැහිල්ලට බයවුණ පාරට ගැස්සුණාට මට වෙලා තියන දේ තේරුණාම හිනා යන එකනම් නවත්තගන්නම බැරි උනා. පිළිකුල, අප්පිරියාව, කේන්තිය මුසුවුණ අමුතුම මූණක් කෙනාර්ගෙ එවෙලෙ තිබ්බෙ. හොඳ වැඩේ පණ්ඩිතයට කියල හිතුණ මට.

ශර්ට් එකේ අත දිහායින් ඇඟිලි තුඩු වලින් අල්ලන් බෙරි උන මූණෙන් කෙනාර් බලන් ඉන්නවා. පණ්ඩිතකම තිබ්බට කරන්න ඕනෙ දේවත් තේරෙන්නෙ නෑ වගේ. මම ඉක්මනට මගෙ ගාව තිබ්බ ලේන්සුව අරන් කෙනාර් දිහාවට දිගු කරේ යටි තොල හපාගෙනම හිනාව කන්ට්‍රෝල් කරන්. කෙනාර් මගෙ මූණ දිහා පුදුමෙන් වගේ බැලුවෙ මම ලේන්සුව දෙනකොට.

හැබැයි ඒ මූණ වෙනස් උනා තප්පරේට මං හංගන් ඉන්න හිනාව දැක්කම. ඇස් හීනි කරලා කෙනාර් මං දිහා බලන් හිටියේ මගෙ අතේ තිබ්බ ලේන්සුව නොගෙන. ඒ ගමන මට රවනවා පිහදාගන්නෙ නැතුව. ලොකුකමනේ. ලේන්සුව ගන්නෙත් නෑ මම හිනාවුණ  එකට තද වෙලාද කොහෙද.

"ආහ්"

මම ඉක්මනින් හිනාව හංගන් ආයෙම ලේන්සුව එයා දිහාවට දිගු කරත් ඒ මූණෙ අර බැල්මමයි.

"නෑ එපා තියාගන්නව"

මද කේන්තියකින්ම එහෙම කියපු කෙනාර් හැරිල යන්න යනකොටම මම එයාව නැවැත්තුවෙ එයාගෙ ශර්ට් එකේ අතේ කොණකින් අල්ලල. කෙනාර් එහෙමම නැවතිලා ඇස් ලොකු කරන් මං දිහා බලනකොට මම එයාගෙ බැල්මෙන් ඇස් මුදවන් ලේන්සුවෙන් එයාගෙ උරහිස පිහදාන්නගත්තා.

එතකොටම වගේ කෙනාර් මගෙ අතින් ලේන්සුව උදුරල ගත්තා. මම ඇස් හීනි කරගෙන එයා දිහාවට තියුණු බැල්මක් හෙලද්දි කෙනාර් මං දිහා බැලුවෙ සුපුරුදු කේන්තිකාර බැල්මෙන්මයි.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now