13

1.2K 106 0
                                    

#Mr_අතිපණ්ඩිත
  ____♥️13 කොටස♥️___        

මම පර්ස් එක දිගාරිනකොටම මම ගාවට පැනපු කෙනාර් මගෙ ඇඟ වටෙන් අත් දෙකම දාලා පර්ස් එක ගන්න හැදුවේ.

කෙනාර්ගෙ උඩුකයේ තිබ්බ වතුර බිංදු එක්කම ඒ නිරුවත් පපුව මගෙ ස්පර්ෂ වෙනකොට මාව මොහොතකට සීතල වෙලා ගිහින් තප්පරේකට ගල් ගැහෙනකොට.

ඒත් ඒ තප්පරේ මම අමතක කරේ නෑ තප්පරේකටවත් ඒ පර්ස් එක ඇතුළෙ තිබ්බ දේ හරියටම බලාගන්න ඕනෙ කියන එක. ඉතින් මම ටක් ගාලා පර්ස් එක තිබ්බ අත ඉස්සරහට කරේ කෙනාර්ගෙ අතට අහුනොවෙන විදියට.

"අශූ සැරයක් කීවම ඕක දෙනවා"

කෙනාර් එක අතකින් මාව අල්ලන් ඔට්ටුවෙන්නෙ පර්ස් එක ගන්න. ඒත් එයා පර්ස් එක ගන්න උත්සහ කරන්නෙ එක අතකින් නිසා මට පුළුවන් උනා එයාගෙ අතට ඒක අහු නොවෙන විදියට එහාට මෙහාට කර කර ගලවගන්න.

"දෙනව ඕක!!"

කෙනාර් හයියෙන්ම සැර කරත් මම ගණන්වත් ගත්තෙ නෑ. එයත් එක්ක පොරකන ගමන්ම මම ඔට්ටු උනේ තනි අතින් පර්ස් එකේ ඇතුළෙ මම ඡායාවක් වගේ දැක්ක දේ පැහැදිලිව දැකගන්න.

ඒත් ලේසි නෑ. කෙනාර් වමතින් මගෙ උරහිසත් එක්කම මගෙ වමත් බාහුව හිරවෙන විදියට අල්ලන් හිටියෙ. දකුණතින් මගෙ දකුණතේ මැණික් කටුවට ඉහළින් අත් බාහුව අල්ලගෙන.

"සැරයක් කීවම අතාරිනවා ඕක"

හහ්..පර්ස් එක ගන්න බැරිවුණ තැන එයා හදන්නෙ මාව කටින් බයකරගන්න. ඒව කොහෙද මේ අශූ එක්ක.

"බෑහ්"

මුරණ්ඩුම විදියට මම කීවෙ පර්ස් එකත් අරගෙන එයා ගාවින් මෑත් වෙන්න හදන ගමන්.

"මගෙ යකාඅවුස්සගන්නෙ නැතිව ඕක දෙනවා අශූ"

කෙනාර් ඒ පාරනම් කියන්නෙ හොඳටම කේන්ති ගිහින්. සැලුණෙ නෑ මම ඒත්.

"අනෙහ් ඔයාගෙ යකාට මම බය නෑ..අතාරින්න මාව"

මම කීවේ දඟල දඟල.ඒ වෙලේ කෙනාර්ගෙ මූණ ඇති නිකන් ඉදිච්ච නයිමිරිස් කරලක් වගේ. පිටිපස්සෙ නිසා පේන්නෙ නෑ මූණ මට.

මමනම් පර්ස් එක බලලම තමා කෙනාර් ඔයාට මේ පර්ස් එක දෙන්නෙ. ඒත් මේ කෙනාර්ගෙ දඬු අඬු වගේ අත් එක්ක ඔට්ටුවෙන්න හරි අමාරුයි. ඒත් අතහැරියෙ නෑ මාත් ගේම.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now