17

1.2K 104 0
                                    

#Mr_අතිපණ්ඩිත       

         _______♥️17 කොටස♥️_______

මම ඇස් බෝල කරල බලන් හිටියෙ මෙයා මෙච්චර වෙලා පුප්ප පුප්ප හිටපු හේතුව තේරුම් යද්දි. එහෙනම් මම කෝල් එකේ ඉද්දිත් රව රව හිටියෙ ඒකයි.

බැලුවෙ කෙනාර්ගෙ ඒ ඇස් දිහා. ඒ ඇස් වල ඉරිසියාවක්ද තියෙන්නෙ? අඳුරගන්න බෑ මට. කේන්තිය එක්ක මුහු වුණ ඊරිසියාවක් වගේ. ඒත් එයා මොකටද ඊරිසියා කරන්නෙ. එයා මට කැමති නිසාද ඒ. නෑහ්. සමහරවිට එයා අකමැති ඇති මම වෙන කාත් එක්ක හරි කතාකරනවට. කොහොමත් කෙනාර්ගෙ සිතිවිලි ආත්මාර්ථකාමියි කියල හිතුණ මට.

"මං කාත් එක්ක කතා කරත් ඔයාට මොකද? "

මම ඇහුවෙ එයාගෙ අත ගසාදාලා. මම එහෙම කීවෙ එයාගෙ හිතේ තියන දේ තේරුම් ගන්න ඕනෙ නිසාමයි. එයා හදන්නෙ මට කෝල් එකක් ගන්න තියන නිදහසත් නැති කරන්නද කියල දැනගන්න ඕනෙ උනා මට. බහුතර පිරිමි වගේ මාවත් බැන්දම එයා එක සීමාවක් අස්සෙ කොටු කරයිම කියල මගෙ හිත කියනව. ඒ සිතුවිල්ලට ගැලපෙන ඉඟියක් එයාගෙන් ගන්නයි මට ඕනෙ උනේ. ඒත් කෙනාර් නිහඬයි. හිතුව විදියට කේන්තිය වැඩි උනෙත් නෑ මගෙ හිතුවක්කාර වචන ඉස්සරහ.

"ඇයි දැන් මම කාටහරි කෝල් කරන්න කලින් ඔයාගෙන් අහන්න ඕනෙද..තව ටික දවසකින් ඔයා මගෙ"

මම කෙනාර්ගෙ මූණ දිහා බලන් හිතුවක්කාර විදියට කියවන් යද්දි කෙනාර් බලන් ඉන්නව මගෙ මූණ දිහාම. ඒ ඇස් මගෙ මූණ පුරා දුවලා නැවතිලා තිබ්බ තැන දැක්කම මම කියන්න ගිය වචනත් ලොප් උනා. එයාගෙ ඇස් නතරවෙලා තිබ්බෙ මගෙ සෙලවෙන දෙතොල් ගාව. පපුවත් එක්ක නිකන් සීතල වෙලා ගියා වගේ දැනුණෙ.

මම කියවන එක නතරකරාම කෙනාර්ගෙ ගැස්සුණ ඇස් යොමු උනේ මගෙ ඇස් මතට. ඒත් එක්කම මම කෙනාර් දිහාවට හෙළුවෙ කේන්තිය තරවටුව මුසු බැල්මක්. ඊළඟට කෙනාර් කියපු දේ එක්ක මට දැනුණෙ පුදුමයක්.

"මට ප්‍රශ්නයක් නෑ තමුසෙ කාත් එක්ක කතා කරත්"

මම දෙබැම උඩට කරන් එයා දිහා බැලුවෙත් පුදුමෙන්.

"හැබැයි තමුසෙට අඬන්න බෑ"

කෙනාර් මගෙ මූණට ළං වෙලා ඒ වචන ටික දැඩිව කියනකොට මොහොතකට හදගැස්ම වැඩි උනා මගෙ. එයා කොයිවෙලේද දැක්කෙ මම අඬනව? සමහරවිට මම පිටිපස්සට වෙලා කතාකරනකොට දකින්න ඇති.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now