03

1.5K 112 0
                                    

#Mr.අතිපණ්ඩිත_03
_________________♥️_________________

"තාම තමුසෙ දැක්කෙ මගෙ පණ්ඩිතකම විතරයි.. අද හිතුවක්කාරකමත් දකියි"

එහෙම කියපු කෙනාර් එකපාරම එයාගෙ අතට මැදිවෙලා තිබ්බ මගෙ අත් දෙක අරන් මට පිටිපස්සෙ තිබ්බ බිත්තියට තියල තද කරේ අනෙක් අත ගිහින් මගෙ බඳේ නතරවෙනකොට. එයා දත් ඇඳි දෙක එකට තද කරන් ඒ නපුරු ඇස් වලින් මාව පුච්චන්න වගේ මගෙ ගෙල දිහාවට පාත් උනේ ඉණේ තිබ්බ එයාගෙ අත තදවෙනව දැනෙද්දි.

__________________♥️__________________

එයාගෙ හුස්ම ඇවිත් මගෙ ගෙලේ ස්පර්ෂ වෙනව දැනෙද්දි පණ නැතිවෙලා ගියා මුළු ඇඟම. බිත්තියට තියල කෙනාර් තදකරන් හිටපු අත් දෙක ගලවගන්න හැදුවත් හොල්ලන්නවත් බෑ මට. බය වුණ හදවතේ හැඟීම් තප්පරේකට යටපත් වෙලා මොළේ උඩට එද්දි එකපාරම ආපු ක්ෂණික සිතුවිල්ලත් එක්කම මම කරේ දණහිස නවලා එයාගෙ යටිබඩට හොඳ පාරක් දුන්න එක.

"හ්ග්ග්..හ්"

එතකොටම එයාගෙ අත් දෙක ලිහිල් උනේ එයා වේදනාවෙන් බඩ අල්ලගෙන ඇස් තද කරල පියාගන්නකොට. එහෙමම එයා ටිකක් නැවිලා දණහිස් දෙක උඩ අත් දෙක තියාගෙන මූණ බිමට හරවන් හිටපු විදියෙන්ම තේරුණා මගෙ පාර සුපිරි ශොට් එකක් කියලා.

ඒත් එළියට යාගන්න විදියක් ඇත්තෙම නෑ. කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා හිටියෙ මම. බිත්තිය මුල්ලටම හේත්තුවෙලා බලන් හිටියෙ කෙනාර් දිහා.

ටිකකින් එයා දණහිස් දෙකෙන් අත් අරන් කෙලින් වෙනකොට මම පපුවට අතකුත් තියන් බලන් හිටියෙ හුස්ම ගන්නෙත් නැතුව. අත් දෙකම ඉණ දෙපැත්තෙන් තියාගෙන කෙනාර් මූණ උඩට හරවලා කට උල් කරලා හුස්මක් පිටකරා. එන්න එන්න එයා නෝමල් වෙනව පෙනෙද්දි මගෙ පපුව ගැහෙන වේගෙ වැඩිවෙනවා.

ඊළඟට ඒ ඇස් මගෙ දිහාවට හැරෙද්දි මාව වෙවුලුවෙ නැති ටික විතරයි. කොච්චර චණ්ඩි පාට් දැම්මත් කොච්චර ස්ට්‍රෝන්ග් උනත් එවෙලෙ එයා ඉස්සරහ මම අසරණයි. මම කරපු දේ නිසා කෙනාර්ට තවත් කේන්ති ගිහින් ඇත්තෙ.

කෙනාර්ගෙ මූණ දිහා ඇස් උස්සල බලන්නත් මට බය හිතුණ එවෙලෙ. මොකද ඒ කේන්තිය තවත් මාව දුර්වල කරනව. මට ඕනෙ උනේ අන්තිම තප්පරේ වෙනකන්ම ෆයිට් කරන්න.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now