07

1.3K 117 1
                                    

#Mr_අතිපණ්ඩිත 

  ♥️07 කොටස♥️

කෙනාර් මාව එක්කරගෙන ඇවිත් පිටිපස්සෙ සීට් එකෙන් ඉන්දෙව්ව මාව. පුංචිත් අපි පිටිපස්සෙන්ම වගේ ඇවිත් මං ළඟින් වාඩි උනා. පුංචි වාහනේට නගින්න යද්දි කෙනාර් පුංචිගෙ අතේ තිබ්බ බඩු ටික ගද්දි පුදුමත් හිතුණ මට. බුම්මන් ඉද්දි, අනික කියපු කරපු දේවල් එක්ක කෙනාර් ඒ තරම් පොඩි දේවල් ගැන පවා සැලකිලිමත් වෙන කෙනෙක් කියල හිතුවෙම නෑ. පුංචි මං ගාවින් වාඩි උනාට පස්සෙ මම එහෙමම පුංචිගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගත්තෙ ඇස් ඇස් දෙක පියාගෙන. කෙනාර් කාර් එක ස්ටාර්ට් කරල ගනිද්දි පුංචිගෙ ඇඟිලිතුඩු හෙමීට මගෙ ඔලුවෙ එහෙ මෙහෙ ගියේ සනීපෙට.

ටික දුරක් ආවම මම ඇස් ඇරියෙ එකම ඉරියව්වෙන් ඉඳලා බෙල්ල රිදෙන්න ගත්ත නිසා. මම ඇස් අරිද්දිම දැක්කෙ ඉස්සර තිබ්බ කණ්ණාඩියෙන් මං දිහාවට යොමු වෙලා තියන කෙනාර්ගෙ ඇස් දෙක. තප්පරයක් දෙකක් තියෙන්න ඇති අපි දෙන්නගෙ ඇස් ඒ බැල්මෙ පැටලිලා.  මම ඉක්මනට ආයෙම ඇස් දෙක පියාගත්ත හිටපු ඉරියව්ව වෙනස් කරල ටිකක්.

"මැණික නැගිටින්නකො."

හොඳ නින්දක ඉන්නකොට පුංචිගෙ කටහඬ ඇහුණෙ.

"ම්හුම්"

ඇස් අරින්නෙත් නැතුව මම කෙඳිරි ගෑවෙ කම්මැලිකමේ.

"කම්මැලි කෙල්ල කෝ නැගිටින්නකො අපි ඇතුළට ගිහින් නිදාගමු"

පුංචි කියද්දි මම ඇස් දෙක පියාගෙනම පුංචිගෙ ඔඩොක්කුවෙන් ඔලුව අරන් සීට් එකට ඔලුව හේත්තු කරගත්තා. ආයෙම ඔලුව කැක්කුමයි වගේ.

"දෙන්නත් එක්ක එන්නකො මම කාමරේ ලෑස්ති කරන්නම්"

එහෙම කියපු පුංචි කාර් එකෙන් බැහැල යද්දි කෙනාර් අනිත් පැත්තෙන් ඇවිත් දොර ඇරිය ඇහුණා.

"එන්න"

කෙනාර් කතා කරද්දි මම ඇස් දෙක අරින්නෙ නැතුවම එක වමතින් ඇඟිලිතුඩු වලින් නළල තෙරපවගත්තෙ පොඩ්ඩක් පියවි සිහියට එන්න. ඒත් එකපාරම උනේ හීනෙකින්වත් නොහිතපු දෙයක්.

"ක්..කෙ..නා..ර්!!!"

මම බයවෙලා වගේ ඇස් ඇරියෙ කෙනාර් මාව උස්සල ගන්නකොට. මම ඇස් දෙක ලොකු කරන් කෙනාර් දිහා බැලුවෙ වැටෙයි කියල ඉබේම වගේ මගෙ අත් දෙක එයාගෙ බෙල්ල වටේට එතෙනකොට.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now